උඩරට නැටුම් ශිල්පියා කිනම් හෝ නර්තනයක් ඉදිරිපත් කිරීමට ප්රථමව හා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නමස්කාර සරඹය ඉදිරිපත් කරයි. මෙකී නමස්කාර සරඹයෙන් කෙරෙන්නෙ නර්තනය සඳහා අවසර ගැනීමයි. මෙහිදී පාර්ශව හතරකින් අවසර ගැනීම සිදු කරයි.
* දොහොත් මුදුන් දී වැදීමෙන් බුදු පසේ බුදු මහරහතන් වහංසේලාගෙන්ද,
* නාසයට කෙලින් වැදීමෙන් දෙවි දේවතාවුන් වහංසේලා ගෙන්ද,
* පපුව කෙලින් වැදීමෙන් ගුරු දෙගුරුන්ටත්
* වැදගෙන නැගිටීමෙන් සභාවේ සිටින සැමගෙන් අවසර ගනු ලැබේ.
නියම නර්තන ශිල්පියා වනාහී මහත් භක්තියෙන් හා ගෞරවයෙන් නමස්කාර සරඹය කරනු ලබයි.
නමස්කාර සරඹය
තෙයියත් තෙයියත් තෙයියත් තාම්
තෙයියත් තෙයියත් තෙයියත් තාම්
තෙයියත් තෙයියත් තෙයියත් තාම්
තෙයියත් තෙයියත් තෙයියත් තාම්