මුහුදු සුළං ඇති වන්නේ දිවා කාලයේ දී ය. ගොඩ සුළං ඇති වන්නේ රාත්‍රී කාලයේ දී ය.
 

5. ගොඩබිම ඇත්තේ පස්‌, වැලි, ගල් ආදී ඝන ද්‍රව්‍ය නිසා ඒවායේ විශිෂ්ට තාප ධාරිතාව, මුහුදු ජලයේ විශිෂ්ට තාප ධාරිතාවට වඩා අඩු ය. විශිෂ්ට තාප ධාරිතාව අඩු විට, උෂ්ණත්වය ඉහළ යාම ඉක්‌මන් ය. ජලයේ විශ්ෂ්ට තාප ධාරිතාව ඊට වඩා බොහෝ වැඩි නිසා උෂ්ණත්වය උහළ යාමට වැඩි තාපයක්‌ ලබාගත යුතුය. ඒ නිසා මුහුද රත් වන්නේ සෙමිනි.


දිවා කාලයේ දී ගොඩබිම ඉක්‌මනින් රත්වන නිසා ගොඩබිම අවට වාත ස්‌තර, ගොඩබිමින් තාපය ලබාගෙන රත් වී ඉහළ නඟී. එවිට ගොඩබිමට ඉහළින් ඇතිවන ඒ වාතයේ අඩුව පිරවීමට මුහුද දෙස සිට ගොඩබිමට වාතය ගලා එයි. මේ වාත ගලා ඒම 'මුහුදු සුළං' නම් වේ. සවස්‌ වන විට ගොඩබිම සිසිල් වෙයි. මුහුදු ජලයේ රත් වීම මෙන්ම නිවී ම ද ප්‍රමාද ය. මුහුදු ජලයේ උෂ්ණත්වය අඩු වීමට බොහෝ තාපය ඉවත් විය යුතුය. එබැවින් රාත්‍රී කාලයේ මුහුදු ජලයෙන් ඉවත්වන තාපය නිසා, මුහුද අවට වාතය රත් වී ඉහළ නගී. ඒ වාත අඩුව පිරවීමට ගොඩබිම සිට මුහුදට වාතය ගලා යයි. මේ වාත ගලා යාම 'ගොඩ සුළං' නම් වේ.

6. මෝටර් රථවල එන්ජිම් සිසිල් කිරීමට ඒවායේ විකිරක (Radiators) වල භාවිත කරන්නේ ජලය යි.







ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200Jkg-1C-1 වේ. එබැවින් ජලය 1kg ක්‌ 10 c කින් ඉහළ නැංවීමට 4200J වැනි විශාල තාප ශක්‌තියක්‌ අවශ්‍යවේ. එබැවින් ජලය නටන උෂ්ණත්වය තෙක්‌ රත් වීමට විශාල තාපයක්‌ අවශ්‍යවේ. එබැවින් විශාල තාප ප්‍රමාණ දරාගෙන වාෂ්ප නොවී පැවතීමේ හැකියාව ජලයට තිබීම නිසා මෝටර් රථ එන්ජිම් සිසිල් කිරීමට ඒවායේ විකිරක (රේඩියේටර්) වල භාවිත කරනුයේ ජලය යි.

7. ඝර්ෂණය නිසා ශක්‌තිය අපතේ යයි


ඝර්ෂණ බලවලට එරෙහි ව ක්‍රියා කිරීමට හැම යන්ත්‍රයකට ම පාහේ සිදුවේ. යන්ත්‍රයක්‌ වෙත සපයන ශක්‌තියෙන් කොටසක්‌ එසේ ඝර්ෂණ බලවලට එරෙහි ව කාර්යය කිරීමට යෙදීම නිසා යන්ත්‍රයෙන් ප්‍රතිදානය වන ශක්‌ති ප්‍රමාණය අඩු වේ. එනම් යන්ත්‍රයේ කාර්යක්‌ෂමතාව අඩු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017