යමක්‌ වාතයේ දී ට වඩා හොඳින් තනිකර ඔක්‌සිජන් වායුව තුළ දැවේ
 

84. යමක්‌ වාතයේ දී ට වඩා හොඳින් තනිකර ඔක්‌සිජන් වායුව තුළ දැවේ


යමක්‌ දැවීමේ දී සිදුවන්නේ එම ද්‍රව්‍යය වාතයේ අඩංගු ඔක්‌සිජන් වායුව හා ප්‍රතික්‍රියා කිරීමයි. වාතයේ ඔක්‌සිජන් අඩංගු වන්නේ පරිමාව අනුව සියයට 20.9 කි. වාතයේ යමක්‌ දැවෙන විට වැය වන්නේ වාතයේ අඩංගු මෙම වායුවයි. තනිකර ඔක්‌සිජන් ගත් විට එහි ඇත්තේ සියයට සියයක්‌ ම ඔක්‌සිජන් ය. ඒ නිසා තනිකර ඔක්‌සිජන් තුළ වඩා ශීඝ්‍රයෙන් දැවෙයි.


85. තෝරුන්, මෝරුන් වැනි මාළුවන්ට වඩා හාල්මැස්‌සන් වැනි කුඩා මාළුන් ඇතැම් අංශවලින් ගුණදායකය


විශාල මාළුන් ආහාරයට ගන්නා විට ඔවුන්ගේ අස්‌ථි අනුභව නොකෙරේ. නමුත් හාල්මැස්‌සන් වැනි කුඩා මාළුන් අනුභව කරන විට ඔවුන්ගේ ඔවුන්ගේ ඇටසැකිල්ල ද අනුභව කෙරේ. ඇටසැකිලි වල අඩංගු පොස්‌පේට්‌, ආහාරයේ අඩංගු විය යුතු වැදගත් ම සංයෝගයකි. ඒ නිසා හාල්මැස්‌සන් වැනි කුඩා මාළු ගුණදායක ය.


86. පොල්තෙල් හා ජලය එකට සොලවා තැබූ විට ජලය මත පොල්තෙල් පාවීමට පටන් ගනී


පොල්තෙල් හා ජලය මිශ්‍ර ද්‍රව දෙකක්‌ නොව අමිශ්‍ර ද්‍රව දෙකකි. අමිශ්‍ර ද්‍රව දෙකක්‌ එකට ඇතිවිට, ඝනත්වය අඩු ද්‍රවය, ඉහළින් පවතින අතර, ඝනත්වය වැඩි ද්‍රවය පහළින් පවතියි. ජලයේ ඝනත්වයට වඩා පොල්තෙල්වල ඝනත්වය අඩු ය. ඒ නිසා පොල්තෙල් හා ජලය එකට මිශ්‍ර කළ විට පොල්තෙල් ජලය මත පාවේ.


 

 

 

 

 

 

 

 

 

87. බියපත් වූ විට වෙවුලයි

බියපත් වූ වේලාවන්හි ශරීරයෙන් බොහෝ තාපය පිට වී යයි. වෙවුලීමෙන් සිදුවන්නේ අමතර තාපය නිපදවීමයි. ශරීර උෂ්ණත්වය නියත ව තබා ගැනීම ටඑම තාපය උදව් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017