ප්‍රධාන වශයෙන් ගත් කල ශ්‍රි ලංකාවේ නර්තන සම්ප්‍රදායන් 3ක් දක්‌නට ඇත.
1. උඩරට නැටුම් සම්ප්‍රදාය.
2. පහතරට නැටුම් සම්ප්‍රදාය.
3. සබරගමු නැටුම් සම්ප්‍රදාය.
මේ ප්‍රධාන සම්ප්‍රදායන් ප්‍රාදේශීය වශයෙන් ආරම්භ වූ නර්තන සම්ප්‍රදායන් වන අතර සම්පූර්ණයෙන්ම දේශිය සංස්‌කෘතියේ අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන විශේෂයන් ය. මේ නැටුම් සම්ප්‍රදායනට නම් ලැබී ඇත්තේ එම සම්ප්‍රදායන් ආරම්භ වූ හා වඩාත් ප්‍රචලිත ව පවතින ප්‍රදේශ හේතුවෙන් බව පෙනේ.
උදාහරණයක් ලෙස උඩරට නැටුම් කලාව වඩාත් ප්‍රචලිත මහනුවර ආසන්න ප්‍රදේශවල වන බැවින් එම සම්ප්‍රදායට උඩරට නැටුම් යෑයි පැවසේ. ඒ අනුව දකුණු පලාතේ ප්‍රාදේශියන් හි පහතරට නැටුමත්, රත්නපුරය ආශ්‍රිත ප්‍රදේශයන් හි සබරගමු නැටුමත් වේ.
ඉහතින් සඳහන් ප්‍රධාන නැටුම් සම්ප්‍රදායනට අමතර තවත් විවිධ වූ (ප්‍රකට අප්‍රකට ) විදේශීය අභාෂයන් ගෙන් සැදුම් ලත් නර්තන සම්ප්‍රදායන් කිහිපයක් ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබේ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර පලාත් වල ප්‍රචලිත ඉන්දීය සම්ප්‍රදායානුකූල භරත නාට්‍යම් නැටුම් සම්ප්‍රදායයි.