38. වර්ෂා දිනවල බඩගිනි දැනීම වැඩි ය
වර්ෂා දිනවල ශරීරයෙන් තාපය ඉවත්වීම වැඩි ය. ඒ නිසා ශරීර උෂ්ණත්වය නියත ව තබා ගැනීමට ආහාර (ග්ලූකෝස්) වැඩි වැඩියෙන් ඔක්‌සිකරණය කර ශක්‌තිය නිපදවා ගැනීමට සිදුවේ. එනම් සෛල තුළ පරිවෘත්තීය වේගය වැඩි වේ. ඒ නිසා රුධිරයේ ග්ලූකෝස් මට්‌ටම අන් දිනවලට වඩා ඉක්‌මණින් පහ ළබසී. එබැවින් බඩගිනි දැනීම වැඩි වේ.
39. දැඩිව සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට කන් ඇසීම තරමක් අඩුවේ
මැද කනේ සිට උගුරේ ග්‍රසනිකාව දක්‌වා විහිදී තිබෙන නාළයක් ඇත. මෙය "යුස්‌ටේකීය නාළය" යි. යුස්‌ටේකීය නාළය මඟින් කෙරෙන්නේ මැද කන හා බාහිර ශ්‍රවණ නාළය තුළ වාත පීඩනය සම තත්ත්වයක පවත්වා ගැනීමයි. එහෙත් දැඩිව සෙම්ප්‍රතිශ්‍යාව වැලදුන විට, ශ්ලේෂ්මලවලින් යුස්‌ටේකීය නාළය අවහිර වන බැවින්, මැද කන හා බාහිර ශයවණ නාළය තුළ පීඩනය සම තත්වයක පවත්වා ගත නොහැකි වේ. ඒ නිසා කනට ඇතුළු වන ධවනි තරංගවලින් ලැබෙන ශක්‌තියෙන් කර්ණ පටහ පටලය කම්පනය වීම හරියාකාරව සිදුනොවන බැවින් කන් ඇසීම තරමක් අඩු වේ.
අයිස් සාමාන්‍ය වාතය හා ගැටුණු විට, වාතයේ උෂ්ණත්වය නිසා අයිස් කැට දියවේ. ලී කුඩු තාප පරිචාරක ද්‍රව්‍යයකි. ඒ නිසා අයිස් කුට්‌ටි ලී කුඩුවලින් ආවරණය කර තිබෙන විට ලී කුඩු තාප පරිචාරක ද්‍රව්‍යයක් නිසා ඒවා තුළින් තාපය ඒම අඩු ය. එනිසා අයිස් කුට්‌ටි දිය නොවේ.