ව්‍යවස්‌ථාදායකය
ව්‍යවස්‌ථාදායකය ආණ්‌සුවක ඉතාම වැදගත් පාලන ඒකකය වේ. මෙය රාජ්‍යයක නීති පනවනු ලබන ආයතනය වේ. පැරණි කාලයේ නීතිපැනවීමේ, නීති ක්‍රියාත්මක කරවීමේ සහ අධිකරණයමය බලය රජු වටා සංකේන්ද්‍රණය වී පැවතුනි. 1688 බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද "අයිතිවාසිකම් පනත" මගින් රජතුමා සතු මෙම බල ඒකාධිකාරය සීමා කරන ලදී. ණූතන ව්‍යවස්‌ථානුකුල වාදයේ පියා වශයෙන් සලකනු ලබන ජෝන් ලොක් සිවිල් ආණ්‌ඩුවේ ව්‍යුහය ව්‍යවස්‌ථාදායක, විධායක සහ අධිකරණ යන ආයතන තුනෙන් සමන්විත විය යුතු බැව් අවධාරණය කළේය. රාජ්‍යයේ නීති සම්පාදනය කිරීමේ උත්තරීතර බලය හිමිවන්නේ ව්‍යවස්‌ථාදායකටය. ව්‍යවස්‌ථාදායකය එම බලය ජනතා පරමාධිපත්‍යයට යටත්ව ක්‍රියාත්මක කළ යුතුය. යඑට හේතුව ඡන්දබලය මඟින් ජනතාව තම පරමාධිපත්‍ය බලය ව්‍යවස්‌ථාදායකයට පවරා ඇති බැවිනි. ව්‍යවස්‌ථාදායකය සමන්විත වන්නේ ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයන්ගෙනි. එම නිසා පුරවැසියන් සතු බලය පවරා ඇති ආයතන ලෙස ව්‍යවස්‌ථාදායකය රටෙහි ඇති උත්තරීතර ආයතනය වේ.
ව්‍යවස්‌ථාදායකය නීති පැනවීමේ දී පිළිපැදිය යුතු කරුණු :
* මෙම නීති රාජ්‍යයේ සියලුම දෙනාටම පිළිගත හැකි පොදු නීති විය යුතුය.
* පනවනු ලබන නීති ජනතාවගේ සුභ සිද්ධිය අරභයා විය යුතුය.
* බදු පැනවීම, දේපල ආණ්‌ඩුවට පවරා ගැනීම වැනි නීති ජනතාවගේ අනුමැතිය ඇතිව ඉටු කිරීම කළ යුතුය.
* ව්‍යවස්‌ථාදායකයේ බලය ආරක්‌ෂා වන අන්දමින් නීති පැනවීම සහ ක්‍රියාවේ යෙදවීම.
විවිධ රටවල ව්‍යවස්‌ථාදායකය විවිධ නම් වලින් හැඳීන්වේ
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය –- "පාර්ලිමේන්තුව" නමින් හදුන්වයි.
ඇමෙරිකාව - "කොංග්‍රස් මණ්‌ඩලය" නමින් හදුන්වයි.
සෝවියට් දේශය - "උත්තරීතර සෝවියට් සභාව" නමින් හදුන්වයි.
ව්‍යවස්‌ථාදායකය සතු කාර්ය සහ බලතල
1. රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ බලය, මෙනිසා ව්‍යවස්‌ථාදායකය සතු බලය උත්තරීතර වේ. පළාත් පාලන ආයතන හා දෙපාර්තමේන්තු ආදියෙන් පනවන ලද අනු නීති අවලංගු කිරීමේ බලය ද ව්‍යවස්‌ථාදායකය සතු ය.
2. අයවැය පාලනය කිරීම ද ව්‍යවස්‌ථාදායකය සතු කාර්යයකි. රජයේ මුදල් වැයකිරීමට සහ ඒවා කොපමණ ප්‍රමාණයක් අවශ්‍යවේ දැයි සලකා බැලීමේ බලය ව්‍යවස්‌ථාදායකයට හිමිවේ. එමෙන්ම ව්‍යවස්‌ථාදායකයේ අනුමැතියෙන් තොර බදු පැනවීම සහ රාජ්‍ය අරමුදල් වියදම් කිරීමට ද නොහැක.
3. විධායකය පාලනය කිරීමේ බලය ද ව්‍යවස්‌ථාදායකය සතු කාර්යයකි. නමුත් පූර්ණ බලය සහිත ජනාධිපති ආණ්‌ඩුක්‍රමයක මෙම තත්වය තරමක් සංකීර්ණය. නමුත් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම, ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුමැතිය නොදීම, වැනි කටයුතු වලින් තරමක් දුරට පාලනය කළ හැකිය. කැබිනට් ආණ්‌ඩුක්‍රමයක් තුළ විධායකය බිහිවන්නේ ව්‍යවස්‌ථාදායකය තුළිනි. එනම් මන්ත්‍රී මණ්‌ඩලය තුලින්ම ඇමතිවරු සහ අගමැති පත් කෙරේ. මෙම කැබිනට් ඇමතිවරු සාමූහික වගකීමට බැඳී සිටී. එනිසා ප්‍රශ්න ඇසීම විවේචනය කිරීම ආදී ක්‍රම වලින් විධායකය පාලනය කිරීමට ව්‍යවස්‌ථාදායකයට හැකිය.
4. අධිකරණ කටයුතු යම් ප්‍රමාණයකට ඉටු කිරීමේ බලය ද සමහර රටවල ව්‍යවස්‌ථාදායකය සතුවේ. ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කිරීම සෙනෙට් සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිතුමා ඉටු කරයි. එංගලන්තයේ ඉහළම අධිකරණය සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ රාජාධිකරණයයි. ඉහළ උසාවි වල විනිශ්චය කරුවන්ගේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කිරීම සඳහා ඔවුන් සේවයෙන් පහ කිරීමේදී ව්‍යවස්‌ථාදායකයේ අනුමැතිය ලබාගැනීම ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ ආණ්‌ඩුක්‍රම තුළ ක්‍රියාත්මක වන්නකි.
5. පත්කිරීමේ කාර්යයන් සඳහා සමහර රටවල ව්‍යවස්‌ථාදාකයේ මැදිහත් වීමෙන් ඉටුකරනු ලබයි. ඉන්දියාවේ ජනාධිපති, උප ජනාධිපති පත්කරනුයේ ප්‍රාන්ත රාජ්‍යවල අනුමැතිය ඇතිව පාර්ලිමේන්තුව විසිනි. රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත්කරනුයේ ව්‍යවස්‌ථාදාකය මගිනි. ස්‌විට්‌සර්ලන්තයේ විධායකය වූ ෆෙඩරල් කවින්සලයටත්, ෆෙඩරක් අධිකරණයේ සාමාජිකයන් පත් කිරීම ද ව්‍යවස්‌ථාදාකය මගින් කෙරේ.
6. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේ පූර්ණ බලය හිමිවන්නේ ද ව්‍යවස්‌ථාදාකයටය. නම්‍ය ව්‍යවස්‌ථාවන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ඡන්දයෙන් වෙනස් කළ හැකි වුවද අනම්‍ය ව්‍යවස්‌ථා පවතින රටවල සංකීර්ණ ක්‍රියාමාර්ග තුළින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයකදී ව්‍යවස්‌ථාදාකයේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 ක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුය.
7. හදිසි තත්වයක් යටතේ මහජන ආරක්‌ෂාව පතා හදිසි අවස්‌ථා නියෝග පැනවීමේ බලය ද ව්‍යවස්‌ථාදාකයට හිමිවන්නේය.
මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුක්‍රමයක් තුල මහජනඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්‌ථාදාකය රටේ උත්තරීතර මණ්‌ඩලය ලෙස පිළිගැනෙන අතර පොදු පිළිගැනීමක් ඇති මණ්‌ඩලය ද වේ. රටින් රටට ව්‍යවස්‌ථාදාකයේ සාමාජික සංඛ්‍යාව වෙනස් වේ. නූතන ව්‍යවස්‌ථාදාකයේ වැදගත් කාර්යයක් වන්නේ අනාගත දේශපාලඥයන් පුහුණු කිරීමේ ආයතනයක් බවට පත්වී තිබීමය.
විධායකය :
පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය තුළ අගමැති ප්‍රධාන කැබිනට් මණ්‌ඩලය විධායකය ලෙස සලකනු ලැබේ. ජනාධිපති ආණ්‌ඩුක්‍රමයක් පවතින රටවල ජනාධිපතිවරයා විධායකය ලෙස සැලකේ. දේශපාලන බලය හිමි මෙම විධායකය සක්‍රීය ලෙස පාලන කටයුතු වලට සම්බන්ධ වේ. එමෙන්ම සමහර රටවල නාමික බලයක් සහිත විධායකයක් ද වේ. නිදසුනක් වශයෙන් එංගලන්තයේ සහ ජපානයේ ඇති පාරම්පරික රාජ්‍යයත්වය නාමික විධායකය ලෙස සලකන අතර රජු හෝ රැජිනගේ නමින් විධායක කටයුතු ඉටුකරන නමුත් සක්‍රීය වශයෙන් දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොවේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්‌ඩලය විධායකය ලෙස සලකනු ලබයි.
කැබිනට් මණ්‌ඩලය සහිත බලයක් ඇති ආණ්‌ඩුක්‍රමයක විශේෂ ලක්‌ෂණ කිහිපයක් වේ. පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත් පක්‌ෂය ආණ්‌ඩු පක්‌ෂය වන අතර එම පක්‌ෂයේ නායකයා අගමැතිධූරයට පත්වන අතර ඔවුන් අතුරින් ඇමතිවරුන් තෝරාගනු ලබයි. මෙම ඇමතිවරු සහ අගමැති කැබිනට් මණ්‌ඩලයට අයත් වෙයි. එබැවින් කැබිනට් මණ්‌ඩලය පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටී. මෙය කැබිනට් මණ්‌ඩලයේ "සාමූහික වගකීම" නම් වෙයි.
විධායකය : 1. ස්‌ථීර විධායකය
2. දේශපාලන විධායකය
මෙසේ විධායකය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. ස්‌ථීර විධායකය යනු රට තුළ පවතින සිවිල් සේවයයි. පොදුවේ පිළිගත් නීති පද්ධතියක් රටතුළ දේශපාලන විධායකය ගන්නා තීරණ ක්‍රි`වට නැංවීම ස්‌ථීර විධායකයෙන් කෙරෙයි.
දේශපාලන විධායකය මහජනතාව මගින් තෝරාපත් කරගන්` ලද ආණ්‌ඩුව ප්‍රමුඛ දේශපාලන කණ්‌ඩායම නියෝජනය කරයි. මොවුන් නිශ්චිත කාලයකට පත්වන අතර ස්‌ථීර නොවේ. නමුත් මෙම කණ්‌ඩායම විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාවට නංවනු ලබන්නේ ස්‌ථීර විධායකයේ නිලධාරින් විසිනි.
විධායකය සතු බලතල :
1. රාජ්‍ය සේවය පාලනය කිරීම විධායකය සතු මූලික කටයුත්තකි. සිවිල් සේවය හරහා රජයේ දෙපාර්තමේන්තු වල කටයුතු අධීක්‌ෂණය කළ හැකිය.
2. නියෝග නිකුත් කිරීමේ බලය ද විධායකය සතුය. රාජ්‍ය සේවය කාර්යක්‌ෂමව පවත්වා ගැනීමට නම් අවශ්‍ය නීතිරීති පැනවීමේ බලය විධායකයට හිමිවිය.
3. රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය පුද්ගලයන් පත් කිරීම, මාරු කිරීම සහ සේවයෙන් ඉවත් කිරීමේ බලය ද විධායකය මගින් කෙරේ. මෙමගින් ඒකාබද්ධ රාජ්‍ය සේවයක් ලබාගැනීම අපේක්‌ෂා කෙරේ.
4. අයවැය පාලනය කිරීම ද විධායකය සතු තවත් වැදගත් කටයුත්තකි. අයවැය ලේඛනය ව්‍යවස්‌ථාදායකයට ඉදිරිපත් කරනු ලබන්නේ විධායකයේ අධීක්‌ෂණය යටතේය. එය ව්‍යවස්‌ථාදායකය විසින් සම්මත කළ පසුව ක්‍රියාවට නැංවීමේ බලය හිමිවන්නේ ද විධායකයටය. ධනම් අමාත්‍යවරු ප්‍රමුඛ ඒ ඒ අමාත්‍යාංශ වලිනි.
5. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පාලනය කිරීම ද විධායකය සතු තවත් වැදගත් කාර්යයක් වේ. රටක ජනාධිපතිවරයා සේනාධිනායක ලෙස හැඳින්වේ. යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීම, හමුදා නලධාරින් පත් කිරීම, උසස් කිරීම්, ඉවත් කිරීම් මෙන්ම නියෝග නිකුත් කිරීම, හදිසි අවස්‌ථාවන් ප්‍රකාශ කිරීම ආදය විධායකය සතු කාර්යයන් වේ. ඕනෑම රටක ජාතික ආරක්‌ෂාව තහවුරු කිරීම සහ නීතිය සහ සාමය පවත්වා ගැනීම විධායකය සතු ප්‍රධානතම කාර්යය වේ.
6. විදේශ කටයුතු හා සම්බන්ධ රාජතාන්ත්‍රික කටයුතු පාලනය කිරීම විධායකය සතු තවත් වැදගත් කටයුත්තකි. විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීම. අන්තර්ජාතික වශයෙන් තම රටෙහි ස්‌ථාවරය පැහැදිලි කිරීම මෙන්ම රට නියෝජනය කිරීම, විදේශ තානාපතිවරුන් පිළිගැනීම සාමගිවිසුම් වලට එළැඹීම ආදිය රාජතාන්ත්‍රික වශයෙන් කැබිනට් මණ්‌ඩලය විසින් ඉටුකරනු ලැබේ.
7. අවධාරිත බලතල යනුවෙන් ද විධායකය යම් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. මෙය ව්‍යවස්‌ථාදායකයේ කටයුතු පුළුල්වීම නිසා වැඩකටයුතු කාර්යක්‌ෂමව ඉටුකර ගැනීමට යම් ප්‍රමාණයක අතුරු නීති පැනවීමේ බලය විධායකයට පවරා තිබීමය. එමෙන්ම විශේෂඥ දැනුමක් අවශ්‍ය කටයුතු වලදී ක්‍රියාත්මක වීමට විධායකයට බලය පවරා ඇත. ලංකාවේ සුනාමි ව්‍යවසන අවස්‌ථාවේ විධායකය ස්‌වකීය බලය මෙසේ ක්‍රියාවට නැංවීය. අවස්‌ථාවෝචිත පරිදි ක්‍රියාත්මක වීමට ද විධායකයට බලය හිමිවේ. යම් ගැටළු සහගත අවස්‌ථාවකදී ව්‍යවස්‌ථාදායකය හරහා තීරණයක් ගැනීමට විශාල කාලයක් වැයවේ. මෙනිසා ප්‍රවීණ දේශපාලඥයන්ගෙන් යුත් විධායකයට කෙටි කාලයක් තුළ එවැනි තීරණවලට එළැඹීමේ හැකියාව ඇත. මෙමගින් රාජ්‍ය සේවාව කඩිනම් කරයි. හදිසි අවස්‌ථාවන්හි දී තීරණ ගැනීමේ බලය ද විධායකය සතුය.
