යහපත් පාලනයක් උදෙසා එකිනෙකාගේ දේශපාලන, සමාජයීය, ආර්ථික සහ සංස්‌කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමේ වැදගත්කම
බහු සංස්‌කෘතික සමාජයක ජීවත්වන සැවොම රට අභිවෘද්ධිය, සංවර්ධනය කරා ගෙනයාමට නම් රටවැසි සියලුදෙනාගේ උපකාරය, සහභාගිත්වය අපේක්‌ෂා කළ යුතුය. මේ සඳහා දේශපාලන වශයෙන් ඇති බෙදීම් සමාජ ආර්ථික මෙන්ම සංස්‌කෘතික වශයෙන් ඇති බෙදීම් තුලින් ගෞරවාන්විත සුසංයෝගයක් ඇති කරගත යුතුය. රටක් සංවර්ධනය වීම යනු සමාජ ආර්ථික මෙන්ම සංස්\කෘතික දියුණුවක් සැලසිය යුතුය. බහු සංස්‌කෘතික සමාජයක් තුළ එකිනෙකා පරයා නැඟීසිටීමෙන් සංවර්ධනයක් අපේක්‌ෂා කළ නොහැකිය. එනිසා යහපත් පාලනයක් ඇති කිරීමට නම් සියලු ජනකොටස් එකාවන්ව නැඟී සිටිය යුතුය.
සමාජයක් අලංකාරවත් වන්නේ ද දියුණුවන්නේ ද එහි විවිධත්වයක් ඇති විටය. මෙම විවිධත්වය දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්‌කෘතික අංගයන්ගෙන් විය හැකිය. යහපාලනයක් අපේක්‌ෂා කෙරෙයි නම් මෙසේ විවිධ කුසලතාවන් ගෙන් පිරි විවිධ ජනකොටස්‌වල හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගතයුතුය. සියලු වාර්ගික, ආගම් සහ සංස්‌කෘතීන්ට ගරු කිරීම තුලින් ඒවා අගය කිරීම තුලින් සමාජය තුළ ඇතිවන ගැටුම් අවම කල යුතුය. කුඩා කල සිටම අන්‍යයන්ගේ මත ඉවසීම, අන්‍යයන්ට ගරු කිරීම ආදී සමාජ සාරධර්ම ඉගෙනීම තුලින් භේදයකින් තොර මිනිස්‌කම අගයන සමාජයක් ගොඩනඟා ඒ තුලින් සංවර්ධනය කරා යා හැකිය.
දේශපාලන :
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය වන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා වන පාලන ක්‍රමයයි. මේ සඳහා ජනතාවගේ කැමැත්ත අපේක්‌ෂා කෙරේ. ජනතා කැමැත්ත ඇතිවාක් මෙන්ම අන්‍යමත ඉවසීමටත් ඒ තුළින් පාලන කටයුතු සාර්ථක කර ගැනීමටත් අවශ්‍ය ලක්‌ෂණ උකහා ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආණ්‌ඩු පක්‌ෂය මෙන්ම විපක්‌ෂයක් හෝ බහු පක්‌ෂ ගණනාවක් තිබිය හැකිය. නමුත් ආණ්‌ඩු පක්‌ෂයේ සියලුම කාර්යයන් සඳහා විරුද්ධ වීම විපක්‌ෂයේ අරමුණ නොවිය යුතුය. රට සංවර්ධනයට අදාල වන ආණ්‌ඩුවේ යහපත් ක්‍රියාමාර්ග වලට සහයෝගය දැක්‌වීම දේශපාලනික වශයෙන් විරුද්ධ පක්‌ෂයේ කාර්යභාරය වේ. මේ නිසා අන්‍ය මතවලට ගරු කිරීම තුළින් රට සංවර්ධනය කරා ගෙන යා හැකිය.
