මෙය "ඕම්" විසින් සොයා ගන්නා ලදි.
ඒ අනුව,
ඉහත සමීකරණයේ V = විභව අන්තරය ද,
I = ධාරාව ද,
R = ප්‍රතිරෝධය ද වේ.
මෙහි ප්‍රතිරෝධය මනින අන්තර්ජාතික ඒකකය වන්නේ "Ω" ඕම්ය.
සන්නායකයක දෙකෙලවර විභව අන්තරය වෝල්ටි එකක් වන විටදී ඒ තුළින් ඇමිපියර් එකක ධාරාවක් ගලායන විට සන්නායකයේ ප්‍රතිරෝධය ඕම් 1 කි.
එනම් ඕම් නියමයට අනුව ධාරාව හා විභව අන්තර දන්නේ එමඟින් ප්‍රතිරෝධය සොයා ගත හැකිය.ප්‍රතිරෝධය හා විභව අන්තරය දන්නේනම් ධාරාවේ අගයද, ධාරාව හා ප්‍රතිරෝධය දන්නේ නම් විභව අන්රයද සෙවිය හැක.
මේ අනුව පහත දැක්වෙනුයේ එවැනි සරල ගණනය කිරීමකි.
R = ?,
I = 2.0 A,
E = 6.0 V නම් R හි අඟය සොයන්න.
ඕම් නියමය අනුව V = IR වේ.
එනම් R = 6.0 / 2.0
එම නිසා R = 3.0 Ω වේ.