66. අලුයම කාලයේ දී පිනි බිදු සෑදේ
අලුයම් කාලයේදී වාතයේ උෂ්ණත්වය බොහෝ විට අඩු ය. ඒ නිසා වාතයේ තිබෙන ජල වාෂ්ප කොටසක් ඝනීභවනය වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස පිනි බිදු සෑදේ.
67. ලෝහයක් වශයෙන් පොටෑසියම්, සෝඩියම් වලට වඩා ක්‍රියාකාරී ය
සෝඩියම්වල ඉලෙක්‌ට්‍රෝන වින්‍යාසය 2,8,1 වේ. පොටෑසියම්වල ඉලෙක්‌ට්‍රෝන වින්‍යාසය 2,8,8,1 වේ. එබැවින් සෝඩියම්වලට වඩා පොටෑසියම්වල පරමාණුක අරය වැඩි ය. පරමාණුවක අරය වැඩිවත් ම ලෝහයක පරමාණුවල අවසාන ශක්‌ති මට්‌ටමෙන් ඉලෙක්‌ට්‍රෝන ඉවත්වීම පහසු බැවින් ලෝහයක් වශයෙන් ක්‍රියාකාරිත්වය වැඩි ය.
69. ඔප දැමූ ගෙබිමක ඇවිදීම අපහසු ය
ඔප දැමූ ගෙබිමක ඝර්ෂණය අඩු ය. ඒ නිසා ලිස්‌සා යාමට දක්‌වන පෙළඹුම වැඩි ය. එබැවින් එවැනි බිමක ඇවිදීම අපහසු ය.
70. මෝටර් රථවල රෝදවල කට්‌ටා තිබීම අවශ්‍ය ය
රෝදවල කට්‌ටා තිබුණු තරමට ඝර්ෂණය වැඩි ය. ඒ නිසා මෝටර් රථය ලිස්‌සා යාම අඩු බැවින් කට්‌ටා තිබීම අවශ්‍ය වේ.