ආවරිත ගරාජයක්‌ තුළ මෝටර් රථයක්‌ පණ ගැන්වීම නුසුදුසුය
 

59. කැලයක වැඩියෙන් ම කුසගින්නේ සිටීමට සිදුවන්නේ ගෝනුන්, මුවන්, හාවුන් වැනි සතුනට නොව කැලයට රජාවන කොටියාට ය


සාවුන්, මුවන්, ගෝනුන් වැනි සතුන් ශාක භක්‌ෂකයින් ය. උන් ආහාරයට ගන්නේ ශාක කොටස්‌ ය. වනාන්තරයක අවශ්‍ය පමණට ශාක පවතින බැවින් උන්ට ආහාර හිඟයක්‌ ඇති නොවේ. එහෙත් කොටියා මාංශ භක්‌ෂකයෙකි. එබැවින් කොටියාට කුසගිනි නිවා ගැනීම සඳහා වෙනත් සත්වයකු මරා ගැනීමට සිදුවන අතර, එතෙක්‌ බඩගින්නේ සිටීමට සිදුවේ.


 

 

 

 

 

 

 

 

60. හුණු දියර තුළට කාබන්ඩයොක්‌සයිඩ් වායුව යැවූ විට කිරි පැහැ වන අතර, වැඩිපුර
කාබන්ඩයොක්‌සයිඩ් යැවූ විට අවර්ණ ද්‍රාවණයක්‌ සෑදේ

හුණු දියර යනු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකි. ධබැවින් හුණු දියර තුළින් කාබන්ඩයොක්‌සයිඩ් වායුව යැවූ විට, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හා කාබන්ඩයොක්‌සයිඩ් එකිනෙක ප්‍රතික්‍රියා වීමෙන් කැල්සියම් කාබනේට්‌ නමැති කිරිපාට අවක්‌ෂේපය සෑදේ. ඒ නිසා කිරි පැහැවේ.
වැඩිපුර කාබන්ඩයොක්‌සයිඩ් වායුව යැවූ විට, සෑදෙන කැල්සියම් කාබනේට්‌, ජලය හා කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රිතක්‍රියා වීමෙන් අවර්ණ ද්‍රාවණයක්‌ වන කැල්සියම් බයිකාබනේට්‌ සෑදෙයි. මේ නිසා ද්‍රාවණය අවර්ණ වෙයි.


62. ආවරිත ගරාජයක්‌ තුළ මෝටර් රථයක්‌ පණ ගැන්වීම නුසුදුසුය


ආවරිත ගරාජයක්‌ තුළ මෝටර් රථයක්‌ පණ ගැන්වීමේ දී එන්ජිම තුළ ඉන්ධන අහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් නොලැබෙන බැවින් ඉන්ධන අර්ධ දහනයට භාජනය වේ. එවිට සෑදෙන කාබන්මොනොක්‌සයිඩ් වායුව විෂ සහිත වායුවක්‌ නිසා ත්, ආවරිත ගරාජයක්‌ බැවින් පිටතින් වාතය ඇතුළුවීමක්‌ හෝ ඉන්ධන දහනයේ දී සෑදෙන කාබන්මොනොක්‌සයිඩ් වායුව පිටව යාමක්‌ හො සිදුනොවන බැවින් එහි සිටින අයට ඒවා ආශ්වාස වීම හානිකරය.

(c) Shilpa Sayura Foundation 2006-2017