* ශ්‍රී ලංකාව සංවර්ධනයේ මාවතට යොමුකිරීමට නම් විශාල පරාශයක පැතිරී පවතින ඌනතා හදුනාගෙන ඒවාට නිසි ප්‍රතිකර්ම යෙදිය යුතුය. නැතහොත් මන්දගාමි ආර්ථික ගමනක යෙදී සිටින ශ්‍රී ලංකාව යුදවාදී ක්‍රියාමාර්ගයකින් තවදුරටත් අවහිර කරනු ලැබේ. ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වීම නොවැලැක්‌විය හැක්‌කකි.
* ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට නම් යටිතල පසුකම්වල ශීඝ්‍ර වර්ධනයක් ඇතිකිරීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන් සේවාවන්හි කැපී පෙනෙන දියුණුවක් ඇතිකළ යුතුය. දැනට ලංකාවේ පවතින මහාමාර්ග සියල්ලම පාහේ ඉංග්‍රීසි පාලන අවධියේ මෙරට ඇතිකරන ලද ඒවාය. නූතන සංවර්ධන ක්‍රියාදාමයට මෙම මාර්ගවල ගුණාත්මක භාවය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම නූතන අවදියේ දක්‌නට ලැබෙන රථවාන සංඛ්‍යාව අනුව මෙම මාර්ග විශාල වශයෙන් සංවර්ධනය විය යුතුවාක් මෙන්ම, නව මාර්ග පද්ධතියක් ද, ඇතිවිය යුතුය. දුම්රිය මාර්ග සම්බන්ධයෙන් ද තත්වය එසේමය. ප්‍රවාන පද්ධතිය කාර්යක්‌ෂම වීම යනු සියලු සංවර්ධන කාර්යයන්හි මූලික අඩිතාලම වේ.
* රටක් සංවර්ධනය වීමෙහි ලා බලශක්‌ති ප්‍රභවයන්ට ඇත්තේ විශාල කාර්යභාරයකි. ංප රටට ප්‍රමාණවත් පරිදි ජලවිදුලි බලය උත්පාදනය කළ නොහැකිනම් ඒ සඳහා විකල්ප මාර්ග සෙවීමට උත්සුක විය යුතුය. ගල් අඟුරු බලාගාර, සුළං, සූර්ය ශක්‌තිය, සාගර තරංග ආදිය යොදා මෙයට විකල්ප මාර්ග සොයාගත යුතුය.
* රජයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ කාර්යක්‌ෂම කිරීමද සංවර්ධනයට විශාල පිටිවහලක් වේ. සංවර්ධන කාර්යයට අවශ්‍ය නීති සම්පාදනය මුදල් වැයකිරීම් ආදී කටයුතු සඳහා වර්ෂ ගණනාවක් අතපසු වූ විට නියමිත කාලයක් තුළදී අවශ්‍ය කටයුත්ත සපුරා ගැනීමට නොහැකිව අඩාලවේ. මේ නිසා රාජ්‍යතන්ත්‍රය කාර්යක්‌ෂම කිරීමද සංවර්ධන ක්‍රියාදාමයේ එක් අවශ්‍යතාවයකි.
* අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද සංවර්ධන කාර්යයෙහි ඉතා ඉහළ අගයක් ගන්නා කටයුත්තකි. සංවර්ධන කාර්යයට උරදිය #කි ලෙස අධ්‍යාපනය ප්‍රතිසංවිධානය විය යුතුය. ශ්‍රම සූක්‌ෂම කර්මාන්ත වලට අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීමට අවශ්‍ය උසස් තාක්‌ෂණික ක්‍රමවේදයන්ගෙන් සපිරි පාඨමාලා ඇතිකිරීමෙන් කාර්මික ඥානයෙන් හෙබි ශ්‍රම බලකායක් ගොඩනැංවීම අධ්‍යාපනයෙන් කළ හැකි කාර්යයකි.
* ආර්ථිකය සංවර්ධනය කිරීමේ කාර්යයෙහි විශාල වැදගත්කමක් උසුලන්නේ ආකල්මය වෙනසය. රටෙහි ජීවත්වන ජනතාව තුළ වැඩකිරීම සම්බන්ධව ඇත්තේ සෘනාත්මක ආකල්පයකි. හොහෝවිට ශ්‍රී ලාංකිකයන් ස්‌වාර්ථය පිණිස වැඩකරන්නෝ වෙති. ණමුත් රට ගොඩනැංවීමේ කාර්යභාරය ඔවුන් අතින් ඉටුවන බව මනාව හැඟීයන ආකාරයට ආකල්පවල වෙනස්‌විය යුතුය. විශේෂයෙන්ම කුඩා අවදියේ සිට අධ්‍යාපන ප්‍රතිසංවිධාන තුළට මෙම ආකල්පයමය වෙනස ඇතුළත් විය යුතුය.
