තඹ භාජනවල ලොඛ පාට පැල්ලම් ඇතිවේ.
 

74. තඹ භාජනවල ලොඛ පාට පැල්ලම් ඇතිවේ


තඹ භාජන වශයෙන් තැබූ විට සෑදෙන තඹ මල යනු සජල කොපර් ඔක්‌සයිඩ් ය. ඒවා වාතයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් වායුව හා ප්‍රතික්‍රියා වීම නිසා කොළපාට චඋචඔ, සෑදේ.


75. මෝටර් රථයක්‌ ජැක්‌කුවකින් ඔසවන විට බොහෝ විට ජැක්‌කුව යට ලෑල්ලක්‌ තබයි


මෝටර් රථයක්‌ ජැක්‌කුවකින් කෙළින් ම එසැවීම කළොත්, පොලොව හා ගැටෙන ජැක්‌කුවේ වර්ගඵලය අඩු බැවින් වාහනයේ බර කුඩා වර්ගඵලයක්‌ මත ක්‍රියාකාරි වීමෙන් හටගන්නා පීඩනය වැඩි බැවින් බුරුල් පොළවේ එරීමට ඉඩ තිබෙයි. එහෙත් ජැක්‌කුව යටින් ලෑල්ලක්‌ තැබූවිට පොළව හා ගැටෙන ලෑල්ලේ වර්ගඵලය වැඩි බැවින්, වාහනයේ බර වැඩි වර්ගඵලයක්‌ මත ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස හටගන්නා පීඩනය අඩු වේ. ඒ නිසා පොළවේ එරීම සිදු නොවේ.


76. සෝඩියම් ක්‌ලෝරයිඩ් ද්‍රාවණයක්‌ ලිට්‌මස්‌ කෙරේ උදාසීනය. නමුත් බොහෝ වේලා එම ද්‍රාවණය තුළින් සරල විද්යුත් ධාරාවක්‌ යැවීමෙන් පසු එම ද්‍රාවණය මඟින් රතු ලිට්‌මස්‌ නිල් පැහැ ගනී


සෝඩියම් ක්‌ලෝරයිඩ් ද්‍රාවණයක්‌ තුළින් විදුලිය යැවීමේ දී සිදුවන ප්‍රතික්‍රියා නිසා භාස්‌මික ද්‍රව්‍යයක්‌ වන NaOH සෑදේ. රතු ලිට්‌මස්‌ නිල් පැහැ වන්නේ මෙම NaOH නිසාය.

(c) Shilpa Sayura Foundation 2006-2017