47. බිත්තර කටුවකට විනාකිරි දැමූ විට වායු බුබුළු පිට වේ
බිත්තර කටුවල කැල්සියම් කාබනේට් අඩංගු ය. විනාකිරිවල ඇසිටික් අම්ලය අඩංගුය. මේ නිසා බිත්තර කටුවලට විනාකිරි දැමූ විට, බිත්තර කටුවල අඩංගු "කැල්සියම් කාබනේට්" විනාකිරි වල අඩංගු "ඇසිටික් අම්ලය" හා ප්‍රතික්‍රියා වීමෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව සෑදේ. මෙසේ සෑදෙන කාබන්ඩයොක්සයිඩ් වායුව, බුබුළු වශයෙන් පිට වේ.
48. වර්ෂාපතනය අඩු වී විට විදුලි බලාගාරවල විදුලිය නිපදවීම අඩු වේ
වර්ෂාපතනය අඩු වූ විට විදුලි බලාගාරවල විදුලිය නිපදවීමට ජලය ලබාගන්නා ජලාශවල ජල මඨ්ටම පහ: බසී. ඒ නිසා එම ජලාශවලින් ජලය යැවෙන පීඩනය අඩුවන බැවින්, බලාගාර වෙත යැවෙන ජලයේ චාලක ශක්තිය ද අඩුවේ. එබැවින් විද්&{ත්ජනක යන්ත්‍ර ක්‍රියාකිරීම අඩු වේ.
49. සමහර ප්‍රදේශවල ජලය රත්කරන කේතලවල අඩියේ සුදු පාට දැඩි ද්‍රව්‍යයක් දක්නට ලැබේ
එම ප්‍රදේශවල ජලයේ "කැල්සියම් බයිකාබනේට්" දියවී තිබීම මීට හේතුව වේ. එම ජලය රත් කරන විට, මේ සංයෝගය වියෝජනය වී අද්‍රාව්‍ය "කැල්සියම් කාබනේට්, ජලය හා කාබන්ඩයොක්සයිඩ් වායුව" සෑදේ. කේතලවල අඩියේ බැදෙබ මෙම සුදු පාට ද්‍රව්‍යය "කැල්සියම් කාබනේට්" වේ. ඒවා ජලයේ අද්‍රාව්‍ය නිසා අවක්ෂේප වේ.