නූතන සමාජය තුළ විවිධාකාරයේ ගැටුම් පවතින බව පෙනේ. විශේෂයෙන්ම දැවැන්ත කාර්මීකරණය සහ තාක්‌ෂණික දියුණුව ඔස්‌සේ ඉදිරියට යන සමාජ සංස්‌ථාව තුළ සීඝ්‍රලෙස ගැටුම් වර්ධනය වෙමින් පවතී. මේවා පුද්ගල බද්ධ මෙන්ම සමාජ මෙන්ම ජාත්‍යන්තර තලය දක්‌වා විහිදී යන මට්‌ටමේ ඒවාය. සමාජයක් තුළ පවතින සමාජ, ආර්ථික, සංස්‌කෘතික, වාර්ගික ආදී ගැටුම් සමාජ සංවර්ධනය අඩාල කරවයි. නමුත් සමහර අවස්‌ථාවලදී මෙම ගැටුම් සමාජයේ ඉදිරිගමනට හිතකර වූ අවස්‌ථාවන් ද ඇතිබව අප අමතක නොකළ යුතුය. විදේශයෙන්ම 1789 දී ඇති වූ ප්‍රංශ විප්ලවය පසුකාලීනව යුරෝපයේ මෙන්ම ලොව බොහෝ රටවල සමාජයන්හි ඉතිහාසය වෙනස්‌කළ සිද්ධියක් ලෙස හදුන්වා දිය හැකිය. නමුත් එකළ සමාජ වාතාවරණය මෙන් නොව අද දින ලොව යඑට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් සිටී. සන්නිවේදන මාධ්‍යයන්හි දියුණුව තාක්‌ෂණික කටයුතු වල දියුණුව නිසා අද ලෝක සංකල්පය නම් නව චින්තනයක් ඇතිවී ඇත. එනිසා ලෙව කිසිදු රටක් නූතන ලෝකයේ හුදකලා තත්වයට පත්වී නොමැත.
ගැටුමක් සාමකාමිව විසඳා ගැනීමේ වාසි
1. ගැටුමට සම්බන්ධ පාර්ශවයන් තෘප්තිමත්වේ.
2. ගැටුම තීව්‍රතත්වයට පත් නොවේ.
3. කාලය, ධනය, ශ්‍රමය ඉතිරිවේ
4. ගැටුමට සම්බන්ධ සැබෑ කාරණා සහ සිද්ධීන් යටපත් වී වෙනත් මාර්ග ඔස්‌සේ වර්ධනය වීමක් නොවේ.
5. ප්‍රචණ්‌ඩත්වයට පත්වීම වලකී.
6. සමාජයට සෘණාත්මක බලපෑමක් ඇතිනොවේ.
7. ගැටුම ඔස්‌සේ අනවශ්‍ය වාසි ලබාගන්නන් ඇති නොවේ.
8. ගැටුම මුවාවෙන් ඇතිවෙන දූෂණ, වංචා, දේපල සහ ජීවිත හානි ඇති නොවේ.
9. නිර්දෝෂි පාර්ශවයන්ට ද හානි සිදුවීමේ ඉඩකඩ ඇතිවීම වැලකේ.
ගැටුමක් සාමකාමීව විසඳා නොගතහොත් ඉන් ඇතිවන ප්‍රතිඵල ඉතා ප්‍රචණ්‌ඩකාරි තත්වයේ ඒවා විය හැකිය. ඉන්පසු ගැටුමට සම්බන්ධ පාර්ශවයන් තෘප්තිමත් කළ නොහැකි තත්වයට පත්වේ. ගැටුම එක් ඉල්ලීමක් මුල්කරගෙන ඇතිවූවත් පසුව ඒවාට වෙනත් ඉල්ලීම්, මූලාශ්‍ර එකතුවී නිරාකරණය කල නොහැකි තත්වයට සංකීර්ණවේ. එනිසා ගැටුමක් ඇතිවන මුල් අවස්‌ථාවේම එයට නිසි පිළියම් යෙදූවිට තිරසර සාමයක් සඳහා මාවත උදාකරගත හැකිය. ගැටුමක් දීර්ඝකාලයක් පැවතුනහොත් විසදුමක් ලබාගත නොහැකි ඉලක්‌ක කරා පැතිරීමක් සිදුවේ. මේනිසා ගැටුමක මුල් අවස්‌ථාවේ දී ගනනා තීරණ මතින් බොහෝ සංකීර්ණතා මග හරවා ගත හැකිය.
