ජනේලයක ලී රාමුවට වඩා එහි ඇති යකඩ කුරු ඇල්ලූ විට සිසිලක්‌ දැනේ
 

26. ජනේලයක ලී රාමුවට වඩා එහි ඇති යකඩ කුරු ඇල්ලූ විට සිසිලක්‌ දැනේ


යකඩ, තාප සන්නායකයකි. ණමුත් ලී, තාප කුසන්නායකයකි. ඒ නිසා ජනේලයක ලී රාමුව ඇල්ලීමට වඩා යකඩ කුරු ඇල්ලූ විට, වැඩි තාප ප්‍රමාණයක්‌ සිරුරින් ඉවත්ව යකඩ කුරු දිගේ සන්නනය වේ. එබැවින් ලී රාමුව ඇල්ලීමේදීට වඩා යකඩ කුරු ඇල්ලූ විට වැඩි සිසිලක්‌ දැනේ.

 

 

 

 

 

 

 

 

 

 

 

27. දෙමාපියන් දෙදෙනාම සුදු පැහැ වන විට වුවද ඔවුන්ට කළු පැහැ දරුවකු ලැබිය හැකියි

දෙමාපියන්ගේ දෙමාපියන් අතර කළු පැහැ අය සිටින විට එම කළු බවේ ජාන නිලීනව තිබී පසු පරම්පරාවකදී ප්‍රමුඛ වීම නිසා මෙය සිදු වේ.


28. ලිපකට පිඹින විට එය හොඳින් දැල් වේ. නමුත් දැල්වෙන ඉටිපන්දමකට පිම්බ විට එය නිවේ


ලිපකට පිඹින විට, එහි ගිනි අඟුරු වටා බැඳී ඇති අළු ඉවත් වේ. එවිට ගිනි අඟුරුවලට හොඳින් වාතය ලැබෙන බැවින්, ලිප හොඳින් දැල් වේ. නමුත් දැල්වෙන ඉටිපන්දමකට කටින් පිම්බ විට සිදුවන්නේ ඉටි වාෂ්ප දැල්ලෙන් ඉවතට යාමයි. දාහ්‍ය එසේ ඉවත් වීම නිසා ඉටි පන්දම නිවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017