ස්‌ප්‍රිතු ටිකක්‌ අත්ලට හලා ගත් විට සිසිලක්‌ දැනේ
 

53. ජලය තුළ යමක්‌ ඔසවාගෙන සිටින විට බර අඩු බවක්‌ දැනේ


ජලය තුළදී යමක්‌ ඔසවාගෙන සිටිනවිට එම වස්‌තුව මත, ජලය මඟින්, උඩුකුරු තෙරපුම් බලයක්‌ ක්‍රියාකාරී වේ. මේ නිසා ජලය තුළදී වස්‌තුව ඔසවාගෙන සිටීම ටඅප යෙදිය යුතු බලය අඩු වේ. ඒ නිසා ජලය තුළ යමක්‌ ඔසවාගෙන සිටින විට බර අඩු බවක්‌ දැනේ.


54. ස්‌ප්‍රිතු ටිකක්‌ අත්ලට හලා ගත් විට සිසිලක්‌ දැනේ


ස්‌ප්‍රීතු වාෂ්පශීලි දියරයකි. ස්‌ප්‍රීතු අත්ලට හැලූ විට වාෂ්ප වීමට වුවමනා තාපය ලබාගන්නේ අත්ලෙනි. ස්‌ප්‍රීතු වාෂ්ප වීමට අත්ලෙන් තාපය ඉවත්වන බැවින් අත්ලට සිසිලක්‌ දැනේ.


55. බර පාර්සලයක්‌ සවිමත් සිහින් නූලකින් එල්ලාගෙන සිටිනවාට වඩා මහත ලණුවකින් එල්ලාගෙන සිටීම පහසුය


සවිමත් සිහින් නූලෙහි හරස්‌කඩ වර්ගඵලයට වඩා ලොකු ලණුවෙහි හරස්‌කඩ වර්ගඵලය වැඩි ය. එබැවින් පාර්සලය මඟින් ඇතිකරන බලය, සිහින් නූලෙන් එල්ලාගෙන සිටින විට යෙදෙන පීඩනයට වඩා ලණුවෙන් එල්ලාගෙන සිටින විට යෙදෙන පීඩනය අඩුය. ඒ නිසා සිහින් නූලෙන් එල්ලාගෙන සිටිනවාට වඩා මහත ලණුවෙන් එල්ලාගෙන සිටීම පහසුය.

(c) Shilpa Sayura Foundation 2006-2017