ආරෝපිත වස්තූන් නොමැතිව ඇතිවන ඉලෙක්ට්‍රෝන වෙනසක් විභව අන්තරයක් ලෙස හැදින්වේ.
විභව අන්තරය මැනීමට යොදා ගන්නා උපකරණය වෝල්ට් මීටරයයි.
වෝල්ට් මීටරයක් පරිපථයකට සම්බන්ධ කරන්නේ සමාන්තර ගතවයි.
විභව අන්තරය මන්න ඒකක වෝල්ට්ය (v).
විභව අන්තරයක් නිසා විද්‍යුත් ධාරාවක් ඇතිවේ.
එම නිසා විභව අන්තරය හා ධාරාව අතර සම්බන්ධයක් ඇත.
විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ සන්නායක ලක්ෂ්‍ය දෙකක් අතර ඉලෙක්ට්‍රෝන පීඩනය වෙනස් වූ විටය. ධාරාවක් ගලායන සන්නායක ලක්ෂ්‍ය දෙකක් අතර ඇතිවන ඉලෙක්ට්‍රෝන පූඩන වල වෙනස වෝල්ටීයතාවය ලෙස හඳුන්වයි.
වෝල්ටීයතාවයේ සිදුවන සුළු වෙනසකින් සන්නායකයක් තුළ ධාරාවක් ඇතිවේ.
වෝල්ටීයතාවයේ සිදුවන වෙනස අධික වූ විට,
1. තෙතමනය හරහා විද්‍යුතය ගලා යාම,
2. ජීවීන්ගේ දේහය හරහා විද්‍යුතය ගලා යාම හා
3. වාතය හරහා විද්‍යුතය ගලා යාමද සිදුවිය හැක.