50. බ්ට් කැබලි ඇල් ජලය තුළ දැමූ විට ජලය රතු පාට නොවේ. නමුත් ජලය තුළ බීට් කැබලි තම්බන විට රතු පාට වේ
ශාක සෛලවල සෛල බිත්තිය පාරගම්‍ය නමුත් ඊට ඇතුළතින් ඇති ප්ලාස්ම පටලය අර්ධ පාරගම්‍ය වේ. බ්ට් පෙති ඇල් ජලය තුළ දමා තැබුවාට, ප්ලාස්ම පටලයේ අර්ධ පාරගම්‍ය භාවය නිසා රතු වර්නකය වන ඇන්තෝසයනින් වලට සෛලවලින් පිටතට යා නොහැක. නමුත් තැම්බූ විට ප්ලාස්ම පටලය අජීවි වේ. පාරගම්‍ය වේ. එවිට රතු වර්ණකය වන ඇන්තොසයනින් සෛලවලින් ඉවතට විසරණය වේ. ඒ නිසා එම ජලය රතු පාට වේ.
51. ඇලුමීනියම් සාස්පාන්, කේතල, ඉස්තිරික්ක වැනි භාණ්ඩවල අල්ල තනා ඇත්තේ ලී හෝ ප්ලාස්ටික් වලිනි
සාස්පාන්, කේතල, ඉස්තිරික්ක වැනි භාණ්ඩවලින් කාර්යය කරගැනීමේ දී, ඒවා රත්කිරීමට සිදුවේ. එවිට ඒවායේ අතින් අල්ලන අල්ලුව ද ලෝහ කොටස්වලින් නිමවා තිබුණොත් ලෝහ තාප සන්නායක ද්‍රව්‍ය බැවින් ඒවා අතින් ඇල්ලීම කළ නොහැක. එහෙත් ලී හෝ ප්ලාස්ටික් තාප පරිචාරක ද්‍රව්‍ය බැවින් එවැනි ද්‍රව්‍යයකින් අල්ලුව නිමවා තිබෙනවිට රත්වීම ඉතා අඩු බැවින් ඒවා අතින් ඇල්ලිය හැකිය.
52. මොට පිහියකට වඩා තියුණු පිහියකින් කැපීම පහසුය
මොට පිහියක කැපෙන පෘෂ්ඨයේ මතුපිට වර්ගඵලය වැඩිය. ඒ නිසා යමක් කැපීමේ දී යොදන බලයෙන් හටගන්නා පීඩනය අඩුය. එහෙත් තියුණු පිහයක තලයේ පෘෂ්ඨයේ වර්ගඵලය අඩු බැවින් ඒ මත යොදන බලයෙන් හටගන්නා පීඩනය වැඩි ය. ඒ නිසා මොට පිහියකට වඩා තියුණු පිහියකින් කැපීම පහසුය.