29. අක්මාව රෝගි අයට මේද හා තෙල් ආහාර සුදුසු නොවේ.
මේද හා තෙල් දිරවීමට පෙර තෛලෝදීකරණය විය යුතුය. ඒ සඳහා අක්මාවේ නිපදවෙන පිත අවශ්‍යය. අක්මාව රෝගී වූ විට පිත නිපැදීම අඩු වේ. එවිට මේද හා තෙල් හරියාකාරව තෛලෝදීකරණය නොවන බැවින් ඒවා හොඳින් ජීර්ණය සිදු නොවේ. ඒ නිසා අක්මාව රෝගී නම් තෙල් කෑම අගුණය.
30. බර බඩු ගෝනියක් හිස මත තබාගෙන යනවාට වඩා පිට මත තබාගෙන යාම වඩා පහසුය.
යම්කිසි බරක් (බලයක්) විශාල ක්ෂේත්රඵලයක් මත තබා ඇති විට හටගන්නා පීඩනය අඩු ය. නමුත් ඒ බර ම කුඩා ක්ෂේත්රඵලයක් මත තබා ඇති විට පීඩනය වැඩි ය. හිසේ,
ක්ෂේත්රඵලයට වඩා පිට මත ක්ෂේත්රඵලය වැඩි බැවින් එම බඩු ගෝනිය හිස මත තබාගෙන යනවාට වඩා පිට මත තබාගෙන යාමේ දී පීඩනය අඩු බැවින් එසේ පිට මත ගෙන යාම වඩා පහසුය.
ක්ෂේත්රඵලයට වඩා පිට මත ක්ෂේත්රඵලය වැඩි බැවින් එම බඩු ගෝනිය හිස මත තබාගෙන යනවාට වඩා පිට මත තබාගෙන යාමේ දී පීඩනය අඩු බැවින් එසේ පිට මත ගෙන යාම වඩා පහසුය.
31. තියුණු තුඩක් සහිත ඇණයක්, මොට ඇණයකට වඩා පහසුවෙන් ලෑල්ලකට වැද්දිය හැක.
ඇණයක තුඩ තියුණු වූ තරමට, ඒ මත යෙදෙන බලය මඟින් ඇති කරන පීඩනය වැඩි ය. නමුත් ඇණයක තුඩ මොට නම්, බලය යෙදෙන ක්ෂේත්රඵලය වැඩි බැවින්, එම බලය මඟින් ඇතිකරන පීඩනය අඩු ය. ඒ නිසා මොට ඇණයකට වඩා තියුණු තුඩක් සහිත ඇණයක් ලෑල්ලකට පහසුවෙන් වෑද්දිය හැකිය.