1. සමතලා පාරක ගමන් කිරීමට වඩා කන්දක් නැඟීම අපහසු ය.
|
සමතලා පාරක ගමන් කිරීමේ දී බලය යෙදිය යුතු වන්නේ ඝර්ෂණ බලයට එරෙහි ව ය. නමුත් කන්දක් නැඟීමේ දී ශරීරයේ බර නමැති බලයට එරෙහිව ද කාර්යය සිදු කළ යුතු ය. එබැවින් සමතලා පාරක ගමන් කිරීමේ දී වඩා වැඩි බලයක් කන්දක් නඟින විට යෙදිය යුතුවේ. ඒ නිසා සමතලා පාරක ගමන් කිරීමට වඩා කන්දක් නැඟීම අපහසු ය.
2. අඩු ස්කන්ධයක් සහිත වස්තුවක් බිම දිගේ තල්ලු කරගෙන යාම පහසු ය. වෑඩි ස්කන්ධයක් සහිත වස්තුවක් එසේ තල්ලු කරගෙන යාම අපහසු ය.
අඩු ස්කන්ධයක් සහිත වස්තුවක් තල්ලු කිරීමට වුවමනා බලයට වඩා වැඩි ස්කන්ධයක් සහිත වස්තුවක් තල්ලු කිරීමට වුවමනා බලය වැඩි ය. වැඩි බලයක් අවශ්‍ය නිසා එය කිරීම අපහසු ය.