16. විවිධ ආණ්‌ඩුක්‍රම
 

පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය


පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය කැබිනට්‌ ආණ්‌ඩුක්‍රමය නමින් ද හඳින්වේ. ආණ්‌ඩුක්‍රමය තුළ විධායක බලය ක්‍රියාවට නංවනි ලබන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලය මගිනි. ව්‍යවස්‌ථාදායකයට සාමූහිකව වගකියමින් ඔවුහු තම කාර්යභාරය ඉටු කරති.
පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය තුළ ව්‍යවස්‌ථාදායකය සහ විධායකය අතර සෘජු සම්බන්ධතාවක්‌ ඇත. යඑට හේතුව වන්නේ විධායකය තෝරාගනු ලබන්නේ ව්‍යවස්‌ථාදායකය තුළින් වීමයි. නිදසුනක්‌ ලෙස මහජන ඡන්දයෙන් තෝරා පත්වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් ව්‍යවස්‌ථාදායකය සැදුම්ලත් වේ. මෙම මන්ත්‍රී කණ්‌ඩායමේ බහුතර ආසන සංඛ්‍යාවක්‌ ලබාගත් පක්‌ෂයේ නායකයා අගමැති වශයෙන් ද අගමැතිගේ උපදෙස්‌ මත මන්ත්‍රීවරුන් අතුරින් කැබිනට්‌ ඇමතිවරු ද තෝරා ගැනෙති. එනිසා මෙම ද්වි මණ්‌ඩලයම එකිනෙකට වගකියන අන්දමේ පාලන අධිකාරීන් දෙකක්‌ ලෙස එකිනෙකට සම්බන්ධව පවතී.


පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයක ලක්‌ෂණ :


1. පාර්ලිමේන්තුවේ බහුතර ස්‌ථාවර පැහැදිලි බලය ආණ්‌ඩුවට හිමිවීම :


වැඩි ආසන සංඛ්‍යාවක්‌ ලබාගන්නා පක්‌ෂය විසින් අගමැති ප්‍රමුඛ විධායකය සැදුම්වන නිසා ද්වි පක්‌ෂ ක්‍රමයක ඉතා පැහැදිලිවත්, බහු පක්‌ෂ ක්‍රමයකදී නායකත්වය ගැනීමෙන් අගමැති ඇතුළු ආණ්‌ඩු පක්‌ෂයට පාර්ලිමේන්තුවේ බලය හිමි වේ.


2.  සාමූහික වගකීම :


කැබිනට්‌ මණ්‌ඩලයේ සාමූහික වගකීම පාර්ලිමේන්තු ක්‍රමය තුළ දක්‌නට ලැබෙන විශේෂම ලක්‌ෂණයයි. කිසියම් මතයකට ඇමතිවරයෙකු පුද්ගලිකව එකඟ නොවූවත් කැබිනට්‌ මණ්‌ඩලය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ සඳහා එකඟතාව පලකළ යුතුය. කැබිනට්‌ මණ්‌ඩලය තුළදීත් ඉන් පිටතදීත් කැබිනට්‌ තීරණවලට විරුද්ධ ප්‍රකාශ කිරීමට මෙම වගකීම යටතේ ඇමතිවරුන්ට නොහැක.


3. අමාත්‍ය මණ්‌ඩලය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් යුක්‌ත වීම


අගමැති ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගත යුතුය. එම කණ්‌ඩායමේ නායකයා අගමැති ලෙස තෝරාගනු ලැබේ.


රජයේ නායකයා නාමික තත්වයක්‌ දැරීම :


බොහෝවිට පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය පවතින රටවල රාජ්‍යනායකයා නාමික විධායක තත්වයක්‌ දරයි. ළුදාහරණයක්‌ ලෙස, මහා බ්‍රිතාන්‍යයේ රැජින රාජ්‍යනායිකාව ලෙස පිළිගැනෙතත් ඇයට ඇත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන අණපනත්වලට අනුමැතිය දීම පමණකි. මේ හැර ජපානය, ඩෙන්මාර්කය සහ ස්‌වීඩනය වැනි රටවල ද රාජ්‍යය නායකයා රජු හෝ රැජිනක වන අතර නාමික වශයෙන් විධායක බලය හිමි වී ඇත. ඉන්දියාවේ ජනාධිපතිවරයා ද මෙසේ නාමික විධායක බලයක්‌ හිමි රාජ්‍ය නායකයෙකි. පූර්ණ බලය හිමිව ඇත්තේ අගමැති ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයටයි.


