බෙල්ජියම ද බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සාර්ථකව කටයුතු කරගෙන යන රාජ්‍යයක් ලෙස දැක්‌විය හැකිය. බෙල්ජියමේ විවිධ භාෂා කථාකරන ජනතාව සඳහා ජනවාර්ගික පාර්ලිමේන්තු තුනක් එනම් ජර්මන්, ප්‍රංශ, ෆ්ලේම්ෂ් යන පාර්ලිමේන්තු ද කලාප වෙනුවෙන් පිහිට වූ පාර්ලිමේන්තු 3ක් ද එනම් ප්ලාන්ඩර්ස්, වෙලෝනියා සහ බ්‍රසල්ස් යනුවෙන් ද දක්‌නට ඇත.
මෙසේ විවිධ පාර්ලිමේන්තු පිහිටුවීමට හේතුව ඒ ඒ භාෂාවන් කථාකරන ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම සඳහා ය. බෙල්ජියමේ නාමික අගයක් ඇති රජ කෙනෙකු සිටින නමුත් මහජන ඡන්දයෙන් පත්වන රජය ඔහු පිළිගත යුතු වේ. රටෙහි මුළු ජාතික වියදමෙන් හරි අඩකටත් වඩා එනම් 60% වැඩි ප්‍රමාණයක් මධ්‍යම රජය විසින් දරනු ලැබේ. සියලු පුරවැසියන්ගේ අයිතීන් රැකගැනීමේ යුතුකම මධ්‍යම රජය සතුය.
බෙල්ජියමේ බලය බෙදාහැරීමේ සැකැස්‌ම (පින්තුරය)
1970 දී ආරම්භ වූ එහි සන්ධීය ක්‍රමය තුළින් විවිධ භාෂා කථාකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‌ෂිත කරමින් අද දක්‌වාම සංවර්ධනය වෙමින් පවතී. සන්ධීය මධ්‍යම රජය නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය, සෙනෙට් සභාව සහ රජතුමාගෙන් යුක්‌ත වෙයි. කලාපීය රජයන් හෝ ජනවාර්ගික රජයන් අතර පැනනගින ගැටලුවලට මැදිහත්වීමේ කාර්ය සහ විසදුම් ඉදිරිපත් කිරීමේ කටයුත්තට මැදිහත් වන්නේ සෙනෙට් සභාවයි. බෙල්ජිය මසන්ධීය රාජ්‍යක්‍රමයේ විශේෂත්වය වන්නේ ඒකීය රාජ්‍ය තත්වයේ පැවති රාජ්‍යයක් සන්ධීය ක්‍රමයට මාරුවීම සම්බන්ධයෙනි. විවිධ ජනවාර්ගික ගැටළු සම්බන්ධයෙන් සාධාරණ තීරණ ගැනීමේ අවශ්‍යතාව මත බෙල්ජියම මෙසේ සන්ධීය ක්‍රමයට හුවමාරු විය. මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවලට ද විසදුමකි වේයැයි විද්වතුන්ගේ මතයයි. ඪිවිධත්වය තුළින් ඒකීයත්වය ආරක්‌ෂා කිරීමේ හොඳම ආදර්ශය බෙල්ජියම ලෙස සැලකේ.
බෙල්ජියමේ ජනවාර්ගික පාර්ලිමේන්තු තුනක් ඇත. ජර්මන් භාෂා ප්‍රංශ භාෂා කථාකරන ජනතාව වෙනුවෙන් සහ ඕලන්ද සහ මිශ්‍රභාෂා කථාකරන (ෆ්ලෙමිෂ්) ජනතාව වෙනුවෙන් ද යනුවෙනි. කලාපීය පාර්ලිමේන්තු තුනෙන් දෙකක් වෙලෝන් සහ බ්‍රසල්ස් යනුවෙන් දැක්‌වෙන අතර තෙවන කලාපීය පාර්ලිමේන්තුව ඕලන්ද සහ මිශ්‍ර භාෂා කථාකරන ජනතාව ඇති ෆ්ලේමිෂ් කොට්‌ඨාශය සමඟ ඒකාබද්ධව ද පවතී.