44. උෂ්ණත්වය අධික කාලයේදී දුරකථන කම්බි සෑහෙන තරමකින් එල්ලා වැටේ
දුරකථන කම්බි යනු ලෝහ කම්බි වේ. තාප සන්නාටක ද්‍රව්‍ය වේ. එනිසා උෂ්ණත්වය අධික කාලවල දහවල් කාලයේ ඒවා දිගින් ප්‍රසාරණය වේ. ඒ නිසා ඒවා සෑහෙන තරමකින් එල්ලා වැටේ.
45. බදුනක් ජලයෙන් පුරවා රත්කරන විට එක් අවස්‌ථාවකදී ජලය උතුරා යයි
ඝන, ද්‍රව හා වායු නමැති සියලුම පදාර්ථ තාපය නිසා ප්‍රසාරණය වේ. ද්‍රව්‍යයකට තාපය ලැබුණු විට එහි අංශු ඈත්වීම නිසා, ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණයක් ඇතිවේ. එබැවින්, ජලය රත්කරන විට ජල අංශු තාපය ලබාගෙන එහි පරිමාවේ වැඩිවීමක් සිදුවව බැවින් හෙවත් පරිමා ප්‍රසාරණයක් සිදුවන බැවින් ජලයෙන් පුරවා ඇති බදුනේ ජල පරිමාව වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස බදුන ජලයෙන් උතුරා යයි.
46. මූඩි තද වී තිබෙන බෝතල්වල කර රත්කළ විට ඒවා ගැලවීම පහසු වේ
බෝතලයේ කර රත්කරන විට එය ප්‍රසාරණය වේ. මේ නිසා කර පෙදෙස ප්‍රමාණයෙන් විශාල වීම නිසා කට තරමක් ලොකු වේ. එවිට මූඩිය බුරුල් වේ. ඒ නිසා ගැලවීම පහසුවේ.