තලගොයින්, කටුස්‌සන් වැනි සතුන් වඩා ක්‍රියාකාරී දහවල් කාලයේ ය
 

17. වීදුරුවක්‌ තුළට අයිස්‌ කැට දමා ඇති විට වීදුරුවේ පිට පැත්තේ කුඩා දිය බිදු සෑදෙයි


අයිස්‌ මඟින් අවට වාතයෙන් තාපය උරාගන්නා නිසා එම අවට වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවේ. වාතයේ උෂ්ණත්වය අඩුවන විට වාතය ජල වාෂ්පවලින් සන්තෘප්ත වන අවස්‌ථාවක්‌ එළැඹේ. ඊට වඩා තවත් උෂ්ණත්වය අඩුවන විට වාතයේ ඇති ජල වාෂ්පවලින් කොටසක්‌ ඝනීභවනය වී කුඩා ජල බිංදු බවට පත්වී වීදුරුවේ පිට පැත්තේ බැඳේ.








18. තලගොයින්, කටුස්‌සන් වැනි සතුන් වඩා ක්‍රියාකාරී දහවල් කාලයේ ය.



තලගොයින්, කටුස්‌සන් වැනි සතුන් චලතාපපී සතුන් වේ. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට සමාන ය. පරිසර උෂ්ණත්වය වැඩි වන විට, මෙම සතුන්ගේ උෂ්ණත්වය ද වැඩිවේ. එවිට සෛල තුළ ශ්වසන ශීඝ්‍රතාව වැඩිවන බැවින් වැඩියෙන් ශක්‌තිය නිපැදෙන බැවින් වැඩියෙන් ක්‍රියාකාරි වේ.

19. බීජ පැළකිරීමට පෙර, බොහෝ විට ජලයෙන් පොඟවනු ලැබේ.


බීජ පැළවීම (ප්‍රරෝහණය) ආරම්භ වීමට ජලය අවශෝෂණය වීම අවශ්‍යය. ඒ සංවිත ආහාර ජීර්ණය වීම සඳහා ය. ප්‍රරෝහණයේ අනෙකුත් ක්‍රියා සිදුවන්නේ ජලය උරාගැනීමෙන් පසුව ය. එබැවින් බොහෝ බීජ පැළකිරීමට පෙර ජලයේ දමා පොඟවනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017