4.  දේශපාලන පක්‌ෂ අතර ඇති සම්බන්ධය :


පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය රදා පවතින්නේ දේශපාලන පක්‌ෂ ක්‍රමය මතය. ඝහජන ඡන්දයෙන් බහුතර ආසන ගණනාවක්‌ දිනාගන්නා මන්ත්‍රීවරුන්ගෙන් ආණ්‌ඩුපක්‌ෂය සැදුම්වන අතර සෙසු පක්‌ෂ, විපක්‌ෂය ලෙස පෙනී සිටී. මෙනිසා ආණ්‌ඩුපක්‌ෂයේ කටයුතු දෙස විමසිල්ලෙන් බලා සිටින නිසා ඔවුන්ගේ විවේචන වලින් මිදී කටයුතු කිරීමට ආණ්‌ඩුපක්‌ෂය වගබලා ගනී. එමෙන්ම විපක්‌ෂය ද ඊළඟ මැතිවරණයෙන් බලය ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් කටයුතු කරන නිසා ක්‍රියාශීලිව පාර්ලිමේන්තුව තුළ කටයුතුවලට සම්බන්ධ වෙයි. එනිසා දේශපාලන පක්‌ෂ අතර ඇති ක්‍රියාශීලි බව පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය තුළ දක්‌නට ඇති විශේෂ ලක්‌ෂණයයි.


5.  ආණ්‌ඩුවට අත්තනෝමතික වීමට ඇති නොහැකියාව


පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයක ඇති තවත් විශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ පාලක පක්‌ෂය වන ආණ්‌ඩුව නිරතුරුවම පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටීමයි. විශ්වාස භංහ යෝජනාවකින් පාර්ලිමේන්තුවේ ආණ්‌ඩුව සතු බලය බිඳ දැමීමට විපක්‌ෂ මන්ත්‍රීවරුන්ට හැකිය. වැඩි ඡන්දයකින් ආණ්‌ඩුපක්‌ෂයේ පාලනයට විරුද්ධව යෝජනා සම්මත වුවහොත් ආණ්‌ඩුව ඉල්ලා අස්‌වීම හෝ විසුරුවා හැරීම කළයුතුය. එසේම අමාත්‍යවරුන්ටද විරුද්ධව චෝදනා එල්ලවුවහොත් ඔවුන්ට ඉල්ලා අස්‌වීමට සිදුවේ. එනිසා පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය තුළ ආණ්‌ඩුවට සද්භාවයෙන් ක්‍රියා කිරීමට සිදුවන අතර අත්තනෝමතික පාලනයක්‌ ගෙනගිය නොහැකිය.


6.  ව්‍යවස්‌ථාදායකය සහ විධායකය එකිනෙක මත රඳා පැවතීම


පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයේ මූලික සිද්ධාන්තයක්‌ ලෙස සලකන්නේ ව්‍යවස්‌ථාදායකය තුළින් විධායකය තේරීපත්වීමයි. මෙනිසා විධායකයේ කටයුතු සම්බන්ධව ව්‍යවස්‌ථාදායකය ද වගකීමට බැඳී සිටී. විධායකය බලය අත්තනෝමතිකව හසුරුවයි නම් පාලනය හිතුවක්‌කාරි වේනම් ඔවුන් ඉවත් කිරීමේ බලය ව්‍යවස්‌ථාදායකයට හිමිවේ. මෙය විධායකයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකින් ව්‍යවස්‌ථාදායකයට ඉටුකළ හැකිය. එමෙන්ම ව්‍යවස්‌ථාදායකය විධායකයට සහාය නොදෙන අවස්‌ථාවලදී ද එය විසුරුවා හැරීමේ වලය විධායකය සතුවේ. මෙහිදී අගමැති විසින් ව්‍යවස්‌ථාදායකය විසුරුවා හැර නව මැතිවරණයක්‌ පවත්වන මෙන් නාමමාත්‍රික විධායකයට උපදෙස්‌ දිය හැකිය. මෙය යම් ආකාරයක ව්‍යවස්‌ථාදායකය පාලනය කිරීමකි. මෙනිසා ව්‍යවස්‌ථාදායකය සහ විධායකය යන ආයතන දෙක එකිනෙක මත පාලනය වන ආයතන දෙකක්‌ බවට පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය තුළ පවතී.






































පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයේ වාසි


පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයේ අවාසි

* සාමූහික මණ්‌ඩලයක්‌ ලෙස ක්‍රියා කිරීම. * ආණ්‌ඩුපක්‌ෂය බලවත් වූ විට විපක්‌ෂය දුර්වල වීම
* මහජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කිරීම. * තීන්දු ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී වැඩි කාලයක්‌ ගතවීම.
* බලය නම්‍යශීලි ලෙස භාවිත කිරීම * ආණ්‌ඩු පක්‌ෂයට බහුතරයක්‌ නොලැබුණු විට ආණ්‌ඩුව අස්‌ථාර වීම.
* ඇමතිවරුන්ට තම දක්‌ෂතාවන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම. * බහු පක්‌ෂ ක්‍රමයක ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සෑම පක්‌ෂයකම අවශ්‍යතා ඉටුකිරීමට යාමෙන් ප්‍රතිපත්තිමය තීරණවලට බාධා පැමිණවීම.
* ව්‍යවස්‌ථාදායක සහ විධායකය අතර අන්‍යාන්‍ය සම්බන්ධතාවය.
* දේශපාලනික වශයෙන් වෙනස්‌වන තත්වයන්ට අනුව හැඬගැසීමට ඇති හැකියාව. * ඇමතිවරු මහජන නියෝජිතයින් වන නිසා ඔවුහු ප්‍රාදේශීය වශයෙන් තම මන්ත්‍රී ආසන රැකගැනීමට වඩාත් නැඹුරුව ක්‍රියා කිරීම නිසා පාලන කටයුතුවලට බාධා පැමිණ වීම.
* ආණ්‌ඩුවට අත්තනෝමතික ලෙස පාලනය කළ නොහැකි වීම. * මන්ත්‍රීවරුන්ට ආණ්‌ඩුපක්‌ෂයෙන් ඉවත් වී ඕනෑම අවස්‌ථාවක විපක්‌ෂයට එකතු වීමේ හැකියාව ලැබීම නිසා ආණ්‌ඩුව අස්‌ථාවර වීම.
* දේශපාලන වශයෙන් අනාගත නායකත්වයට අවශ්‍ය පුහුණුව දේශපාලඥයින්ට ලැබීම. * ව්‍යවස්‌ථාදායකය තුළ නිරතුරුවම උණුසුම් වාතාවරණයක්‌ ඇතිවීම.
* ආණ්‌ඩුවට බහුතර බලයක්‌ නොමැති අවස්‌ථාවක මැතිවරණයකට නොයා විකල්ප ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ හැකියාව. ඒ සඳහා විපක්‌ෂ නායකවරයාට ආරාධනය කිරීමට රාජ්‍යයේ ප්‍රධානියාට හැකිය. * පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා සහ වාද විවාද පැවැත්වීම මඟින් කාල යඅපතේ යාම.
* ලෝකයේ දැනට ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්‌ෂාවන ක්‍රමයක්‌ වීම.  * ඇමතිවරු ස්‌වකීය විෂය ක්‌ෂේත්‍රය ගැන අඩු අවබෝධයකින් යුක්‌ත වන විට නිලධාරිවාදය ඉස්‌මතුවීම.





 

 

(c) Shilpa Sayura Foundation 2006-2017