92. හෘද ස්පන්දනය නතර වූ විට මරණය සිදු වේ
සිරුර නිර්මාණය වී පවතින්නේ අප්‍රමාණ සංඛ්‍යාවක් සෛලවලිනි. මේ හැම සෛලයක ම කෙරෙන ජීව ක්‍රියාවන් නිසිලෙස ඉටුවීම සඳහා අවශ්‍ය දෑ පරිවහනය කෙරෙන්නේත්, එම ජීව ක්‍රියාවලදී සෑදෙන අවශ්‍ය දෑ බැහැර කිරීම සඳහා සෛලවල සිට රැගෙන එන්නේත් රුධිරය ඔස්සේ ය. ශරීරයේ පරිවහන මාධ්‍යය රුධිරයයි. රුධිරය ගැලීම සිදුවන්නේ හෘද ස්පන්දනය හේතුවෙනි. හෘද ස්පන්දනය නැවතුණ විට රුධිරය ගලා යාම නවතියි. එවිට සෛලවලට අවැසි ඔක්සිජන්, ආහාර ආදී ද්‍රව්‍ය පිටකිරීම සඳහා බහිස්ස්‍රාවී ඉන්ද්රියයන් කරා ගෙන ඒමත් නවතී. ධවිට ජීව ෂෛලවල ක්‍රියාකාරිත්වය ඇන හිටියි. එවිට මරණය සිදුවෙයි.
93. සෝඩියම් ගබඩාකර තබන්නේ භුමිතෙල් තුළ ය
සෝඩියම් ඉතාම ප්රතික්රියාකාරි ලෝහයකි. එහි සක්‍රියතාව ඉතා අධිකය. නමුත් භුමිතෙල් සමඟ සෝඩියම් කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැත. ඒ නිසා සෝඩියම් තැන්පත් කර තබන්නේ භුමිතෙල් තුළ ය.
94. ශාක පත්‍රවලින් රාත්‍රී කාලයේ දී ඔක්සිජන් වායුව පිට නොවන්නේ ඇයි?
පැළෑටි පත්‍රවලින් ඔක්සිජන් වායුව පිටකරන්නේ පත්‍රවල සිදුවන ප්‍රභාසංස්ලේෂණය හෙවත් ආහාර සාදාගැනීමේ අතුරුඵලයක් වශයෙනි. මෙම ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සිදුවන්නේ ආලෝකය ඇතිවිට පමණී. එනම් දිවා කාලයේ දී පමණයි. රාත්‍රී කාලයට සූර්යයාලෝකය නැති නිසා ප්‍රභාසංස්ලේෂණය සිදුනොවන නිසා රාත්‍රී කාලයේදී ඔක්සිජන් වායුව පිට වන්නේත් නැත.