* රට සංවර්ධනය කිරීමේ කාර්යයෙහි තවත් බාධකයක්‌ව පවතින්නේ ශුභසාධන ආකල්ප ක්‌ෂේත්‍ර කොටගත් සමාජයයි. ශ්‍රී ලාංකිකයන් ශුභසාධන ඵල භුක්‌ති විදීමට සූදානම් නමුත් ආර්ථිකය සංවර්ධනය කොට ඒවා ලබාගැනීමේ අභිප්‍රායන් ඔවුන් තුළ නොමැත. මෙයට හේතුව බොහෝ කලක පටන් සහල්, ඖෂධ ආදිය නොමිලේ සැපයීමෙන් ජනතාව තුළ ටගෙන ඇති දුර්මතයන් ය. රජයෙන් සියලු කටයුතු ඉටුවන තුරු බලාසිටින සමාජයක් තුළ ආකල්පමය වෙනස ඇතිකිරීම අසීරුය. ශුභසාධන සේවා යනු ඒවා අත්‍යාවශ්‍ය සමාජ කොට්‌ඨාශයට ලබාදීම විනා මුළුමහත් සමාජයටම ලබාදිය යුත්තක් නොවේ. මේ බැව් ඒ සමස්‌ත සමාජයම අවබෝධ කරගත යුතුවාක් මෙන්ම එසේ අවබෝධය ලැබෙන ආකාරයට කටයුතු කිරීම පාලක පක්‌ෂයේ යුතුකමයි. ශුභ සාධන සමාජ ආකල්පය සමාජයෙන් තුරන් වන තුරු ආර්ථිකය ගොඩනැංවීම අසීරුය. සමස්‌ත සමාජයට ශුභසාධනයෙන් සියළු කටයුතු ඉටුවනතුරු බලාසිටියහොත් සංවර්ධනය ඉදිරියට ගමන් නොකරයි.
* දේශීය ඉදිකිරීම වැඩිකිරීම ද ආර්ථික සංවර්ධන කාර්යයෙහි ලා සැඟවී තිබෙන හැකියාවයි. ශ්‍රී ලංකාවේ ඉතිරිකිරීම් ප්‍රතිශතය අග්නිදිග ආසියාතික රටවලින් ඉතා පත් මට්‌ටමක දේශීය ඉතිරිකිරීම් වැඩිවුවහොත් දේශීය ආයෝජන වැඩිකිරීමෙන් එම මුදල් රටේ සංවර්ධන කාර්යයට යොදාගත හැකිය. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා ඉහළ දේශීය ඉතිරිකිරීම් අනුපාතයක් අවශ්‍යවේ. විශේෂයෙන් මෙය ගෘහ ආර්ථික මට්‌ටමින් ඇරඹිය යුතුය.
* රට සංවර්ධන ක්‍රියාවලියට යොමුකිරීමට නම් ප්‍රමාණය ඉක්‌මවා දේශපාලනයට නතුවීමෙන් බැහැර විය යුතුය. ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට නොයාමට බරපතල ලෙස බලපා ඇත්තේ දේශපාලනකරණයේ ඇති අනවශ්‍ය බලපෑමය. ජාතික ප්‍රශ්න කෙරෙහි ප්‍රායෝගිකව නොබලා සියල්ල දේශපාලන දෘෂ්ටියකින් බලා විසඳීමට යාමෙන් සිදුවන්නේ වාද විවාද, සාකච්ඡා ආදියට අනවශ්‍ය කාලය මිඩංගුවීමකි.
අපට ලබාගත හැකි වාසි බොහෝවිට අනවශ්‍ය දේශපාලන බලපෑම් නිසා ගිලිහී යයි. එනිසා ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීමට සෑම දේශපාලඥයෙකුම කටයුතු කිරීමට හුරුකරවිය යුතුය. නැතහොත් සිදුවන්නේ අවුරුදු පහෙන් පහට සිදුවන ආණ්‌ඩු මාරුවීමෙන් කිසිදු සංවර්ධන ක්‍රියාවලියක් ඉදිතියට ගෙනයා නොහැකි තත්වයක් උද්ගත විය.
* ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධන කාර්යයෙහි ලා දැනට විසඳිය යුතු බැරෑරුම්ම ගැටළුව වන්නේ උතුරු නැගෙනහිර පවත්නා යුදමය වාතාවරණයයි.යුදමය වාතාවරණය තුළ අපට කිසිදු ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය නොහැක යුද වියදම් මෙන්ම ආර්ථික අස්‌ථායිතාවය ජනතාවගේ මන්දගාමි මානසිකත්වය මත ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය.