පල්මානික්‌කම් රත් කිරීමේ දී සුදු පාට වේ
 

88. තණ බිස්‌සක්‌ ලෑල්ලකින් වසා තැබූ විට ඒවායේ කොළ පාට නැතිව කහ පාට වේ


ආලෝකය නොලැබෙන විට ශාක පත්‍ර තුළ හරිතප්‍රද නමැති කොළ පැහැති වර්නකය සෑදෙන්නේ නැත. ඒ නිසා කොළ පාට නැතිවී යයි. කහ පාට වන්නේ හරිතප්‍රද වෙනුවට ඉටිඹලින් නමැති සංයෝගයක්‌ සෑදීම කරණකොටගෙන ය.


89. “අප කරන හැම කාර්යයක දී ම අප වැයකරන්නේ සූර්යයාගෙන් ලබාගත් ශක්‌තියයි”



කාර්යය කිරීමට ශක්‌තිය අවශ්‍ය ය. එම ශක්‌තිය අප ලබාගන්නේ ආහාර මගිනි. අප ගන්නා ආහාර සාදන්නේ හරිත ශාක මඟින් වන අතර, එම කාර්යයේ දී සූර්යය ශක්‌තිය හරිත ශාක පත්‍ර මගින් අවශෝෂණය කරගෙන ආහාර තුළ රසායනික ශක්‌තිය බවට පරිවර්තනය කෙරේ. කාර්යය කිරීමේදී ආහාර, සෛල තුළදී ඔක්‌සිකරණයට භාජන වන අතර එහි දී නිදහස්‌ වන්නේ එම ශක්‌තිය යි.

90. පල්මානික්‌කම් රත් කිරීමේ දී සුදු පාට වේ


නිල් පාට පල්මානික්‌කම් යනු සජල කොපර් සල්ෆේට්‌ ය. එහි ස්‌ඵටික ජලය ඇත. රත් කරන විට මේ ස්‌ඵටික ජලය වාෂ්ප වී යයි. ස්‌ඵටික ජලය වාෂ්ප වී ගිය විට සෑදෙන නිර්ජලීය පල්මානික්‌කම් කුඩු සුදු පාට ය.


91. මස්‌ උයන විට එයට පැපොල් කැබලි එකතු කරනු ලැබේ


මස්‌වල අඩංගු ප්‍රධාන ආහාර ද්‍රව්‍යය, ප්‍රෝටීන් ය. ප්‍රෝපීන ජීර්ණ කරන එන්සයිමයක්‌ වන පෙප්සින්, පැපොල්වල අඩංගුය. මස්‌ උයන විට යඑට පැපොල් කැබලි එකතු කළ විට මස්‌වල ජීර්ණයක්‌ සිදුවන නිසා හොදින් මොලොක්‌ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017