ඒවා පහත දක්වා ඇත.
තනුක සල්ෆියුරික් අම්ලය බීකරයක්,
3cm×10cm යේ සින්ක් පතුරක් එම ප්‍රමාණයේ තඹ පතුඑක්,
කම්බි,
කුඩා විදුලි බල්බයක්,
හෝල්ඩරයක්,
ගැල්වනෝමීටරයක් හා 1cm පමණ ඝනකම් ලී පටි කැබැල්ලක්,
ඇමිණුම් කටු,
ඉන් පසුව මෙම උපකරණ සියල්ල පහත රූපයේ පරිදි සකස් කර ගන්න (අටවා ගන්න).
පතුරු එකිනෙකට නොගෑවෙන සේත් සමාන්තරව සිටින සේත් ලී පටියට සම්බන්ධ කරන්න.
බල්බය හෝල්ඩරයට සම්බන්ධ කළ පසු පතුරු දෙක අම්ලයේ ගිලෙන සේ අම්ල බීකරයට දමාගන්න. බල්බය දැල්වී දීප්තිය ක්‍රමයෙන් අඩු වී නිවී යයි.
අම්ල ද්‍රාවනයේ හයිට්‍රජන් ධන අයන සල්ෆේට් සෘණ අයන හා හයිඩ්‍රොක්සිල් සෘණ අයන ඇත. හයිට්‍රජන් වලට වඩා සින්ක් ක්‍රියාකාරීවේ. අම්ල ද්‍රාවනයේදී සින්ක් පතුරෙන් සින්ක් අයන ද්‍රාවනයට පිවිසයි.
zn → zn² + ze
එවිට සින්ක් පතුර මත ඉලෙක්ට්‍රොන් අතිරික්තයක් ඇති වෙයි. ඒවා බාහිර පරිපථ දිගේ ගමන් කර තඹ පතුරට පිවිසෙයි. ද්‍රාවනයේ ඇති හයිට්‍රජන් ධන අයන තඹ පතුර වෙත ගොස් එම ඉලෙක්ට්‍රොන ලබාගෙන පරමාණු බවට පත් වී වායූ බුබුළු ලෙස පිට වේ.
H + e → H
H + H → H2
ඔබ ඉහත කළ ක්‍රියා කාරකමට අනුව සරල කෝෂයක ධන අග්‍රය ලෙස ක්‍රියා කරන්නේ තඹ පතුරයි.
මෙහි ඇති සින්ක් පතුර ක්‍රියා කරන්නේ සෘණ අග්‍රය ලෙසයි.තවද මෙහි ධාරාව ගලා යන්නේ සෘණ අග්‍රයේ සිට ධන අග්‍රය වෙතටයි.
එනම් ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන්නේ සින්ක් තහඩුවේ සිට තඹ තහඩුව වෙතටයි.
තවද මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු කරුණක් ඇත,එනම් එය මෙසේය,
ඉහත සරල කෝෂයේ ධාරාව ගලනුයේ සෘණ අග්‍රයේ සිට ධන අග්‍රයට වන අතර එබැවින් එය සෘණ ධාරාවකි.
නමුත් එකල මෙය සම්බන්දයෙන් පර්යේෂණ කළ විද්වතුන් ධාරාවේ ක්‍රියා කාරීත්වය පිළිබදව දැන සිටි නමුත්,ඉලෙක්ට්‍රෝනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කරුණු දැනගත්තේ පසුවය.
මේ හේතුවෙන් ඔවුන් සරල කෝෂයක ධාරාවේ දිශාව ධන අග්‍රයේ සිට සෘණ අග්‍රය දෙසට සිදුවන බව සැලකූ අතර අදටත් අප ධාරාවේ දිශාව ධන අග්‍රයේ සිට සෘණ අග්‍රයට සිදුවන බව සලකයි. නමුත් වර්තමානයේ මෙම සංසිද්දිය විශේෂ නමකින් හදුන්වන අතර එය සම්මත ධාරාව නම්වේ.
පහත රූපයේ දැක්වෙන් මෙය පැහැදිලි කරගැනීම සැකසූ රූප සටහනකි.