56. වැස්‌ස සහිත වේලාවක අව්ව වැටුණොත් දේදුන්නක් සෑදෙයි
දේදුන්නක් ඇතිවීමට කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතුය. වාතයේ ජල බිඳිති තිබීම, හිරු පායා තිබීම හා නිරීක්‌ෂකයා හිරුට පිටුපා සිටීම එම කරුණු වෙයි. එබැවින් වැස්‌ස සහිත වේලාවක අව්ව වැටුණොත් වාතයේ තිබෙන ජල බිංදු තුළින් සූර්යය ආලෝක කිරණ වර්තනය වීමේ ප්‍රතිඵලය ලෙස දේදුන්නක් ඇතිවේ.
57. ගිනිගොඩකට ඉහළින් තිබෙන ගසක අත්තක කොළ සෙලවෙයි
ගිනිගොඩකින් පිටවන තාපය නිසා අවට වාතය රත් වී ඉහළට ගමන් කරයි. එම වාතය ගසේ කොළවල ගැටුණු විටා ඒවා සෙලවේ.
58. ලොකු දර කැබලිවලට වඩා එය සිහින් පතුරුවලට පැළුණු විට ඉක්‌මනින් දැවේ
ලොකු දර කැබැල්ලකට වඩා එය සිහින් පතුරුවලට පැළුණු විට වාතය (ඔක්‌සිජන් වායුව) හා ගැටෙන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වේ. ඒ නිසා දහන වේගය වැඩි වේ.