සමාජ ආර්ථික :
බහු සංස්‌කෘතික සමාජයක් තුල විවිධ භාෂා කථාකරන, විවිධ ජාතීන්ට අයත් ජනකොටස් සිටිය හැකිය. මෙම විවිධත්වය හදුනාගෙන විවිධත්වය සංවර්ධන කාර්යයට යොදාගත හැකි මාර්ග කොතෙකුත් ඇත. මේ සඳහා අන්‍යයන්ට ගරු කිරීම සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාව යන ගුණධර්ම පුහුණු කළ යුතුවේ. වර්ග භේදයකින් හෝ ජාති, ආගම්, කුල වශයෙන් භේද නොවී සියල්ලෝම රටෙහි නිෂ්පාදනයට හවුල් කරුවෝය යන ආකල්පයෙන් යුතුව වැඩකළ යුතුය. වෙනස්‌කම් තුළින් එකමුතු වෙමු යන ආදර්ශ පාඨය රටකට ඉතා වැදගත්ය. රටෙහි සියලු වැසියෝ එකම ජාතියක් ලෙස පෙනී සිටීම කලයුතුය. ජාති, ආගම්, කුල භේදවලින් තොරව ජනතා සුභසිද්ධිය කෙරෙන කටයුතුවලින් යහපත් පාලන ක්‍රමයක් ඇති වේ. එවැනි පාලන ක්‍රමයක් ඇති රටවල් ඇති රටවල් ඉතා ඉක්‌මනින් සංවර්ධනය කරා යොමුකළ හැකිය. භේද භින්න වී නිරතුරුව ගැටුම් පවතින සමාජයක් තුලින් යහපත් සමාජ සංවර්ධනයක් කිසිවිටෙකත් ඇති නොවේ. එමෙන්ම රටක් තුළ ජීවත්වන ජනතාවගේ ආර්ථික තත්වය කුමන මට්‌ටමේ වුවද ඔවුන් කිසියම් ප්‍රමාණයකින් රටේ සංවර්ධනයට උර දෙන්නෝ වෙති. ධහි දුප්පත් පොහොසත් භේදයකින් තොරව ජනතාවට සැලකිලි දැක්‌විය යුතුය. එමඟින් පෙරළා ඔවුන්ගේ සහයෝගය රටට, ජනතාවට ලැබිය හැකිය.
සංස්‌කෘතිය :
එක් රටක් තුළ විවිධ සංස්‌කෘතීන්ට අයත් ජනතාවක් සිටිය හැකිය. මොවුන් සියල්ල ඒකරාශී වූ විට රටක ශක්‌තිය ඒ මත රදා පවතී. එබැවින් අන්‍ය සංස්‌කෘතීන්ට ගරු කිරීම මෙන්ම ඒවා අගය කිරීම තුළින් සෑම සංස්‌කෘතියක්‌ම එකිනෙකට සහජීවනය අත්‍යවශ්‍ය දෙයකි. ස්‌විට්‌සර්ලන්තය, බෙල්ජියම, ඇමෙරිකා එක්‌සත් ජනපාදය වැනි රාජ්‍යයයන් පාලන කටයුතු අතින් අද ලොව ප්‍රමුඛස්‌ථානය ගෙන ඇත්තේ විවිධ සංස්‌කෘතීන්ට අයත් ජනතාවට සමානාත්මතාවයෙන් යුතුව සැලකීම මඟිනි. සෑම ජනකොට්‌ඨාශයකටම සමාන බලතල පවරාදී එම විවිධත්වය තුළින් මධ්‍යම ආණ්‌ඩුව ඒකීයත්වය රැකගෙන ඇත. මෙනිසා යහපාලනය උදෙසා අන්‍ය සංස්‌කෘතීන්ට ගරු කිරීමේ වැදගත්කම වටහාගත යුතුය.
4. මූලික ආර්ථික ප්‍රශ්න හදුනා ගැනීම හා ආර්ථික ක්‍රියා නිර්වචනය කිරීම
ආර්ථික විද්‍යාව සාමාජීය විද්‍යාවකි. මිනිසුන් සමාජයේ හැසිරෙන ආකාරයන් පිළිබඳව විවිධ දෘෂ්ටි කෝණවලින් අධ්‍යයනය කිරීම මෙහි කාර්යභාරය වේ. ආර්ථිකය තුළ විවිධ නිෂ්පාදන කටයුතුවලට දායකවීමෙන් මිනිසා ලබන ආදායම් සිය පරිභෝජන කටයුතු සඳහා වැය කරනු ලබයි. එහිලා පුද්ගලයන් හා සමාජය ක්‍රියා කරන ආකාරය ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කෙරේ. මෙතුළින් පාරිභෝගික හැසිරීම, ව්‍යාපාර චර්යාවන්, ආදායම් ව්‍යාපෘතීන්, ආර්ථික වර්ධනය, රාජ්‍ය අය වැය, විදේශ වෙළඳාම (ආනයන, අපනයන) වැනි කරුණු පිළිබඳ පුළුල්ව අධ්‍යයනය කෙරේ.
