20. රළු පෘෂ්ඨ මත ඇවිදීම පහසුවන අතර, සිනිදු පෘෂ්ඨ මත ඇවිදීම හා දිවීම අපහසු ය.
රළු පෘෂ්ඨ වල ඝර්ෂණ බලය වැඩිය. ඒ නිසා රළු පෘෂ්ඨවල ලිස්‌සායාම අඩුය. සිනිදු පෘෂ්ඨවල ඝර්ෂණය අඩුය. ඒ නිසා සිනිදු පෘෂ්ඨවල ලිස්‌සායන සුලු බව වැඩි ය. සිනිදු පෘෂ්ඨමත සුළු බලයක් යෙදූවත් ලිස්‌සා යාම සිදුවන බැවින් ඒවා මත ඇවිදීම හා දිවීම ඉතා ම අපහසු ය.
21. ක්‍රීඩාවකට පෙර, ක්‍රීඩකයන්ට සුක්‍රෝස් සීනි නොදී ග්ලුකෝස් සීනි දෙනු ලැබේ.
22. දියවැඩියා රෝගීන්ගේ මූත්‍රවලට ඛෙනඩික්‌ට් ද්‍රාවණය දමා රත් කළ විට ගඩොල් රතු පැහැ අවස්‌ෂේපයක් ලැබේ.
දියවැඩියා රෝගීන්ගේ මූත්‍රවල ග්ලූකෝස් අඩංගු ය. නිරෝගි පුද්ගලයින්ගේ මූත්‍ර සමඟ ග්ලූකෝස් පිටවීමක් සිදුනොවේ. දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් නිපදවීම අඩු නිසා රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය හරියාකාරව පාලනය නොවේ. එබැවින් එම රෝගීන්ගේ හැමවිට ම රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි ය. එය අඩු කෙරෙන්නේ මූත්‍ර සමඟ පිට වී යාමෙනි. ඒ නිසා දියවැඩියා රෝගීන්ගේ මූත්‍රවල ග්ලූකෝස් අඩංගු බැවින්, ඛෙනඩික්‌ට් ද්‍රාවණය රත් කළ විට ගඩොල් රතු අවක්‌ෂේපයක් ලැබේ.