ශීත රටවල අය ශිත කාලයේදී ලෝමවලින් හා කෘත්‍රීම කෙඳිවලින් ගෙතු ඇදුම් අඳිති
 

63. පොටෑසියම් නයිට්‍රේට්‌ ද්‍රාවණයකින් පොඟවා වේළා ගත් නූලක්‌, සාමාන්‍ය නූලකට වඩා වැඩි වේගයකින් දැවේ


පොටෑසියම් නයිට්‍රේට්‌ ද්‍රාවණයෙන් පොඟවා ගත් නූලක්‌ දැවීමේ දී එහි දැවීම සඳහා වුවමනා ඔක්‌සිජන්, වාතයෙන් ද, පොටෑසියම් නයිට්‍රේට්‌ වියෝජනයෙන් ද ලැබේ. ඒ නිසා එහි දැවීමට ඔක්‌සිජන්වැඩි ප්‍රමාණයක්‌ තිබෙන බැවින් එය වඩා ඉක්‌මනින් දැවේ. එහෙත් සාමාන්‍ය නූලක්‌ දැවීමට වුවමනා ඔක්‌සිජන් ලැබෙන්නේ වාතයෙන් පමණක්‌ බැවින් එහි දහනය සෙමින් සිදුවේ.


64. ශීත රටවල අය ශිත කාලයේදී ලෝමවලින් හා කෘත්‍රීම කෙඳිවලින් ගෙතු ඇදුම් අඳිති


ලෝම රෙදි හා කෘත්‍රීම කෙඳිවලින් ගෙතු ඇදුම් තාප පරිචාරක ද්‍රව්‍යයන් වෙයි. ඒ නිසා එවැනි ඇදුම් ඇන්ද විට සිරුරින් තාපය ඉවත්වීම අඩු බැවින්, ශිත කාලයේ දී සිරුර තුළ උණුසුම නියත ව පවත්වා ගැනීමට එය ආධාරකයක්‌ වන්නේය.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

65. පොල් ගෙඩියක්‌ තුළ ඇති පොල්වතුර, වාතයට විවෘතව තැබූ විට මද්‍යසාර බවට පත්වේ

පොල් වතුර යනු සීනි ද්‍රාවණයකි. ඒවා වාතයට නිරාවරණව තැබූවිට වාතයෙන් සීනි ද්‍රාවණයට ඇතුළු වන නිර්වායු බැක්‌ටීරියාවල ක්‍රියාකාරිත්වයෙන් සීනි ද්‍රවණය පැසීමේ ක්‍රියාවලියට භාජනය වී එතිල් මද්‍යසාර සෑදේ.

(c) Shilpa Sayura Foundation 2006-2017