නටන ජලයෙන් පිලිස්‌සීමට වඩා හුමාලයෙන් පිලිස්‌සීම භයානක ය
 

77. පාන් කැබැල්ලක්‌ හෝ බත් ටිකක්‌, බොහෝ වේලා සපන විට පැණි රසක්‌ දැනේ



පාන් හා බත් වල අඩංගු වන්නේ පිෂ්ටයයි. බොහෝ වේලා සැපීමේදී ඛේඨයේ අඩංගු ටයලීන් එන්සයිමය මඟින් පිෂ්ටය මෝල්ටෝස්‌ සීනි බවට ජීර්ණය වේ. පැණි රසයට හේතුව එම සීනි ය.

78. පොටෑසියම් පෙරි සයනයිඩ් බිංදු කිහිපයක්‌ දැමූ තනුක සල්පියුරික්‌ අම්ලය තුළ යකඩ කැබැල්ලක්‌ හා තඹ කැබැල්ලක්‌ බහා ඒ දෙස බාහිරව කම්බියකින් සම්බන්ධ කළ විට යකඩ කැබැල්ල අසල ද්‍රාවණය නිල් පාට වේ.


මෙහි කියැවෙන විඛාදක මාධ්‍යය තුළ බහා තිබෙන යකඩ හා තඹ අතුරින් ක්‍රියාකාරිත්වයෙන් වැඩි ලෝහය යකඩ ය. ඒ නිසා යකඩ විඛාදනය වෙයි. යකඩ විඛාදනයේ දී සිදුවන්නේ එහි පරමාණුවලින් ඉලෙක්‌ට්‍රොන ඉවත්ව අයන සෑදීමයි. පෙරස්‌ අයන සෑදෙන මෙම අයන, යකඩ කැබැල්ල අවට ද්‍රාවණයේ තිබෙන පොටෑසියම් පෙරී සයනයිඩ් මඟින් නිල් පාටට හරවන බැවින් යකඩ කැබැල්ල වටා ද්‍රාවණය නිල් පාට වේ.


79. නටන ජලයෙන් පිලිස්‌සීමට වඩා හුමාලයෙන් පිලිස්‌සීම භයානක ය


නටන ජලය යනු 1000 ඡ පවතින ජලයයි. හුමාලය 1000 ඡ හෝ ඊට ඉහළ උණුසුමක හෝ තිබිය හැක. තව ද නටන ජලය හුමාලය බවට පත් වීමේ දී විශාල තාප ශක්‌ති ප්‍රමාණයක්‌ අවශෝෂණය කරගන්නා බැවින්, නටන ජලයේ අඩංගු තාප ශක්‌ති ප්‍රමාණයට වඩා හුමාලයේ අඩංගු තාප ප්‍රමාණය බොහෝ සෙයින් වැඩිය. හුමාලය යම් තැනක ගැටුණු විට විශාල තාපයක්‌ මුදාහරිමින් ජලය බවට හැරේ. ඒ නිසා නටන ජලයෙන් පිළිස්‌සීමට වඩා හුමාලයෙන් පිළිස්‌සීම භයානක ය.

(c) Shilpa Sayura Foundation 2006-2017