ලුණු කැටවලට වඩා ලුණු කුඩු ඉක්‌මනින් ජලයේ දියවේ
 

71. ලුණු කැටවලට වඩා ලුණු කුඩු ඉක්‌මනින් ජලයේ දියවේ


ලුණු කෑටවලට වඩා ලුණු කුඩු වශයෙන් පවතින විට ජලය සමඟ ගැටෙන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි ය. ඒ නිසා ලුණු කැට වශයෙන් පවතිනවාට වඩා, කුඩු වශයෙන් පවතින විට, ලුණු දියවීමේ වේගය වැඩි ය.


72. හුණුගල් කැබලි තනුක සල්පියුරික්‌ අම්ලයට දැමූවිට ප්‍රතික්‍රියා වීම ටික වේලාවකින් නවතී.  හයිඩ්‍රොක්සයිඩ් අම්ලය තුළ එසේ නොවේ


හුණුගල්වල අඩංගු රසායනික සංයෝගය කැල්සියම් කාබනේට්‌ ය. ඒ නිසා හුණුගල් කැබැලි තනුක එච්2 එස්‌ඕ4 ට දැමූ විට, ඒවා ප්‍රතික්‍රියා වී කැල්සියම් සල්පේට්‌ අවක්‌ෂේපය සෑදේ. එම අවක්‌ෂේපය කැල්සියම් කාබනේට්‌ කැබලි වටා බැදෙන බැවින්, ප්‍රතික්‍රියාව ටික වේලාවකින් නවතී. ඛැල්සියම් කාබනේට්‌, තනුක හයිඩ්‍රොක්සයිඩ් අම්ලය හා ප්‍රතික්‍රියා කළ විට සෑදෙන කැල්සියම් ක්‌ලෝරයිඩ් අවක්‌ෂේපයක්‌ නොවේ. ඒවා ජලයේ දිය වී පවතී. එබැවින් ප්‍රතික්‍රියාව දිගටම, සිදුවේ.


73. බිත්තියක ගෑ හුණුවල සුදු පැහැය මතු වන්නේ දින කිහිපයකට පසුව ය


හුණු යනු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ය. බිත්තියක හුණු ආලේපය කළ විට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වාතයේ තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් වායුව සමඟ ප්‍රිතික්‍රියා වී කැල්සියම් කාබනේට්‌ නමැති සුදු පාට අවක්‌ෂේපය සාදයි. සුදු පැහැයට හේතුව එම කැල්සියම් කාබනේට්‌ සෑදීමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017