8. සමාව දීමේ කාර්ය භාරය ද විධායකය සතු තවත් විශේෂ කටයුත්තකි. වරදකරුවන්ට සමාව දීම, දඬුවම් කල්දැමීම මෙන්ම දඬුවම් සංශෝධනය ද නූතන විධායකයට ඉටුකළ හැකි කටයුත්තකි.
මෙම කරුණු අනුව සලකා බලන විට නූතන විධායකය සතු කාර්ය භාරය පුළුල් වෙමින් පවතින බව පෙනේ. ඉහත දැක්‌වූ බලතලවලට අමතරව ව්‍යවස්‌ථාදායකයේ සැසිවාර කැඳවීම, කල්තැබීම මෙන්ම විසුරුවා හැරීමේ බලය ද බොහෝ රටවල විධායකයට හිමිවී තිබේ. මෙනිසා ව්‍යවස්‌ථාදායකයේ කාර්යභාරය අභිබවා යමින් විධායකයේ කටයුතු වල පරාසය විශාල වෙමින් පවතින බව විද්වතුන්ගේ මතයයි.
අධිකරණය :
ප්‍රජාතන්ත්‍රවාදී රටක විස්‌වසනීයත්වය පෙන්නුම් කරන ප්‍රධාන සාධකය වන්නේ අධිකරණයයි.
"අධිකරණයේ කාර්යභාරය වන්නේ යුක්‌තිය පසිඳලීමයි" - විශ්වකෝෂය
"ඕනෑම රටක දේශපාලන ශිෂ්ටභාවය පිළිබිඹු වන්නේ රජය සහ පුරවැසියන් නීතිය මගින් සත්‍යවාදීව මෙන් ම යුක්‌තිගරුකව පාලනය වන්නේ ද යන ක්‍රියාකාරිත්වය මතය." - බ්‍රසිස් සාමිවරයා
"පුද්ගලයන් රාජ්‍යය, දේශපාලන සහ සමාජයීය විෂමතාවන් කොතරම් තිබුණ ද යුක්‌තිය සැමට සමානවීමත් බියෙන් සහ සැකයෙන් තොරව තීන්දු ප්‍රකාශ කිරීමේ බලය උසාවි වලටත් හිමිවිය යුතුය." - ටැෆ්ටි
"අධිකරණය ස්‌ථාපිත කිරීමේ උදාර අරමුණ සඵලවීමට විනිසුරුවරුන් උගත්, බුද්ධිමත් මෙන්ම අවංක අය ද විය යුතුය." - ගානර්
ව්‍යවස්‌ථාදායකය සහ විධායකය මගින් පනවනු ලබන නීති විවරණය කිරීමේ කාර්යභාරය අධිකරණය වෙත පැවරී ඇත. රජය මිනිස් අයිතිවාසිකම් සුරැකීමට බැඳී සිටී. එබැවින් එම අයිතිවාසිකම් රැකදීමටත් ඒවා කඩවන අවස්‌ථාවන්හි දී අදාළ පියවර ගැනීමට උපදෙස් දීමටත් ආයතනයක් තිබිය යුතුය. අධිකරණය මගින් ඉටුවන්නේ එම කාර්යය භාරයයි. ධනිසා නීතියේ සමාන ආරක්‌ෂාව රටවැසියන් සියළු දෙනාටම එක සේ ලැබිය යුතුය. එසේ ලැබීමට නම් ව්‍යවස්‌ථාදායකයේ සහ විධායකයේ අනවශ්‍යය බලපෑම් වලින් තොරව නිදහස් ව තිබිය යුතුය. එනිසා අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‌ෂාවීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා වීම ද වෙයි. නීතිය ඉදිරියේ පුරවැසියන් සියලුදෙනාගේ අයිතිවාසිකම් මෙන්ම ආරක්‌ෂාව ද සමාන ලෙස සහතික කිරීම සඳහා අධිකරණය ස්‌වාධීන ආයතනයක් ලෙස පවතී. එමෙන්ම විධායකයේ අනවශ්‍ය බලපෑමෙන් ද පුරවැසියන් මුදවා ගැනීමට අධිකරණයේ ස්‌වාධීනත්වය පැවතිය යුතුය.
අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්‌ඩික්‍රම ව්‍යවස්‌ථාවෙන්ම විධිවිධාන යොදා ඇත.
1. විනිශ්චයකාරවරුන් පත්කිරීම.
2. ඔවුන්ගේ සේවය සුරක්‌ෂිත කිරීම.
3. ඔවුන්ගේ වැටුප් ඒකාබද්ධ අරමුදලින් ගෙවීම.
4. ව්‍යවස්‌ථාදායකයේ හෝ විධායකයේ අනවශ්‍ය මැදිහත්වීම් වලින් තොරව කටයුතු කළ හැකිය.
5. පහළ උසාවිවල විනිශ්චයකාරවරුන් පත්කිරීම, උසස්‌කිරීම් හා මාරුකිරීම් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් ඉටුකරීම.
6. විශ්‍රාම ගන්නා වයස අවු. 60-70 දක්‌වා දීර්ඝ කර පැවතීම.
මෙවැනි කරුණු මගින් විනිශ්චයකාරවරුන්ගේ තනතුරු සහ වැටුප් සම්බන්ධව කිසිදු ආයතනයකට බලපෑම් කළ නොහැකිය. මෙමඟින් අපක්‌ෂපාතී සේවයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙයි. එමෙන්ම කිසිදු අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් විවේචනය කිරීම හෝ විනිශ්චයකාරවරයෙකු විවේචනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
අධිකරණයේ කාර්යභාරය :
1. නීතිය අර්ථකථනය කිරීම, නීතිය අපැහැදිලි වූ අවස්‌ථාව කඑය විවරණය කොට අදාළ නෛතික ප්‍රතිපාදන පෙන්වාදීම අධිකරණ සතු කාර්යයකි.
2. පුරවැසි අයිතීන් සුරැකීම, ඕනෑම රටක මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමට අධිකරණය ක්‍රියා කරයි.
3. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නීතිමය අංශය විවරණය කොට එය ආරක්‌ෂා කිරීම මෙන්ම එයට පටහැනි නීති අහෝසි කිරීමේ බලය අධිකරණය සතුය.
4. නඩු විභාග කිරීම, සිවිල් නඩු සහ අපරාධ නඩු විභාග කිරීම සහ දඬුවම් කිරීම අධිකරණය සතු කටයුත්තකි.
5. නීති උපදෙස් ලබාදීම, අවශ්‍ය වූ විටෙක නඩු පැවරීමට, ව්‍යවස්‌ථාදායක සහ විධායකයට ගැටලු පැනනැගුනු අවස්‌ථාවල ඒවා නිරාකරණය කරගැනීමට අධිකරණ සහාය පතා සිටී.
6. ප්‍රාන්ත රාජ්‍ය සහ මධ්‍ය ආණ්‌ඩුව අතර ඇතිවන නීතිමය අපැහැදිලිතාවයන් නිරාකරණය කිරීමද අධිකරණය සතු කාර්යයක් වේ.
7. අධිකරණය සතු අනෙකුත් කාර්යයන් අතර බාලවයස් කරුවන් වෙනුවෙන් භාරකරුවන් පත්කිරීම මැතිවරණ පෙත්සම් විභාගය, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම් විභාග කිරීම, හබයාස්‌කෝපූස් සර්ටියෝරාරි, මැන්ඩාමූස්, ප්‍රොඩෙට්, නෛසයි වැනි ආඥා නිකුත්කිරීමේ බලය අධිකරණය සතු වේ.