27. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් නිරාකරණය
 

ගැටුම්


ගැටුම් යනු මොනවාද?


එකිනෙකට නොගැලපෙන අරමුණු සහිත පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක්‌ හෝ කණ්‌ඩායමක්‌ තම විශ්වාසයන් ප්‍රකාශකරන විට ගැටුම් ඇතිවේ.  –- ක්‍රිස්‌ මීවෙල්


ජනවර්ගයක්‌ හෝ කණ්‌ඩායමක්‌ තුළ සංස්‌කෘතික, සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් ඇතිවන හැඟීම් මත ගැටුම් ඇතිවේ.  - එම්. ලන්ඩ්


ගැටුමකට සාධනීය කාර්යභාරයන් ගණනාවක්‌ ඇත. එය සමාජ පරිවර්තනීය ක්‍රියාවක්‌ ද විය හැකිය.   - ජෝර්ජ් සිමෙල් (ජර්මන් සමාජ විද්‍යාඥ)


සමාජ කණ්‌ඩායම් එකිනෙකාට එරෙහිව යොදාගන්නා විරෝධයයි.  – - ක්‌මෙන්ඩි රයිට්‌


තමන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා සම්පත් සහ අවම බලයක්‌ ඇති අවස්‌ථාවක්‌ තුළින් ප්‍රතිපාර්ශවයන්ට ඔවුන්ගේ අරමුණු අකර්මන්‍යකර හෝ පසුබෑමට ලක්‌කර ඉවත් කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගය ගැටුමයි.  - ලෙවිස්‌ කෝසර්


ඉත දැක්‌වෙන්නේ ගැටුම සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයින් දක්‌වා ඇති අදහස්‌ කීපයකි.


"ගැටුම" අර්ථ දැක්‌වීම ඉතා පහසුවෙන් කළ හැක්‌කක්‌ නොවේ. යඑට හේතුව එය ` බැඳී පවත්නා සංකීර්ණ ස්‌වභාවයයි. ඟැටුම සාමාන්‍ය ව්‍යවහාරයේ දී කලකෝලාහල, ආරවුල, මතභේදය, රණ්‌ඩුව, කැරලි, ආක්‍රමණ, සටන ආදී ලෙස විවිධ ස්‌ථරයේ අර්ථ ගැන්විය හැකි ප්‍රචණ්‌ඩ සහ විනාශකාරී ප්‍රතිඵල ඇතිකරවන සුළු බැව් සාමාන්‍ය අදහසයි. ඟැටුම පුද්ගලයන්ට හෝ සමාජ ක්‍රමයට පමණක්‌ බලපාන තත්වයකි. ඟැටුමෙහි ප්‍රතිඵල ලෙස ප්‍රචණ්‌ඩත්වය, විනාශකාරී ඵලවිපාක ඇතිලරවන තත්වයක්‌ ඇතිවන බව සාමාන්‍ය පිළිගැනීමයි.


නමුත් සියලුම ගැටුම් එසේ විනාශකාරි ප්‍රතිඵල ඇති නොකරන බව සිත තබාගත යුතුය. විනාශකාරි ප්‍රතිඵල ඇතිකරන තත්වයට ගැටුම යා නොදී විසඳා ගත හැකි වූ විට ගැටුම් ඇතිකරන පාර්ශවයන්ගේ අදස්‌ තෘප්තිමත් වූ විට ගැටුමක්‌ ප්‍රචණ්‌ඩත්වයට යා නොදී විසඳාගත හැකි වන අතර එහි ප්‍රතිඵලය බොහෝ විට සමාජ සුභවාදි ද විය හැකිය.

ගැටුම යන්න නිර්වචනය කිරීමේ දී මනුෂ්‍යයන් හෝ මනුෂ්‍ය කණ්‌ඩායම් හෝ රාජ්‍යය දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ අතර ඇතිවන වෙනස්‌කම් අතර ඇති සම්බන්ධතාවක්‌ ලෙස අර්ථ ගැන්වේ. සමාජය එකතැන රැඳීසිටීම ඉදිරියට ගෙන යනුයේ ගැටීම තුළින් බව ජර්මන් ජාතික සමාජ විද්‍යාඥයෙකු වු ජෝර්ජ් සිමෙල් පවසයි. Oහුගේ අදහසට අනුව සමාජ වෙනස්‌කම් ඇතිකිරීමට ගැටුම නිර්මාණාත්මක අත්වැලක්‌ සපයන බවත් සමාජ පරිවර්තන කටයුත්තට මූලික වන්නේ ගැටුම බවත් දැක්‌වේ.


