17. ජනාධිපති ක්‍රමය
 

"ජනාධිපති ආණ්‌ඩුක්‍රමයක්‌ යනු විධායක බලතල සියල්ල ජනාධිපති තනතුර වෙත ඒකරාශි කරන ලද, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් යොදන ලද විධිවිධාන මඟින් ව්‍යවස්‌ථාදායකයේ බලපෑමෙන් නිදහස්‌ කරන ලද ස්‌වාධීන පැවැත්මක්‌ සහිත තම දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යවස්‌ථාදායකයට වග නොකියන ආණ්‌ඩුක්‍රමයකි."  - ගානර්


ඉහත ප්‍රකාශයෙන්ම ජනාධිපති ආණ්‌ඩුක්‍රමය පිළිබඳ නිර්වචනයක්‌ ධ්වනිත වෙයි. පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය තුළ විධායකයන් විසින් ක්‍රියාවට නංවනු ලබන බලතල ජනාධිපති ක්‍රමය තුළ ක්‍රියාවට නංවන්නේ ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිවරයා, ආණ්‌ඩුවේ නායකයා මෙන්ම රාජ්‍ය නායකයා ලෙස ද ක්‍රියා කරයි. විවිධ රටවල ජනාධිපති ආණ්‌ඩුක්‍රමයක්‌ පවතින අතර කොංග්‍රස්‌ මණ්‌ඩලය, ජනාධිපති සහ ශේෂ්ඨාධිකරණ යන අංශ තුන ස්‌වාධීන මණ්‌ඩල ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ පවතින්නේ ජනාධිපති, පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණ නයන පාලන අංශයන්ය. ජනාධිපති ආණ්‌ඩුක්‍රමය පවතින රටවල ජනාධිපතිවරයා තේරීපත්වන්නේ මැතිවරණයකිනි. එබැවින් මහජනයා විසින් නියමිත කාල පරිච්ඡේදයකට ජනාධිපතිවරයා පත්කරනු ලැබේ. එනිසා ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථාදායක සභාව සමඟ විධායක කටයුතු සම්බන්ධයෙන් බැඳීමක්‌ නොමැත. ශ්‍රී ලංකා විධායක ජනාධිපතිවරයා අවු. 6ක කාලයක්‌ සඳහා තේරීපත්වන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරියත්, නියමිත කාලය අවසානයේ මැතිවරණයක්‌ පැවැත්වූවත් ජනාධිපතිවරයා සිය නිල කාලය අවසන් වන තුරු සිය ධූරය දැරීමට බාධාවක්‌ නොවේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේය. වෙනත් රටවල තානාපතිවරුන් පිළිගැනීම ඔවුන්ට බලතල පැවරීමද ජනාධිපතිවරයාගේ කාර්යය වන්නේය. පාර්ලිමේන්තුවේ සභාවාර ආරම්භයේ මුලසුන ගැනීමේ කටයුත්ත ද ජනාධිපතිවරයා විසින් කරනු ලබයි. ශ්‍රී ලංකා අධිකරණයකින් වරදකරුවෙකු වූ අයෙකුගේ දඬුවම් ලිහිල් කිරීම සමාව දීම හෝ නිදහස්‌ කිරීම ද ජනාධිපතිවරයාට බලය ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිධූර කාලය තුළදී කරනු ලබන කියනු ලබන දෙයක්‌ සම්බන්ධව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැක. ජනාධිපතිවරයා සතු බලතල විධායක කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් ඉතා ස්‌වාධීන මෙන්ම ශක්‌තිමත් ස්‌වභාවයක්‌ ගෙන ඇති බව මින් පැහැදිලි වේ.


























ජනාධිපති ක්‍රමයේ වාසි


ජනාධිපති ක්‍රමයේ අවාසි

* ජනාධිපතිධූරය ස්‌ථාවර තත්වයක්‌ දැරීම නියමිත කාලය අවසන් වනතුරු දෝෂාභියෝගයක්‌ හෝ මියයාම වැනි කරුණකින් නොවේනම් ධූරකාලය අවසන් වනතුරු එම ධූරය උසුලනු ලැබේ. * විධායකය අත්තනෝමතික තත්වයකට පත්වීමට ඉඩ ඇත.
* දෙශපාලනමය අර්බුද අවස්‌ථාවලදී සුදුසු පරිදි මුහුණදීමට හැකියාව ලැබේ. * ව්‍යවස්‌ථාදායකයට වග නොකියන නිසාත් නිලයට හිමිවන අධික බලතලත් නිසාත් ප්‍රමාණය ඉක්‌මවා ලැබෙන සුරක්‌ෂිත තත්වය මත බලය අයුතුලෙස භාවිත කළ හැකිය.
* පාලනය කාර්යක්‌ෂම වේ. අමාත්‍ය මණ්‌ඩලය විසිරීගිය අවස්‌ථාවක වුවද දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලවා කටයුතු කරවා ගැනීමේ බලතල මෙම ධූරයට ඇත. * කුමන්ත්‍රණ හෝ විප්ලව මඟින් ජනාධිපතිවරයෙකු තෝරා පත් වූ විට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ හැකියාව වැඩිවීම.
* පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය තුළ ව්‍යවස්‌ථාදායකය සහ විධායකය එකිනෙක මත රැඳී පවතින නමුත් ජනාධිපති ක්‍රමයේදී විධායකය ව්‍යවස්‌ථාදායකයේ බලපෑමෙන් තොරව ස්‌වාධීනව පවතී. * දේශපාලනික වශයෙන් අස්‌ථාවර ස්‌වභාවයක්‌ ගැනීමේ අවස්‌ථා උදාවීම. නිදසුනක්‌ ලෙස ජනාධිපතිවරයා එක්‌ පක්‌ෂයකින් ද ආණ්‌ඩුව තවත් පක්‌ෂයකින් ද තේරීපත් වූ විට මත ගැටුම් ඇති වී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දුෂ්කර විය හැකිය.
* ජනාධිපතිවරයා මහජනතාවට වගකීමට බැඳී සිටී. * ජනාධිපතිවරයා පක්‌ෂ නායකත්වයෙන් ද යුක්‌ත වූ විට පක්‌ෂයේ කටයුතු ප්‍රජාතාන්ත්‍රික ස්‌වභාවයෙන් බැහැර විය හැකිය.
* බහු පක්‌ෂ ක්‍රමයක්‌ පවතින රටවල දේශපාලන අස්‌ථාවරත්වය මඟහරවා ගැනීමට ස්‌ථීර ජනාධිපති නිලයක්‌ තිබීම වැදගත්ය. * ජනාධිපතිවරයාගේ පරිපාලනමය කටයුතු සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අධීක්‌ෂණය කිරීමට ආයතනයක්‌ නොවීම නිසා විධායකය නිසි පාලනයකින් තොරවීම.


(c) Shilpa Sayura Foundation 2006-2017