විද්‍යුතය යනු කුමක්ද
 


විද්‍යුත් ධාරාවක් යනු යම් කිසි සන්නායකයක් තුළින් ගලා යන ඉලෙක්ට්‍රෝන ධාරාවකටයි.
මෙම විද්‍යුත් ධාරාව ගලා යන්නේ සන්නායකයක ලක්ෂ්‍යය දෙකක් අතර ඉලෙක්ට්‍රෝන පීඩනය වෙනස් වූ විටයි.

පිරිමැදීමෙන් වස්තු ආරෝපණය කිරීමේදී සිදුවන්නේ වස්තුන් දෙක අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීමකි.

බීම බටයක් කපු රෙදි කැබැල්ලකින් පිරිමදින අවස්ථාවක් පිළිබඳව සිතා බලමු.
බීම බටය කපු රෙදි කැබැල්ලෙන් පිරිමැදීමෙන් පසුව රෙදි කැබැල්ලේ පරමණු වල ඉලෙක්ට්‍රෝන බීම බටය මත රැදී බටය සෘණ ලෙස ආරෝපණය වේ.
තවද රෙදි කැබැල්ලේ ඉලෙක්ට්‍රෝන අඩුවන අතර එය ධන ලෙස ආරෝපණය වේ.

ලෝහ විද්‍යුත් සන්නායකයක් භාවිතා කරනුයේ ඒවා තුළ විශාල ලෙස ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන අහඹු ලෙස චලනය වෙමින් පවතින බැවිනි.
මෙම ලෝහ සන්නායකය තුළ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගලා යාමට සැලැස්සූ විට විද්‍යුත් ධාරාවක් ඇතිවේ.





වෝල්ටීය තාවය නැතහොත් වෝල්ටේජ් ලෙස අප හදුන්වන්නේ සන්නායකයක දෙකෙලවර ලක්ෂ්‍යය දෙකේ ඉලෙක්ට්‍රෝන පීඩනවල වෙනසයි.
මෙය විභව අන්තරය, නැතහොත් විභව අන්තර වල වෙනස ලෙසද හදුන්වයි.
ඉතා සුළු වෝල්ටීයතා වෙනසකින් සන්නායකයක් තුළ ධාරාවක් ඇති කළ හැකිය.


(c) Shilpa Sayura Foundation 2006-2017