මාක්‌ස්‌වාදීන්ට අනුව සමාජය ප්‍රගතිය කරා මෙහෙයවනු ලබන්නේ ගැටුමයි. පීඩිත පංතිය විසින් සමාජ සාධාරණත්වය උදෙසා යොදාගන්නා සාධාරණ දේශපාලන අයිතියක්‌ ලෙස ගැටුම අර්ථ දක්‌වන මාක්‌ස්‌වාදි කණ්‌ඩායම් සිටිති.


ඉහත සියලු අදහස්‌ සලකා බැලීමේදී ගැටුම යනු සැමවිටම අනර්ථකාරි අදහසකින් අර්ථ දැක්‌විය නොහැකි බව පෙනේ. ඇමෙරිකානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වන කාර්ල් ඩොයිෂ් මෙම ගැටුම් වර්ග කරන්නේ,


1. විනාශකාරී ගැටුම්
2. නිර්මාණශීලි ගැටුම්
  යනුවෙනි.


එනිසා ගැටුම යනු එකිනෙකට පරස්‌පර විරෝධි අදහස්‌ ඇති පුද්ගලයන් දෙදෙනකු හෝ කණ්‌ඩායම් දෙකක්‌ අතර අනෙක්‌ පාර්ශවය අභිබවා වාසි ලබාගැනීම අරමුණු කොට ඇතිකර ගන්නා වූ තරඟයක්‌ ලෙසට අර්ථ දැක්‌විය හැකිය. යම් ගැටුමක්‌ ඇති වූ විට එය වර්ධනීය තත්වයක්‌ කරා යා නොදී විසදුමකට එළැඹිය හැකිනම් එහි විනාශකාරි බව අල්පය. එමඟින් සමාජයට කිසියම් යහපතක්‌ ද සිදුවිය හැකිය. නමුත් යම් ගැටුමක වර්ධනීය අවස්‌ථාව පසුකොට ස්‌ථාවර තත්වයකට පත්වූවිට යඑට විසදුම් ලබාදීම එතරම් පහසු නොවේ.


එනිසා ගැටුමක්‌ ආරම්භයේදී ම එයට අදාළ විසදුම කරා යොමුවීමෙන් බොහෝ ගැටුම් සමනය කළ හැකි බව පෙනේ. මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ අධිරාජ්‍ය විරෝධි අරගලයට එක්‌කළේ 'අවිහිංසා' ව්‍යාපාරයයි. එහිදී එතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ගෙනගිය ව්‍යාපාරය තුළ ප්‍රචණ්‌ඩත්වයෙන් තොරව පාලකයාගේ අභිප්‍රායට අභියෝග කරමින්, අධිරාජ්‍යයේ බලය නොතකා තම ගරුත්වය ආරක්‌ෂා කරගනිමින්, බියගුළුකමින් තොරව ගෙනගිය සටනකි. මෙයද එක්‌තරා ආකාරයක ගැටීමකි. මෙම ගැටීම තුළින් සමාජ සාධාරණත්වය ඉටු වූ අතර දේශපාලන සහ සමාජ පරිවර්තනීය ක්‍රියාවකට මුල් වූ අයුරු අපට උගත හැකිය. එනිසා ගැටුම යනු සෑම විටම ප්‍රචණ්‌ඩත්වය හෝ විනාශකාරි තත්වයක ලා සැලකිය හැකි නොවේ. නමුත් මෙවැනි තත්වයන් ක්‍රියාත්මක වන්නේත් ප්‍රතිඵල ලැබෙන්නේත් ඉතා සෙමිනි.

ප්‍රචණ්‌ඩකාරී ගැටුම් තුළින් සාර්ථකත්වයක්‌ ලැබුණ ද එය තාවකාලික යටපත්වීමක්‌ පමණී. නැවත ගැටුමට මුල් වූ සාධකය හිස ඔසවා පැමිණිය හැකිය. එනිසා ප්‍රචණ්‌ඩකාරී ගැටුම් තුළින් ලබන ජයග්‍රහණය තාවකාලික වන අතර නිර්ප්‍රචණ්‌ඩවාදී ගැටුම් තුළින් ඉතා සෙමෙන් ලබන ජයග්‍රහණය ශක්‌තිමත් ස්‌ථිරසාර විසදුමකට ගෙනයන බව ඉතිහාසය තුළින් අපට අවබෝධ කරගත හැකිය.

ගැටුමක්‌ හදුනාගැනීමේ දී 1969 දී මහාචාර්ය ජෙහාන් ගුල්ටූන් ඉදිරිපත් කොට ඇති ගැටුම් ත්‍රිකොණය හෙවත් 'ඒ.බී.සී' ත්‍රිකෝණය ගුරුකාට ගත හැකිය. ඔහුගේ සංකල්පය අනුව ගැටුම් හටගැනීමට ව්‍යුහය ආකල්ප හා චර්යාවන් යන ප්‍රධාන ලක්‌ෂණවල ක්‍රියාකාරකම් බලපායි. පහත දක්‌වා ඇති උදාරණය දෙස බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017