ගැටුම් මඟහැරීමේ ක්‍රමවේදය ද එක්‌තරා ක්‍රමයක වාසිදායක පිළිවෙතකි. ්‍රම් පාර්ශවයක් හෝ පාර්ශවයන් ගැටුමකට අවතීර්ණ වනවාට වඩා එය මඟහැර සිටීම මින් අදහස් කෙරේ. මෙහි යහපත් අංශයක් මෙන්ම අයහපත් අංශයක් ද ඇත. යහපත් අංශය වනුයේ ගැටුම ප්‍රචණ්‌ඩකාරීත්වයක් දක්‌වා තීව්‍රනොවී හිංසනය අවමවීමයි. අයහපත් අංශය නම් ගැටුමට තිරසර විසදුමක් නොලැබීමයි. එනිසා නැවත එම ගැටුම වෙනත් අයුරකින් හෝ ඇතිවීමේ ප්‍රවනතාවය වැඩිය. යහපත් අංශය ලෙස කාලයාගේ ඇවෑමෙන් ඇතිවන වෙනස්‌කම් මත ගැටුමේ බලපෑම් අඩුවී ක්‍රමයෙන් මුළුමනින්ම අහෝසි විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලක්‌ෂණය වන්නේ මහජනයා විසින් මහජනයා උදෙසා පත්කරනු ලබන මහජන ආණ්‌ඩුක්‍රමයකි. ධනිසා පුද්ගල කණ්‌ඩායම් අතර ඇතිවන ගැටුම්වලට වගකිවයුත්තේත් ඒවා නිරාකරණය කරගත යුත්තේත් මහජනතාවයමය. ධනිසා එවැනි සමාජවල ඇතිවන ගැටුම් සාමකාමිව විසඳා ගැනීමට සියලු දෙනාම උනන්දුවිය යුතුය. 18 වන ශතවර්ෂයේ පාලිත පාලක යනුවෙන් පැහැදිලි දෙපක්‌ෂයක් දක්‌නට ලැබුණද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ තුළ මහජනතාව එම පාලක, පාලිත දෙපක්‌ෂයේම කාර්යභාරය ඉටුකරයි. එනිසා ගැටුමක් ආරම්භ වන්නේද ගැටුමකට විසදුම් ලබාදෙන්නේ ද ජනතාව විසිනි. එනිසා ජනතාව විසින්ම ගැටුම් ආරම්භවන මාවත් වසා දැමීමට සහ ඒවා සාමකාමි ලෙස විසඳාගැනීමට උනන්දු විය යුතුය.
ඕනෑම ගැටුමකට දීර්ඝ ක්‍රියාවලි අවස්‌ථාවට පසුව නැවත පෙර තත්වයටම පත්වන අයුරු පහත දැක්‌වෙන චක්‍රයෙන් වටහාගත හැකිය.
රූපය |
මෙම ගැටුම් චක්‍ර අනුව ගැටුමක් ආරම්භ වී දීර්ඝ ක්‍රියාවලියකින් සමථයකට පත්වීමෙන්, පෙර තිබූ තත්වයට නැවත පත්වීමත් පෙන්නුම් කරයි. නමුත් එවන් තත්වයකට පත්වීමට දීර්ඝ කාලයක් ගතවනු දැකිය හැකිය. නිදසුනක් ලෙස යුද්ධයකට මැදිහත්වන ජනතාව ගැටුම් ආරම්භවී එහි තීව්‍රතාව අත්විද සමථයකට පත්වූ පසු යුද්ධයේ ඵලවිපාක ලෙස දේපල, ජීවිත විනාශ වී, කුරිරු අත්දැකීම් සමුදායක් මැදින් නැවත සාමකාමි ජීවන රටාවකට හුරුවේ. එනිසා ගැටුම චක්‍රාකාරීව බලපවත්වන ක්‍රියාවලියක් ලෙස හදුනාගත හැකිය. එනිසා වඩාත්ම සුදුසු ක්‍රියාවලිය වන්නේ මෙවන් අවස්‌ථාවක් කරා ගැටුම මුහුකුරායාමට ඉඩනොදී ගැටුම මඟහැරීම හෝ සාමකාමි අන්දමින් විසඳා ගැනීමයි.