ඒකීය රාජ්‍යය :
ඒකීය ආණ්ඩුක්‍රමයක් සහිත රාජ්‍යයක් ලෙස හදුන්වන්නේ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන පාලන බලතල එකම ආණ්ඩුවක් වටා සංකේන්ද්‍රණය වී ඇති ආණ්ඩුක්රමයකටය. ඒකීය ආණ්ඩුක්රමයන්ට උදාහරණ ලෙස මහා බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව දැක්විය හැකිය. බැලූ බැල්මට මෙම ආණ්ඩුක්රමය සරලය. ක්‍රියාත්මක වීමේදී බලපෑම් වලට යටත් නොවී කටයුතු කළ හැකිය. ක්‍රියාත්මක වීමේදී ගැටුම් අවම වේ.
ඒකීය රාජ්‍යයක වාසි :
මධ්‍යගත පාලනය මෙහි විශේෂ ලක්ෂණය වේ. එනිසා පරිපාලනමය කටයුතු කාර්යක්ෂමව ඉටුකරගැනීමට හැකි වේ. බලය ක්‍රියාත්මක කිරීමේදී පැහැදිලි ස්වරූපයක් දක්නට ඇත. නීතිමය සහ පරිපාලනමය කටයුතු වලදී ගැටුම් ඇති වීම අවම තත්වයක පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර බව ආරක්ෂාවීම මෙම ක්‍රමය තුළින් දැකිය හැකිය. ඒකීය රාජ්‍යයක් තුළ පවතින ආණ්ඩුව සැමවිටම ශක්තිමත් ස්වභාවයෙන් යුක්ත වේ. තීරණ ගැනීමේදී සැමවිටම ක්‍රියාශීලි ස්වභාවයක් ගනී. බාහිර බලපෑම් වලින් තොරය.
ඒකීය රාජ්‍යයක අවාසි :
බහු වාර්ගික, බහු ආගමික ජන සමාජයක් ඇති විට ඔවුන්ගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතාවන් විවිධ වේ. එම අවශ්‍යතාවන් සඳහා ක්‍රියා කිරීමේදී පාලන තන්ත්රය නම්‍යශීලි විය යුතුය. එසේ නොවූනහොත් ජනතාවට සිදුවන අසාධාරණකම් ඉදිරියේ ඔවුන් ඉච්චාභංගත්වයට පත්ව ප්‍රචණ්ඩත්වයට පවා යා හැකිය. නිදසුනක් ලෙස, ඔවුන්ගේ සිතුම් පැතුම්, සංස්කෘතික අංග ආරක්ෂාවන අන්දමේ පරිපාලනයක් මධ්‍යම ආණ්ඩුවෙන් ඉටු නොවේය යන්නයි. එබැවින් ඒකීය රාජ්‍යයක් තුළ රාජ්‍යයේ සෑම ජන කොට්ඨාශයකගේම සිතුම් පැතුම් පරිපාලනය මගින් ඉටු නොවේ.
සන්ධීය ආණ්ඩුක්රමය :
සන්ධීය ආණ්ඩුක්‍රමයක් යනු බලය විමධ්‍යගත කිරීමේ ආණ්ඩුක්‍රමයයි. මෙහිදී ප්‍රාන්ත ආණ්ඩු රැසකට බලය විමධ්‍යගත කොට මධ්‍යම ආණ්ඩුවෙන් ඒවා මෙහෙයවීම ප්‍රධාන වශයෙන් කෙරෙයි.
