ලෝකයේ බොහෝ රටවල් සලකා බලනවිට විවිධ සංස්‌කෘතීන්ට අයත් ජාතීන්ගේ එකතුවක් බව පෙනී යයි. එකම රටක් තුළ වුවද එකම ජාතියකට අයත් වූවත් පළාත් බඳ එකිනෙකා භාවිතා කරනු ලබන භාෂා උච්චාරණයේ හෝ සිරිත් විරිත්වල වෙනසක් පවතී. මෙනිසා බහු සංස්‌කෘතික සමාජ තිබීම පොදු ලක්‌ෂණයකි. නමුත් කල්යත්ම බහු සංස්‌කෘතියක උපසංස්‌කෘතියක් ලෙස පැවතීම ප්‍රතික්‌ෂේප කර තම අනන්‍යතාව ඉස්‌මත’ කර දැක්‌වීමට උනන්දුවේ. බොහෝ විට මෙවැනි අවස්‌ථාවල ජනකොට්‌ඨාශ අතර මතභේද හටගනී. මෙම මත භේදවලට සාර්ථකව මුහුණ දී ඇති නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය අතර අධ්‍යයනය කළයුතු රටවල් රැසකි. මේ අතරින් ස්‌විට්‌සර්ලන්තය, බෙල්ජියම ප්‍රධාන වේ.
ස්‌විට්‌සර්ලන්තය භාෂා හතරක් කථාකරන (ජර්මන්, ඉතාලි, ප්‍රංශ, රෝමනේෂ්) ජනකොට්‌ඨාශ වලින් යුක්‌තය. එමෙන්ම ඔවුන්ගේ සම්භවය ජාතීන් කිහිපයකගෙන් යුක්‌තය. එනම් ජර්මන්, ඉතාලි සහ ප්‍රංශ යන ජාතීන්ගෙන් පැවතෙන්නෝය. ආගම් ඇදහීම අතින් ද පොතෙස්‌තන්ත්‍ර සහ කතෝලික වශයෙන් වෙන්ව ඇත. මෙසේ බහු සංස්‌කෘතික සමාජ ලක්‌ෂණයන්ගෙන් යුක්‌ත වුවද ස්‌විස් ජනතාව ස්‌ව පාලනය සම්බන්ධ ආදර්ශවත් රටක් ලෙස ලොව පිළිගැනේ. ඔවුන්ගේ ආගම් සහ භාෂා අතර ඇති වෙනස්‌කම් ඔවුනට ආශිර්වාදයක් වී ඇත. යඑට හේතුව මෙම බහු සංස්‌කෘතික වෙනස්‌කම් තුළින් ඒකීයත්වයන් සහ දේශානුරාගයක් ඉස්‌මත’ වී එකම ස්‌වීස් ජාතියක් ලෙස පෙනී සිටීමට ඔවුහු පෙළැඹී සිටීමයි. ස්‌වීට්‌සර්ලන්තයේ ජනතාව තම එක් එක් කණ්‌ඩායමේ අනන්‍යතාවය රැකගැනීමට අනෙක් කණ්‌ඩායම්වලට ඇති අයිතියත් එකසේ පිළිගනිති. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලක්‌ශණ ඉතා උතුම් ලෙස සලකන ජාතියක් ලෙස අද ලොව ඉහළින්ම සිටින්නේ ස්‌වීස් ජාතිකයෝය.
ස්‌විට්‌සර්ලන්ත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ලිඛිත ව්‍යවස්‌ථාවකි. මෙය අභ්‍යන්තර ගැටුම් ඇතිවීම වැලැක්‌වීම සඳහා යෙදුණු ව්‍යවස්‌ථාවක් වේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක් ඇති කිරීමට ස්‌විට්‌සර්ලන්ත වැසියන් 1000,000 ගේ කැමැත්ත ඇතිව ඉදිරිපත් කරනු ලබන පෙත්සමකින් හැකිය. ස්‌විට්‌සර්ලන්තයේ ක්‍රියාත්මක වන්නේ සන්ධීය රාජ්‍යයක් ලෙසිනි. මෙහිදී ප්‍රාදේශීය කැන්ටන් 26 කගේ බලය මධ්‍යම රජය විසින් ඒකරාශී කර ඇත. කැන්ටන් හෙවත් සංයුත රාජ්‍යවලට සීමාවන් පනවා ඇති නමුදු ඔවුන් ඔවුන්ට වෙන් වූ විෂය ක්‍ෂේත්‍රය තුළ ස්‌වාධිපත්‍යය භුක්‌ති විඳිති. මේ බව ස්‌විට්‌සර්ලන්ත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මෙසේ සඳහන් වේ.
