80. පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයක් තුළින් ක්ලෝරීන් වායුව යැවූ විට දම් පාට වායුවක් නිදහස් වේ
අයඩීන්වලට වඩා ක්ලෝරින් ක්‍රියාකාරි ය. එබැවින් KI ද්‍රාවණයක් තුළින් ක්ලෝරින් වායුව යැවූ විට ක්ලෝරින් මඟින් KI ද්‍රාවණයෙන් I2 වායුව නිදහස් කෙරේ. දම් පැහැය එම I2 වායුව නිසා ය.
81. අධික ව දහදිය දැමීම, වමනය හා පාචනය ඇතිවිට මූත්‍ර පිටවීම අඩු ය
අධික ලෙස දහදිය දැමීම, වමනය හා පාචනය නිසා සිරුරින් විශාල ලෙස ජලය ඉවත්වීම සිදු වේ. එබැවින් ජල තුල්‍යතාව පවත්වා ගැනීමට මූත්‍ර මඟින් පිටවන ජලය ප්‍රමාණය අඩුවන බැවින්, මූත්‍ර පිටවීම අඩු වේ.
82. පොල්තෙල් පහනක දැල්ල, ස්ප්‍රිතු ලාම්පුවක දැල්ලට වඩා දීප්ත බවින් වැඩිය
පොල්තෙල්වල අඩංගු කාබන් ප්‍රතිශතය වැඩි ය. ස්ප්‍රීතුවල තිබෙන්නේ මද්‍යසාර වන අතර එහි කාබන් ප්‍රතිශතය අඩු ය. ස්ප්‍රීතු පූර්ණ දහනයට භාජන වේ. පොල්තෙල්වල කාබන් ප්‍රතිශතය වැඩි නිසා, දැල්ලේ නොදැවුණු කාබන් අංශු වැඩියෙන් ඉතිරි වී පවතින නිසා එම දැල්ල දීප්තිමත් වේ.
83. වාතයට විවෘතව තැබූ විට රා ඇඹුල් වෙයි
රා වාතයට විවෘතව තැබූ විට රා වල අඩංගු එතිල් මද්‍යසාරය, ඇසිටික් අම්ලය බවට පත්වේ. ඇඹුල් රසයට හේතුව එම අම්ලය සෑදීම වේ.