ආර්ථික විද්‍යාඥ ලයනල් රොබින්ස් විග්‍රහ කර ඇති ආකාරය අනුව ආර්ථික විද්‍යාව "විකල්ප ප්‍රයෝජන ඇති හිඟ සම්පත් සහ වුවමනාවන් අතර සම්බන්ධතාවක් වශයෙන් මිනිස් හැසිරීම් අධ්‍යයනය කරන විද්‍යාවකි." සරලව දැක්‌වුවහොත් ආර්ථික විද්‍යාව විකල්ප ප්‍රයෝජන සඳහා යෙදවිය හැකි හිඟ සම්පත් භාවිතයෙන් අසීමිත මිනිස් වුවමනා ඉටුකර ගන්නා ආකාර අධ්‍යයනය කරන විෂයකි.
ඉහත නිර්වචනය තුළ ගැබ්ව ඇති අසීමිත මිනිස් වුවමනා, සම්පත් හිඟකම සහ විකල්ප ප්‍රයෝජන පිළිබඳ වැඩි විස්‌තර සැකෙවින් අධ්‍යයනය කරමු.
* අසීමිත වුවමනා :-
මිනිසා මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් තෘප්තිමත් වන සත්වයකු නොවේ. මිනිස් අවශ්‍යතා අසීමිතය. මිනිස් අවශ්‍යතා කාලයක් සමඟ වර්ධනය වේ. අතීත මුතුන් මිත්තන් ත’;ළ නොවූ විවිධ අවශ්‍යතා වර්තමාන පරපුරට ඇත. එක් අවශ්‍යතාවක් ඉටු වූ විට, තවත් අවශ්‍යතාවක් ඇතිවේ. මේ නිසා සමාජයේ ඕනෑම අවස්‌ථාවක ඉටුකර නොගත් අවශ්‍යතා විශාල වශයෙන් පවතියි. මෙම මිනිස් අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌වේ.
* හිඟ / සීමිත සම්පත් :-
කිසියම් අවස්‌ථාවක රටක් සතුව පවතින සම්පත් උපරිම වශයෙන් යොදා ගැනීමෙන් ලබා ගත හැකි නිෂ්පාදිතය එරට ජනතාවගේ සියලු අවශ්‍යතා තෘප්තිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. මෙය ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි සංවර්ධනය වන රටවලට මෙන්ම එක්‌සත් ජනපාය, එක්‌සත් රාජධානිය වැනි සංවර්ධිත රටවලට ද පොදු මූලධර්මයකි. මෙයට හේතුව සම්පත්වල ඇති සීමිත බව හෙවත් හිඟ කම ය. හිඟකම සාපේක්‌ෂ සංකල්පයකි. ඝින් අදහස් වන්නේ අසීමිත මිනිස් වුවමනාවලට සාපේක්‌ෂව සම්පත්වල ඇති මද කමයි. මෙය ආර්ථික භාණ්‌ඩවල ප්‍රධාන ලක්‌ෂණයකි. හිඟකම හේතුකොටගෙන සම්පත්වලට හිමිකමක්, නිෂ්පාදන පිරිවැයක්, මිලක් සහ විකල්ප ප්‍රයෝජන ඇතිවේ. ආර්ථික භාණ්‌ඩවලට උදාහරණ ලෙස අප භාවිතා කරන පොත්, පෑන්, ඔරලෝසු, ඇදුම්, පාවහන්, නිවෙස්, දුරකථන වැනි දේ දැක්‌විය හැකිය.
එහෙත් මිනිස් පැවැත්මට අවශ්‍ය ඇතැම් භාණ්‌ඩ ස්‌වභාවධර්මයා විසින්ම පිරිවැයක් රහිතව මානව වර්ගයාට දායාද කර ඇත. වාතය සහ හිරුඑළිය මීට කදිම නිදසුන්ය. මෙවැනි භාණ්‌ඩ නොමිල භාණ්‌ඩ / අමුල්‍ය භාණ්‌ඩ යනුවෙන් හැඳින්වේ. මේවාට නිශ්චිත මිලක් නොමැති අතර විකල්ප ප්‍රයෝජනද නොමැත. නොමිල භාණ්‌ඩවල සැපයුම මිනිසාට හෝ ආර්ථිකයට පාලනය කළ නොහැකිය.
