ප්‍රජාතන්ත්‍රවාදය නූතන ලෝකයේ ඉතා ජනප්‍රිය දේශපාලන දර්ශනයකි. නිදහස් චින්තනය සාකච්ඡාව ආදියෙන් තීරණ වලට එළැඹීමට ඇති ඉඩප්‍රස්‌ථා නිසා මෙම පාලනය වැදගත් වී ඇත. අනෙකුත් දේශපාලන ක්‍රමවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය යහපත් වන්නේ මිනිස් අයිතිවාසිකම් සුරැකිමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරමින් කෙරෙන පාලන ක්‍රමයක් බැවිනි. ආණ්‌ඩුව නියමිත කාලයට මහජනයා විසින් තෝරා පත්කරන නිසා නියමිත කාලයෙන් පසුව නැවත පත්වීමට නම් මහජන කැමැත්ත අත්‍යවශ්‍යයය. මෙනිසා ආණ්‌ඩුව ජනතා ශුභසිද්ධිය සඳහා කටයුතු කිරීමට පෙළඹේ. විරුද්ධ පක්‌ෂය වුවද නැවත බලයට පත්වීමේ අභිප්‍රායෙන් කටයුතු කරන නිසා ජනතා ප්‍රසාදය දිනාගැනීමේ උත්සාහයක යෙදී සිටී. එනිසා මහජනයා විසින් මහජනයා සඳහා මහජනයා තෝරාගන්නා පාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වේ.
ඒකාධිපති පාලනයකට හෝ හිතුවක්‌කාරී ආඥාදායක පාලනයකට නතුවී සිටීමට රට වැසියන් අකමැතිය. එමෙන්ම ස්‌වල්ප දෙනෙකුගේ සිතැඟි අනුව කෙරෙන පාලනයකට ද වැසියෝ කැමති නොවෙති. ධබැවින් රටවැසියාගේ ජීවත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ජනතා අභිවෘද්ධියට අවශ්‍ය සේවාවන් සපයන මිනිස් සමාජයේ ගරුත්වය ආරක්‌ෂාවන අන්දමේ පාලනයකට සියල්ලෝම කැමති වෙති.