විවිධ අර්ථක්‍රම හදුනාගැනීම
 

ලෝකයේ ජීවත්වන ජනතාව සිය කටයුතු ඉටුකරගැනීම සඳහා භෞතික සහ මානව සම්පත් උපයෝගි කරගනී. මෙසේ යොදා ගන්න භෞතික සහ මානව සම්පත් නිෂ්පාදන කාර්යයට යොදා ගැනේ. මෙසේ නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ සහ සේවා යනුවෙන් කොටස්‌ දෙකකි. අවශ්‍යතා මත නිෂ්පාදන කාර්යය මූලික වශයෙන් සෑම රටකම එකම ස්‌වරූපය ගනී. ඕනෑම සමාජයක්‌ නිෂ්පාදන කාර්යයෙහි ලා මුහුණ දෙන ගැටලු, අවශ්‍යතා එකක්‌ වන නමුත් මෙම ප්‍රශ්න විසඳීම සඳහාත්, අවශ්‍යතා පරිපූර්ණය කරගනු පිණිසත් යොදාගනු ලබන ක්‍රමවේදයන් අනුව විවිධ අර්ථක්‍රම ගොඩනැගී ඇත. වර්තමාන සමාජයේ සංකීර්ණතාව අනුව නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩවල විවිධත්වය ද ඉහළ මටීටමක පවතී. මෙම විවිධත්වය රැකගැනීම සඳහා යොදාගන්නා ක්‍රමවේදයන් ද වෙනස්‌ වේ. නූතන ලෝකයේ ශ්‍රම සූක්‌ෂම මෙන්ම ප්‍රාග්ධන සූක්‌ෂම ක්‍රම දෙව්ද මෙම භාණ්‌ඩ සහ සේවා නිෂ්පාදන කාර්යන්ට උපයෝගි කරගනී. නමුත් ශ්‍රම සූක්‌ෂම නිෂ්පාදනවල මුහුණුවර අද වෙනස්‌ වී යඑට තාක්‌ෂණික මුහුණුවරක්‌ ද ලැබී ඇත. ප්‍රාග්ධන සූක්‌ෂම ක්‍රමවේදය දැනට අනුගමනය කරන රටවල් වුවද තාක්‌ෂණික ක්‍රම වේදයන්ට හුරුවෙමින් පවතී.


ලෝකයේ විවිධ අර්ථක්‍රම හදුනා ගැනීමේදී ශුද්ධ ධනවදි හෝ ශුද්ධ සමාජවාදී ආර්ථික ක්‍රම දක්‌නට නොලැබේ. එවැනි අර්ථක්‍රම පවත්වාගෙන යාම සිහිනයක්‌ පමණී. ධනවාදී ආර්ථික ක්‍රමය තුළ නොයෙකුත් ශුභසාධන කටයුතු, සහනසේවා, ක්‍රියාත්මක වේ. ඒවා සමාජවාදී ආර්ථික ක්‍රමයක වුවද පුද්ගල බද්ධ කටයුතු සඳහා ඉඩ පහසුකම් ඇත. මෙය ධනවාදී ආකල්පයක්‌ වුවත් එසේ නොවුනහොත් විවිධ ජනතාව වෙසෙන රටක්‌ පවත්වාගෙන යාම අසීරු ය. අවශ්‍ය ප්‍රමාණය ඉක්‌මවා සමාජවාදී වුවහොත් රටෙහි සමාජක්‍රමය බිඳවැටීම ඉක්‌මන් වේ. සෝවියට්‌ රුසියාව, නැ.යුරෝපා රටවල් වැනි සමාජවාදී කඳවුරු වල බිඳවැටීම තුළින් මිනිසුන් තම පෞද්ගලිකත්වය ආරක්‌ෂා කිරීමට වඩාත් නැඹුරුවක්‌ දක්‌වන බව පෙන්නුම් කළ හැකිය.


විවිධ අර්ථක්‍රම ඉගෙනීමේ පහසුව සඳහා ප්‍රධාන කොටස්‌ තුනකට බෙදිය හැකිය.


 

1.  ධනවාදී ආර්ථික ක්‍රමය  (Capitalism)
2.  සමාජවාදී ආර්ථික ක්‍රමය  (Socialim)

3.  මිශ්‍ර ආර්ථික ක්‍රමය  (Mixed)

(c) Shilpa Sayura Foundation 2006-2017