උණ ගැනුණු විට ඕඩිකොලොන් වලින් පෙඟවූ රෙදි කැබැල්ලක්‌ නළල මත තැබීමෙන් සහනයක්‌ දැනේ
 

14. දොඩම් යුෂ වීදුරුවක්‌ පිළියෙළ කිරීමේ දී යඑට සීනි දමා දියකරණ විට එහි තිබෙන දොඩම් ඇට පාවීමට පටන් ගනී.



 

දොඩම් ඇටයක්‌ මඟින් විස්‌ථාපනය කෙරෙන ද්‍රාවණයේ බර දොඩම් ඇටයේ බරට වඩා අඩු වන විට දොඩම් ඇට ගිලේ. නමුත් සීනි දිය කළ විට ද්‍රාවණයේ ඝනත්වය වැඩි වේ. දොඩම් ඇට මඟින් විස්‌ථාපනය වන ද්‍රාවණයේ බ රඑවිට වැඩි වේ. එවිට දොඩම් ඇට මත ක්‍රියාකරන උඩුකුරු තෙරපුම වැඩි වේ. එම නිසා දොඩම් ඇට පාවීමට පටන් ගනී.


15. රුධිර වාහිනී තුළ දී ලේ කැටි නොගැසෙන නමුත්, වාහිනිවලින් පිටතට පැමිණි විට කැටි ගැසේ.


ලේ කැටි ගැසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නම් කැල්සියම් අයන, ක්‍රොම්බොප්ලාස්‌ටීන්, ප්‍රෝත්‍රොම්බින් හා පෛබ්‍රිනෝජන් වේ. මේ අතුරින් ත්‍රොම්බොප්ලාස්‌ටීන් හැර සෙසු ද්‍රව්‍ය තුන රුධිර රුධිර ප්ලාස්‌මය තුළ දියැවී පවතී. ත්‍රොම්බොප්ලාස්‌ටීන් ඇත්තේ රුධිර සෛල වර්ගයක්‌ වන පට්‌ටිකා තුළ ය. එම නිසා මේ පට්‌ටිකාවලින් ත්‍රොම්බොප්ලාස්‌ටීන් ඉවතට එනතුරු ලේ කැටි ගැසීමේ ක්‍රියාව ආරම්භ විය නොහැක. රුධිර වාහිනීවල ඇතුළත බිත්ති සුමට නිසා ඒවායේ ගැටීමෙන් පට්‌ටිකා නොබිඳේ. නමුත් රුධිර වාහිනියක්‌ තුවාල වූ විට පට්‌ටිකා එම තුවාල වී ඇති පටකවල ගැටීමෙන් බිඳී, ත්‍රොම්බොප්ලාස්‌ටීන් නිදහස්‌ කරයි. එම නිසා කැටි ගැසීම සිදුවේ. එනම් රුධිරය කැටි ගැසීමට නම් රුධිරය රුධිර වාහිනීවලින් ඉවතට ආ යුතුය.

16. උණ ගැනුණු විට ඕඩිකොලොන් වලින් පෙඟවූ රෙදි කැබැල්ලක්‌ නළල මත තැබීමෙන් සහනයක්‌ දැනේ.

සාමාන්‍ය ශරීර උෂ්ණත්වයට වඩා තරමක්‌ සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම "උණ ගැනීම" නමින් හැඳින්වේ. ඕඩිකොලොන් වාෂ්පශීලි දියරයකි. ඕඩිකොලොන් සිරුරින් තාපය ලබාගෙන වාෂ්ප වී යයි. සිරුරින් මෙලෙස තාපය විශාල ප්‍රමාණයක්‌ ඉවත් වෙයි. ඒ නිසා සිසිලසක්‌ දැනේ.




 

(c) Shilpa Sayura Foundation 2006-2017