* විකල්ප ප්‍රයෝජන :-
මිනිස් අවශ්‍යතා අසීමිත වීමත්, සම්පත් සීමා සහිත වීමත් හේතුවෙන් හිඟකම නමැති මූලික ආර්ථික ප්‍රශ්නය බිහිවේ. එනිසා ආර්ථික සම්පත් සියල්ලම එක් ප්‍රයෝජනයකට වඩා වැඩි ප්‍රයෝජන සංඛ්‍යාවක් සඳහා යෙදවිය හැකිවේ. උදාහරණයක් ලෙස යම් සැලකිය යුතු මුදලක් අතැති පුද්ගලයකු හට එම මුදල පරිභෝජනය සඳහා භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීම ද, ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කිරීම ද, බැංකුවක තැන්පත් කර පොලී ආදායම් ඉපයීම ද වැනි විවිධ විකල්ප ප්‍රයෝජන රාශියක් මතුවේ. මෙසේ විකල්ප රාශියක් පුද්ගලයකු වටා ඇතිවූවද සම්පත්වල ඇති සීමා සහිත බව නිසා එක් විකල්පයක් තෝරා ගැනීමට සිදුවේ. ඉහත උදාහරණයට අනුව එම පුද්ගලයා සිය අතැති මුදල බැංකුවක තැන්පත් කළහොත් අනිත් විකල්පයන් කැප කිරීමට සිදුවේ.
මූලික ආර්ථික ප්‍රශ්න
සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ වුවමනා සියල්ල තෘප්තිමත් කිරීම සඳහා යම් අවස්‌ථාවක සමාජය සතු සියලු සම්පත් ප්‍රමාණවත් නොවේ. මෙම සම්පත් හිඟකම හේතුකොට ගෙන ඕනෑම ආර්ථිකයක් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න තුනකි.
1. කුමන භාණ්‌ඩ / සේවා කොපමණක් නිෂ්පාදනය කළ යුතු ද?
2. කෙසේ නිෂ්පාදනය කළ යුතු ද?
3. කා සඳහා නිෂ්පාදනය කළ යුතු ද?
* භාණ්‌ඩ / සේවා කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු ද?
ආර්ථික සම්පත් හිඟ නිසාත් ඒවායින් විකල්ප ප්‍රයෝජන රාශියක් ගත හැකි නිසාත් එක් විකල්පයක් තෝරා ගැනීම මෙහිලා වැදගත්වේ. මෙම තෝරා ගැනීම කුමක් ද? ඒ කොපමණ ද? යන්න තීරණය කිරීම එක් මූලික ආර්ථික ප්‍රශ්නයකි.
* කෙසේ නිෂ්පාදනය කළ යුතු ද?
මෙමගින් අදහස් කෙරෙන්නේ විකල්ප නිෂ්පාදන ශිල්ප ක්‍රම අතුරින් වඩාත් යොග්‍යතම ශිල්ප ක්‍රමය තෝරා ගැනීමයි. එනම් ප්‍රාග්ධන සූක්‌ෂම ශිල්ප ක්‍රමය හා ශ්‍රම සූක්‌ෂම ශිල්ප ක්‍රමය අතුරින් ආර්ථිකයට වඩාත්ම උචිත ශිල්ප ක්‍රමය තෝරා ගැනීමයි. ප්‍රාග්ධන සූක්‌ෂම ශිල්ප ක්‍රමයේ දී ප්‍රාග්ධන භාණ්‌ඩ වැඩිපුර යොදවන අතර ශ්‍රමය අඩු වශයෙන් යොදා ගැනේ. ශ්‍රම සූක්‌ෂම ශිල්ප ක්‍රමයේදී වැඩිපුර යොදා ගන්නේ ශ්‍රමයයි.
* කා සඳහා නිෂ්පාදනය කළ යුතු ද?
කා සඳහා නිෂ්පාදන කළ යුතු ද යන ප්‍රශ්නයෙන් අදහස් කෙරෙන්නේ නිෂ්පාදිතය පුද්ගලයන් අතර බෙදා හැරිය යුතු ආකාරයයි. මෙහිලා රටක නිෂ්පාදිතය රටේ සියලු දෙනා අතර සමසේ බෙදා හැරිය යුතු ද නැතහොත් පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්‌තිය මත තීරණය කළ යුතු ද යන්න විසඳා ගත යුතුය.
ඉහත සඳහන් පරිදි ආර්ථිකය ඇති මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගත හැකි විවිධ ක්‍රම සමාජවාදී, ධනවාදි සහ මිශ්‍ර අර්ථ ක්‍රම මඟින් පිළිබිඹුවේ.