දුනු තරාදියේ එල්ලා ඇති ගල් කැබැල්ල එම ජල බදුනේ ගිල් වූ විට දුනු තරාදියේ පාඨාංකය අඩු වේ.
 

පහත රූපයේ දැක්‌වෙන දුනු තරාදියේ එල්ලා ඇති ගල් කැබැල්ල එම ජල බදුනේ ගිල් වූ විට දුනු තරාදියේ පාඨාංකය අඩු වේ. ජල බදුන තබා ඇති සම්පීඩන තරාදියේ බර ඊට සමානව වැඩි වේ.








 

ගල් කැබැල්ල මගින් විස්‌ථාපනය කරනු ලබන ජලයේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක්‌, ජලය මගින් ගල් කැබැල්ල මත උඩුකුරු අතට ඇති කරයි. මේ උඩුකුරු තෙරපුම් බලය නිසා දුනු තරාදියේ පාඨාංකය අඩු වේ. නමුත් එම උඩුකුරු තෙරපුම් බලයට සමාන බලයකින් සම්පීඩන තරාදිය පහළට තෙරපේ. ඒ නිසා ඊට සමාන ප්‍රමාණයකින් සම්පීඩන තරාදියේ පාඨාංකය වැඩි වේ. බල යුගල වශයෙන් ක්‍රියාකරන බව මෙයින් අපට අවබෝධ කරගත හැකිය. සෑම ක්‍රියාවකටම සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක්‌ ඇති බව ද මෙයින් පැහැදිලි වන්නේ ය.






විවිධ ද්‍රව්‍යවල සමාන ස්‌කන්ධවලට සමාන තාප ප්‍රමාණ ලබා දුන්නාට ඒවායේ උෂ්ණත්වය නැඟීම සමාන ව සිදු නොවේ.


විවිධ ද්‍රව්‍යවල විශිෂ්ට තාප ධාරිතා වෙනස්‌ ය. විශිෂ්ට තාප ධාරිතාව යනු එම ද්‍රව්‍ය වර්ගයේ 1kg ක්‌ 100 C කින් නැංවීමට වුවමනා තාප ප්‍රමාණයයි. විවිධ වර්ගවල විශිෂ්ට තාප ධාරිතා අසමාන නිසා ඒවායේ සමාන ස්‌කන්ධවලට සමාන තාප ප්‍රමාණයක්‌ ලබා දුන්නාට ඒවායේ උෂ්ණත්වය එක සමාන ව ඉහළ නගින්නේ නැත.

(c) Shilpa Sayura Foundation 2006-2017