41. ජලාශයක පත්ල දෙස වාතයේ සිට බලන විට පත්ල එසවී තිබෙන්නාක් මෙන් පෙනේ
ජලයට වඩා වාතයේ ඝනත්වය අඩු නිසා, ජලයේ පත්ලේ සිට එන ආලෝක කිරණ, වාතයට ඇතුළු වීමේ දී අභිලම්බයෙන් ඉවතට වර්තනය වේ. වාතයේ සිට ජලයේ පත්ල දෙස බලා සිටින විට අපේ ඇත වෙතට එන්නේ අභිලම්බයෙන් ඉවතට නැමී එන කිරණයි. මේ කිරණ අපට එන්නාක් මෙන් පෙනෙන්නේ පත්ලට තරමක ඉහළ ලක්‌ෂ්‍යයක සිට එන්නාක් මෙනි. ඒ නිසා පත්ල එසැවී තිබෙන්නාක් මෙන් පෙනේ.
සාමාන්‍ය උෂ්ණත්වමානයකින් උෂ්ණත්වය මැනීමේ දී උණුසුම් වස්‌තුව හා උෂ්ණත්වමාන බල්බය ගැටෙමින්දී ම උෂ්ණත්වය කියවනු ලැබේ. එහෙත් වෛද්‍ය උෂ්ණත්වමානයකින් සිරුරේ උෂ්ණත්වය මැනීමේ දී එය දිව යට තිබියදී ම එමඟින් සිරුරේ උණුසුම කියැවීම අපහසු ය. ඉන් උණුසුම කියවනු ලබන්නේ දිව යට තබා ස්‌වල්ප වේලාවකින් එය මුඛයෙන් ඉවතට ගැනීමෙන් පසු ය. මේ නිසා එහි බල්බයට මඳක් ඉහළින් නැම්මක තබා ඉහළ ගිය රසදිය කඳ ක්‌ෂණිකව බල්බය තුළට ඒම වැළකේ.
43. අනුයාත රේල් පීලි දෙකක් අතර, කුඩා හිඩැසක් තබා ඇත. උෂ්ණත්වය වැඩි දිනවල දී මේ හිඩැස අඩුවේ
දහවල් කාලයේ සූර්යය තාපය මඟින් රේල් පීලි රත්වී ඒවා දිගින් ප්‍රසාරණය වේ. උෂ්ණත්වය වැඩි දිනවල රේල් පීලිවල දිගින් සිදුවන වැඩිවීම හෙවත් රේඛීය ප්‍රසාරණය ද වැඩි බැවින්, අනුයාත රේල් පීලි දෙකම ඉහත කී කරුණු මත දිගින් වැඩිවන නිසා, ඒවා අතර ඇති හිඩැසේ ප්‍රමාණය අඩු වේ.