ඉහත රූපයේ දැක්වෙන්නේ A හා B ලෙස නම්කර ඇති කුඩා මෝටර් දෙකක් ආධාරකයකට සම්බන්ධ කර ඇති ආකාරයයි.
මෙහි A හා B මෝටර දෙකේ භ්‍රමණ අක්ෂ්‍යයන් එකට සම්බන්ධ කර ඇත.
දැන් මෙහි A මෝටරයට විදුලිය සැපයූ විට A මෝටරයේ භ්‍රමණ අක්ෂය නැතහොත් A මෝටරයේ ආමේචරය භ්‍රමණයවේ.
මෙහි A මෝරටයේ හා B මෝටරයේ භ්‍රමණ අක්ෂයන් (ආමේචරයන්) ආධාරකයක් මඟින් එකට සම්බින්ධ කර ඇත.
A මෝටරය ක්‍රියා කරණ විට B මෝරටයේ ආමේචරයද භ්‍රමණය වීමට ආරම්භ වේ.
මෙවිට B මෝටරයේ ආමේචරයට ඇතුලතින් සමිබන්ධ කමිබිඳඟරය මෝරයේ ඇතූලත බඳේ සවි කර ඇති චුමිභක තුල එනම් චුම්භක ක්ෂේත්‍රය තුල භ්‍රමණය වී පිටතට විදුලි ධාරාවක් ලබාදේ.
එවිට B මෝටරයට සම්බන්ධ කර ඇති බල්බය ද දැල්වෙයි.
එනම් බල්බයට විදුලිය සැපයූවේ B මෝටරය මගිනි.
එනම් B මෝටරය චලනය වීමෙන් විද්‍යුතය නිපදවා ඇත.
A හෝ B වැනි උපකරණයකට විදුලිය ලබාදුන් විට චලනය ප්‍රතිදානය වන අතර චලනය ප්‍රතිදානය කළවිට විද්‍යුතය ප්‍රතිදානය වේ.
පහත දැක්වෙන්නේ B මෝටරයේ ඇතුලත පිළිබඳව පෙන්වන දළ රූප සටහනකි.