සමාජවාදී ආර්ථික ක්‍රමයක සියලු ධනෝපායන මාර්ග එනම් නිෂ්පාදන සම්පත්වල අයිතිය රජය සතුය. එනිසා සමාජ සුභ සාධන කටයුතු අරභයා භාණ්‌ඩ නිෂ්පාදනය සිදුවෙයි. රජයේ සැලසුම් කටයුතුවලට අනුකුලව පෞද්ගලික අපේක්‌ෂාවෙන් තොරව සමාජයේ ප්‍රයෝජනය සඳහා සහ සේවාවන් වැඩි වශයෙන් නිපදවේ. මෙම නිෂ්පාදනය මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ සිදුකෙරේ. කුමක් සඳහා, කොපමණ කෙසේ, කා සඳහා නිපදවන්නේ ද යන්න තීරණය ගනු ලබන්නේ මධ්‍යගත සැලසුම් සංවිධාන මගිනි. මේ සඳහා මහජන සංවිධානවල අදහස් විමසා බැලීම ද සිදුකෙරේ. මේ නිසා සියලු දෙනාටම අවම වශයෙන් ලැබෙන භාණ්‌ඩ හා සේවා සැපයීමට මුල්තැන ලබාදේ. එබැවින් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සම්බන්ධ සේවාවන් සැපයීමට ප්‍රමුඛත්වය ලැබේ. උදාහරණයක් ලෙස ආහාර, ඇදුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය වැනි මූලික අවශ්‍යතා සපයාදීමට රජය මැදිහත් වේ.
සමාජවාදී ආර්ථික ක්‍රමයක මූලික අවශ්‍යතා ජනතාවට සැපයීමේ දී පොදු අයතියට ප්‍රමුඛතාවය ලැබුණ ද යම් ප්‍රමාණයකට පෞද්ගලික භාණ්‌ඩ තබාගැනීමේ අයතිය ද ජනතාවට හිමි වේ. ආර්ථික කටයුතු මධ්‍යගතව පාලනය කෙරෙන නිසා වෙළඳ කටයුතු, රැකියා, උද්ධමනය ආදිය රජයට පාලනය කළ හැකි වේ. සමස්‌ථ ආර්ථිකයටම බලපාන ආනයන, අපනයන, ප්‍රවාහනය, බැංකු කටයුතු, බලශක්‌ති වැනි ආදිය පොදු අංශය සතු වන නිසා ඒවා රජයේ පාලනය යටතේ පවතී.
සමාජවාදී ආර්ථික ක්‍රමය දැනට ලොව සාර්ථක ක්‍රමයක් ලෙස නොපැවතුන බව සෝවියට් සමාජවාදී සමූහාණ්‌ඩුව බිඳ වැටීමෙන් පෙනේ. මහජන චීන සමූහාණ්‌ඩුව, කියුබාව ආදී රටවල් මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ රටවල් ය.
සමාජවාදී ආර්ථික ක්‍රමයක ලක්‌ෂණ :
1. රටෙහි නිෂ්පාදන සම්පත් වල අයිතිය රජය සතු වේ.
2. ලාභ ලැබීම, මූලික පරමාර්ථය නොවන අතර පොදු ජන සේවා සැලසීම මූලික පරමාර්ථය වේ.
3. සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක් දක්‌නට ලැබේ.
4. සැලසුම් සහගත ආර්ථික ක්‍රමය නිසා මිල ක්‍රමය වැදගත් වේ.
5. සැලසුම් බොහෝ විට දීර්ඝකාලීන ඒවා වේ.
6. රටෙහි ආර්ථික ඉල්ලුමට අනුව සැපයුම හැඩගැසීම.
7. රටෙහි ආදායම් වියදම් පාලනය කිරීමේ හැකියාව රජය සතුවේ.
8. හිඟ සම්පත් මනා කළමණාකාරිත්වයකින් බෙදා හැරීමේ හැකියාව.
9. පෞද්ගලික ව්‍යවසායකයාට ආර්ථික කටයුතුවලට මැදිහත් වීමේ ඉඩ ප්‍රස්‌ථා අවම වීම.
10. සමහර අවස්‌ථාවලදී මධ්‍ය සැලසුම් මණ්‌ඩලය ගන්නා තීරණ සඳහා ජනතා ප්‍රසාදය නොලැබීම.
11. පෞද්ගලික නිදහස සීමාවීම නිසා සමාජ අසහනය ඇතිවීම.
12. ජාත්‍යයන්තර වෙළඳපොළට සම්බන්ධ වීමේ හැකියාව ඉතා අඩු නිසා ආර්ථික වාසි ලබා ගැනීම අපහසු ය.
13. ආදායම් විෂමතාවන්හි කැපී පෙනෙන වෙනසක් දක්‌නට නොලැබීම.
සමාජවාදී ආර්ථික ක්‍රමයන් පැවති රටවල් බොහෝ ගණනක් දැනට ථනවාදි අර්ථක්‍රමයට යොමුවෙමින් පවතින බව පෙනේ. සෝවියට් රුසියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, චෙකොස්‌ලොවෙකියාව, මහජන චීනය, මියන්මාරය, හංගේරියාව ආදී රටවල් මෙසේ පරිවර්තනය වෙමින් පවතී. 1917 ඔක්‌තෝබර් විප්ලවයෙන් ඇරඹුන සෝවියට් සමාජවාදී ජනරජය 1980 දශකයේ අගභාගයේ දී බිඳවැටීමට ලක් විය. ඉන්පසු ක්‍රමයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයට පරිවර්තනය වෙමින් පවතී. මහජන චීනය දැනටමත් වෙළඳ ආර්ථිකයක් කරා පැමිණ ඇත. මෙනිසා සමාජවාදී ආර්ථිකය මධ්‍යගත ආර්ථික සැලසුම් මඟින් බොහෝ කාලයක් පවත්වාගෙන යාම අසීරු බව පෙනේ. නවීන තාක්‌ෂණයේ දියුණුවත් තොරතුරු ගලායාමේ වේගවත් භාවයත් නිසා මෙසේ සමාජවාදී අර්ථක්‍රම සහිත රටවල් හුදෙකලා කොට තබාගත නොහැකිය. ධනවාදී අර්ථක්‍රමයක් සහිත රටවල ජනතාවට හිමි වරප්‍රසාද උසස් ජීවනක්‍රම පාරිභෝගික ස්‌වාධිපත්‍යය වැනි ලක්‌ෂණ මෙම ආර්ථික ක්‍රම වලට ද ඇතුළු වීම මෙයට හේතුවයි.