32. සීනි ද්‍රාවණයක් තුළින් විදුලිය ගමන් නොකරන නමුත් ලුණු ද්‍රාවණයක් තුළින් විදුලිය ගමන් කරයි
ද්‍රාවණයක් තුළින් විදුලිය ගමන් කිරීමට නම්, ද්‍රාවණය තුළ අයන තිබිය යුතුය. සීනි යනු සහ-සංයෝගයකි. සීනි ද්‍රාවණයක් තුළ අයන නැත. එබැවින් සීනි ද්‍රාවණයක් තුළින් විදුලිය ගමන් නොකරයි. නමුත් ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයකි. ඒ නිසා ලුණුවල ජලීය ද්‍රාවණයක් තුළ අයන අඩංගුවේ. එබැවින් ලුණු ද්‍රාවණයක් තුළින් විදුලිය ගමන් කරයි.
33. ජලය ඉසීමෙන් තෙල් ගින්නක් නිවාගත නොහැක
තෙල්වල ඝනත්වය, ජලයේ ඝනත්වයට වඩා අඩුය. ඒ නිසා තෙල් මඟින් හටගත් ගින්නක් නිවීමට ජලය දැමූ විට තෙල්, ජලය මතුපිටට පැමිණ පාවෙමින් දැවෙන අතර, ගින්න තව තවත් විශාල ක්ෂේත්රයක් පුරා පැතිර යයි. ඒ නිසා තෙල් ගින්නක් නිවීමට ජලය භාවිත කරනු නොලැබේ.
34. ලුණු කැට වාතයට විවෘතව තැබූ විට තෙත් වේ
කෑමට ගන්නා ලුණු යනු සෝඩියම් ක්ලෝරයිඩ් ය. මෙම ලුණු තුළ අපද්‍රව්‍යයක් ලෙස මැග්නීසියම් ක්ලෝරයිඩ් අඩංගු ය. මැග්නීසියම් ක්ලෝරයිඩ් ජල වාෂ්ප උරාගෙන දියවෙන ද්‍රව්‍යය කි. (අවද්‍රාවක ද්‍රව්‍යය කි) ඒ නිසා මැග්නීසියම් ක්ලෝරයිඩ් මඟින්, වාතයෙන් ජල වාෂ්ප උරාගෙන දියවන බැවින් ලුණු කැට වාතයට විවෘතව තැබූ විට තෙත් වේ.