හොඳින් වැඩුණු ගසක්‌ පරිසර පද්ධතියක්‌ සේ සැලකිය හැකි ය
 

99. හොඳින් වැඩුණු ගසක්‌ පරිසර පද්ධතියක්‌ සේ සැලකිය හැකි ය.


හොඳින් වැඩුණු විශාල ගසක ජෛව හා අජෛව ප්‍රජාවක්‌ පවතියි. ජීව-ජීව හා අජීව අන්තර් සම්බන්ධතා පවතී. ඒ නිසා වැඩුණු විශාල ගසක්‌ පරිසර පද්ධතියක්‌ සේ සැලකිය හැකි ය.


100. විදුලි බල්බයක ඇතුළත පුරවා ඇත්තේ අඩු පීඩනයකින් යුත් නිෂ්ක්‍රිය වායුවකි.


රික්‌තයක්‌ තුළ දී ගිනියම් සූත්‍රිකාවකින් පරමාණු වාෂ්ප වී යයි. ඒ නිසා රික්‌තකයක්‌ව නොතබා වායුවක්‌ දමා තැබීම අවශ්‍ය වේ. වායුව අඩු පීඩනයක පවත්වා ගන්නේ රත් වු විට පීඩනය වැඩි වී පිපිරීම වළක්‌වා ගැනීමට ය. නිෂ්ක්‍රිය වායුවක්‌ ගන්නේ සූත්‍රිකාව සමඟ ප්‍රතික්‍රියා වීම වැළැක්‌වීමට ය. මේ සියලු හේතු නිසා විදුලි බල්බයක ඇතුළත පුරවා ඇත්තේ අඩු පීඩනයකින් යුත් නිෂ්ක්‍රිය වායුවකි.










101. සූර්යයා මුදුන් වී ඇති විටෙක වහලේ ඇති ඕනෑ ම හැඩයක කුඩා සිදුරකින් පොළොවට වැටෙන ආලෝක ලපය වටකුරු හැඩයක්‌ ගනී.

සූර්යයාගේ සිට ආලෝකය එන්නේ සරල රේඛීය මාර්ගයකයි. වහලේ ඇති කුඩා සිදුර මෙහි දී "සිදුරු කැමරාවක සිදුර" ලෙස ක්‍රියා කරයි. ඒ නිසා සූර්යයාගේ ප්‍රතිබිම්බයක්‌ පොළොව මත සෑදේ. ඒ නිසා සූර්යයා මුදුන් වී ඇති විටෙක වහලේ ඕනෑ ම හැඩයක කුඩා සිදුරකින් පොළොවට වැටෙන ආලෝක ලපය වටකුරු හැඩයක්‌ ගනී.


102. ආරෝග්‍ය ශාලාවට ඇතුළු කරන බොහෝ රෝගීන්ට සේලයින් දෙනු ලැබේ.



රෝගී වු විට සමස්‌ථිතිය නොපවතී. එනම් "අභ්‍යන්තර පරිසර නියතතාව" අවුල් වේ. සේලයින් සමස්‌ථිතය රැක ගැනීමට ආධාර වේ. සේලයින් විජලනය මගහරවයි. සේලයින් ඖෂධ හා ආහාර ශරීරගත කිරීමේ ද මාධ්‍යයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017