ලුණු වතුරෙන් උගුර සේදීමෙන් උගුරේ ආසාදන අඩු වේ
 

8. අර්තාපල් අල කැබැල්ලක කුහරයක්‌ සාදා ඒ කුහරය තුළට සාන්ද ලුණු ද්‍රාවණය ටිකක්‌ දමා ජල බදුනක තැබූ විට අර්තාපල් කැබැල්ලේ කුහරය තුළ ද්‍රාවණ මට්‌ටම ඉහළ යයි.






අර්තාපල් කැබැල්ලේ සෛලවල සෛල බිත්තියට ඇතුළතින් තිබෙන සෛල පටලය අර්ධ පාරගම්‍ය පටලයක්‌ සේ ක්‍රියාකරයි. ඒ නිසා සාන්ද්‍ර ලුණු ද්‍රාවණය හා ජලය මෙහි වෙන් වී පවතින්නේ එම අර්ධ පාරගම්‍ය පටලවලිනි. එබැවින්, ජලය අර්ධ පාරගම්‍ය පටලය හරහා කුහරයේ ඇති සාන්ද්‍ර ලුණු ද්‍රාවණය වෙත විසරණය වේ. එනම් මෙහි දී ආස්‍රැතිය මගින් ජලය ඇතුළු වී ඇත.










 

9. ලුණු වතුරෙන් උගුර සේදීමෙන් උගුරේ ආසාදන අඩු වේ.

උගුරට පිවිසෙන බැක්‌ටීරියා සෛල තුළ සාන්ද්‍රණයට වඩා ලුණු ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි ය. එබැවින් බැක්‌ටීරි සෛල තුළින් ජලය ඉවත් වී (බහිරාස්‍රැතිය සිදු වී) එම සෛල විජලනය වී විනාශ වේ. එබැවින් ආසාදන අඩු වේ.

10. ගිනි මැලයක්‌ ළඟ සිටින විට සම රතු පැහැ වේ. දහඩියෙන් තෙත් වේ.





ගිනි මැලයක්‌ ළග සිටින විට එයින් සමට ලැබෙන තාපය නිසා සමේ රුධිරවාහිනී විස්‌තාරණය වේ. එබැවින් සම වෙත ගලන රුධිර ප්‍රමාණය වැඩි වේ. එම නිසා සම රතු පැහැ වේ. සම වෙතට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩිවන විට එහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ දහඩිය නිපදවීම ද වැඩි ය. එම නිසා සම දහඩියෙන් තෙත් වේ. (අව්වේ සිටින විටද හිරුගෙන් ලැබෙන තාපය නිසා මෙය ම සිදු වේ.)

(c) Shilpa Sayura Foundation 2006-2017