හරිත ශාක මඟින් වාතය පිරිසිදු වේ
 

35. හරිත ශාක මඟින් වාතය පිරිසිදු වේ


හරිත ශාකවල සිදුවන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය (ප්‍රභාසංස්‌ලේෂණය) සඳහා වාතයෙන් කාබන්ඩයොක්‌සයිඩ් වායුව ලබා ගනී. එසේම එම ක්‍රියාවලියේ දී සෑදෙන ඔක්‌සිජන් වායුව වාතයට එකතු වේ. වාතයෙන් කාබන්ඩයොක්‌සයිඩ් ඉවත්වීමත්, වාතයට ඔක්‌සිජන් වායුව එකතුවීමත් මෙම ක්‍රියාවලියේදී සිදුවන බැවින් වාතය පිරිසිදු වේ.


 

 

 

 

 

 

 

 

36. සාමාන්‍ය දිනවලට වඩා වැසි දිනවල පිටවන මූත්‍ර පරිමාව වැඩිය

යූරියා යනු මිනිස්‌ සිරුර තුළ නිපදෙන ප්‍රධාන බහිස්‍රාවි ළුලයකි. යූරියා සිරුරින් බැහැර කරන්නේ මූත්‍රා හා දහදිය මඟිනි. වැසි දිනවල දහඩිය දැමීම අඩු බැවින්, දහඩිය සමඟ පිටවන යූරියා ප්‍රමානදය ද සාමාන්‍ය දිනකට වඩා බෙහෙවින් අඩු වේ. ඒ නිසා මූත්‍ර මඟින් ඉවත් කළ යුතු යූරියා ප්‍රමාණය වැඩිවේ. ඒ නිසා වැසි දිනවලදී පිටවන මූත්‍ර පරිමාව වැඩි ය.


37. වේගවත් දිවීමකදී හෘද ස්‌පන්දනය වේගය වැඩි වේ


වේගවත් දිවීමක දී සාමාන්‍ය අවස්‌ථාවකට වඩා වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. ඒ නිසා දුවන විට සෛල තුළ ශ්වසන ක්‍රියාව වේගවත් වී වැඩියෙන් ශක්‌තිය නිපදවිය යුතු වේ. සෛල තුළ ශක්‌තිය නිපදවීමේ ක්‍රියාවලිය (ශ්වසනය) වේගවත් වීමට නම්, සෛල තුළට ආහාර හා ඔක්‌සිජන් පරිවහනය කිරීමේ වේගය ද, එසේම සෛල තුළ නිපදවෙන කාබන්ඩයොක්‌සයිඩ් සෛලවලින් ඉවතට ගෙනයාමේ වේගය ද වැඩිවිය යුතුය. මේ ක්‍රියා වේගයෙන් සිදුවීම සඳහා රුධිර සංසරණය වේගවත් විය යුතු බැවින් හෘද ස්‌පන්දන වේගය වැඩි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017