අව්වේ සිටින විට වැඩියෙන්ම රත්වෙන්නේ හිස ය
 

11. අව්වේ සිටින විට වැඩියෙන්ම රත්වෙන්නේ හිස ය




හිස කළු පැහැති පෘෂ්ඨයකි. කළු පෘෂ්ඨ මඟින් තාප විකිරණ අවශෝෂණය කරගන්නා සීඝ්‍රතාව වැඩි ය. එම නිසා අව්වේ සිටින විට වැඩියෙන් ම රත්වන්නේ හිස ය.
















12. මී පැණි තුළ ගිල් වූ මස්‌ නරක්‌ නොවේ


පැණිවල සීනි සාන්ද්‍රණය අධික ය. ඒ නිසා මී පැණි තුළට යම් බැක්‌ටීරියා වැනි ක්‌ෂුද්‍ර ජීවීන් ඇතුළුවුවහොත් එම ජීවීන්ගේ දේහවලින් ජලය බාහිරව විසරණය වේ. එනම් බැක්‌ටීරියා වැනි ක්‌ෂුද්‍ර ජීවි සෛල විජලනය වේ. ම් පැණි තුළ මස්‌ දමා ඇතිවිට නරක්‌ නොවන්නේ එබැවිනි.



13. යකඩ ඇණයක්‌ ජලයට දැමූවිට ගිලේ. නමුත් යකඩින් සෑදූ ටොන් ගණනක්‌ බර නැව් ජලයේ පාවේ.


යකඩ ඇණයක්‌ ජලයට දැමූ විට එමගින් විස්‌ථාපනය කරන ජලයේ බර (ජලය මගින් ඇණය මත ඇතිකරන උඩුකුරු තෙරපුම) ඇණයේ බරට වඩා අඩුය. ඒ නිසා ඇණය ජලයේ ගිලේ. නැවක යම් ප්‍රමාණයක්‌ ජලයේ ගිලී පවතින විට එමගින් විස්‌ථාපනය වන ජලයේ බර (නැව මත ඇතිවන උඩුකුරු තෙරපුම) නැවේ බරට සමානය. එම නිසා නැව ජලයේ පාවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017