”ස්‌විට්‌සර්ලන්ත සංයුත රාජ්‍යය බිහි වූයේ එම සංයුක්‌තයට අයත් ප්‍රදේශවල රාජ්‍යයේ සමඟිය, ශක්‌තිය ගෞරවය පවත්වා එය වැඩිදියුණු කිරීමටත් ස්‌විට්‌සර්ලන්ත රාජ්‍යයේ එකමුතුකම ආරක්‌ෂා කරගනු පිණිසත් ය."
මෙසේ බලන විට කැන්ටන් නම් ප්‍රාදේශී, රාජ්‍යවලට බලතල පවරා ඇත්තේ වෙනස්‌කම් තුලින් එකමුතු බව ආරක්‌ෂා කර ගැනීම සඳහා බව පෙනේ. සන්ධීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් මෙන්ම කැන්ටන් හි ව්‍යවස්‌ථා මගින් ද සහතික කෙරෙන්නා වූ ජනතා අයිතිවාසිකම් ස්‌විට්‌සර්ලන්ත අධිකරණය මගින් ද ආරක්‌ෂා කෙරේ. මෙම අයිතිවාසිකම් දේශපාලනික සහ සමාජයීය වෙනස්‌කම් මෙන්ම සුළු පක්‌ෂ ආරක්‌ෂාකර, බහු පක්‌ෂ ආඥාදායකත්වය කරා යොමුවීම වළක්‌වන ආරක්‌ෂක පවුරු වැනියයි ද හෑන්ස් හියුබර් නම් දේශපාලඥයා සඳහන් කරයි.
බෙල්ජියම :
බෙල්ජියම ද බහු සංස්‌කෘතික සමාජයක් ඉතා යහපත් අයුරින් පවත්වාගෙන යනු ලබන රටකි. ඝූල්කාලයේ බෙල්ජියමේ පැවතියේ රාජාණ්‌ඩුවකි. අද ද එහි නාම මාත්‍රික විධායක බලය සහිත රජ කෙනකු සිටී. එතුමා බෙල්ජියමේ රාජ්‍ය සංකේතය ලෙස සැලකේ. ප්‍රංශයට යටත්ව තිබී නිදගස ලැබූ බෙල්ජියමේ භාෂා තුනක් කථා කරන ජනතාවක් සිටී. ජර්මානු, ප්‍රංශ සහ ඕලන්ද යන භාෂා ත්‍රිත්වය වෙනුවෙන් පෙඩරල් ක්‍රමයේ එනම් එකඑ ක භාෂාවෙන් කතා කරන අය වෙනුවෙන් ප්‍රාන්ත තුනක් ද වෙන්කොට ඇත. එමෙන්ම භුගෝලීය පරිසරය අනුව තවත් ප්‍රාන්ත තුනක් ද වෙන්කොට ඇත. මෙම එක් ප්‍රාන්ත රාජ්‍යයක් සහ ඕලන්ද බස කථාකරන ජනකොටසක් ඇති ප්‍රාන්තයක් ද එක් කොට එක ප්‍රාන්තරාජ්‍යයක් ලෙස ගෙන ප්‍රාන්ත රාජ්‍ය පහක් වෙන්කොට ඇත.
මෙසේ භාෂා මූලික සහ භුගෝලීය ලක්‌ෂණ මූලික කරගෙන සන්ධීය ක්‍රමයේ හෙවත් පෙඩරල් ක්‍රමයේ ආණ්‌ඩු ක්‍රියාත්මක වන අතර ඒ ඒ ප්‍රාන්තවල වාසය කරන ජනතාවගේ ගැටලු විසඳීමට මෙම ක්‍රමය යොදාගෙන ඇත. බහු සංස්‌කෘතික ලක්‌ෂණ සහිත සමාජයක් තුළ බලය බෙදා හැර ඇති රටකට බෙල්ජියම කදිම නිදසුනකි. මෙම ප්‍රාන්ත ආණ්‌ඩුවල කටයුතු ස්‌වාධීනව කරගෙන යා හැකි නමුත් ජාතික ආරක්‌ෂාව, විදේශ කටයුතු, අධිකරණය ආදී වැදගත් ආයතනයන්හි බලය රඳා පවතින්නේ බෙල්ජියමේ මධ්‍යම රජය සතු වෙයි. බහු භාෂා කථා කරන සමාජයක් තුළ ඇතිවන ගැටළුකාරි තත්වය මඟහරවා ගැනීමට මෙසේ බෙල්ජියම් රජය බලය විකේන්ද්‍රණය කර ඇත. බහු සංස්‌කෘතික සමාජවල ගැටලු නිරාකරණය කිරීමේ මාර්ගයක් ලෙස බෙල්ජියම අනුගමනය කර ඇති ක්‍රමය ඉතා සාර්ථකය.