රුපය |
සන්ධීය ක්‍රමය යටතේ බලය බෙදා හැරීම
සන්ධීය ආණ්ඩුක්‍රමයක් ගොඩනැගෙන්නේ ප්‍රාන්ත රාජ්‍ය ගණනාවක් මධ්‍ය ආණ්ඩුව වටා ඒකරාශි වීමෙනි. උදාහරණ ලෙස, ඇමෙරිකාවේ ප්‍රාන්ත රාජ්‍යවලට බලය බෙදා හැර ඇති අතර මධ්‍යම ආණ්ඩුව ප්‍රධාන කටයුතු මෙහෙයවයි. ඉන්දියාවේ ද ඇත්තේ මෙසේ බලය බෙදා හැර පාලනය කරන ක්‍රමයයි. ස්වීට්සර්ලන්තය ද මෙසේ සංධීය ආණ්ඩුක්‍රමයක් යටතේ පාලනය ගෙනයන රාජ්‍යයකට උදාහරණයකි. සන්ධීය ආණ්ඩුක්රමය පවතින රාජ්‍යවල බලය බෙදා හැරීම ගැන ලිඛිත ව්‍යවස්ථාවකින් තහවුරු කර තිබීම වැදගත්ය. නැතහොත් ප්‍රාන්ත ආණ්ඩු සහ මධ්‍ය ආණ්ඩුව අතර ගැටුම් ඇතිවිය හැකිය.
සන්ධීය ක්රමයේ වාසි
* සන්ධීය ආණ්ඩුක්රමයක මූලික පරමාර්ථය වන්නේ බහුවාර්ගික, බහු ආගමික මෙන්ම භුගෝලීය වශයෙන්ද දුරස්ථව පවතින ප්‍රදේශවලට ද සාධාරණය ඉටුවන අයුරින් බලතල බෙදා හැර ඔවුන්ගේ ස්වයං පාලනයක් තරමක් දුරට ගෙනයාමට හැකි අවස්ථාවක් උදාකරලීමයි. මෙමඟින් බහුවිධ සමාජ කටයුතු මනාව ඒකරාශි කිරීමක් කෙරේ.
* බහුවාර්ගික ආගමික සාමාජික රටවල ජනතාවට සාධාරණත්වයක් ඉටුවෙයි.
* රටේ සංවර්ධන කටයුතු වඩාත් ඵලදායී අන්දමට ඉටුකර ගත හැකි වේ.
* සුළු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වන අතර ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව කටයුතු කිරීමට හැකිවෙයි.
* මධ්‍ය රජයේ කාර්ය භාරය ලිහිල් වෙයි.
* දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ජනතාව සක්‍රීයව සහභාගි කරවා ගත හැකිය.
* පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ද වඩා සමීප අයුරින් හැසිරවීම හැකියාව ලැබෙයි.
* ප්‍රාදේශීය වශයෙන් සංවර්ධන කටයුතු කරගෙනයාමේ පහසුව ලැබෙයි.
සන්ධීය ක්රමයේ අවාසි
* ප්‍රාන්ත ආණ්ඩු බලවත් වු විට මධ්‍ය ආණ්ඩුවේ බලය ඉක්මවා කටයුතු කළ හැකිය.
* හදිසි අවස්ථාවලදී මධ්‍ය ආණ්ඩුවට ක්ෂණික තීරණ ගැනීමේ අවස්ථාවලදී ගැටළු සහගත විය හැකිය.
* සන්ධීය ආණ්ඩුක්රමය සංකීර්ණ ක්‍රියාදාමයක් නිසා ආණ්ඩුවට නිරතුරුව වගකීමෙන් හා විමසිල්ලෙන් කටයුතු කළ යුතු වීම.
* ව්‍යවස්ථාමය කරුණු වලදී ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවුණහොත් දේශපාලන වශයෙන් ගැටුම් ඇතිවීමේ අවස්ථා ඇති විය හැකිය.
* කුඩා ප්‍රාන්ත රාජ්‍ය වලට ආරක්ෂාව සපයා ගැනීමේ අපහසුතාවය පැන නගී.
* සන්ධීය රාජ්‍ය තුළින් පත්වන නියෝජිතයන් මධ්‍ය ආණ්ඩුව නියෝජනය කරන විට බහුතරයක් එක් පක්ෂයකින් නොවූ විට මධ්‍ය ආණ්ඩුව තුළ දේශපාලන අස්ථාවර බවක් පැවතීමට ඉඩ ඇත.
* පරිපාලනමය කටයුතු සඳහා මෙසේ ද්විත්ව ආණ්ඩුක්‍රමයක් එක රටෙහිම පැවතීම නිසා විශාල ලෙස මුදල් වැයකළ යුතු වීම සහ නාස්තිය ඇතිවීම මෙන්ම ගැටුම් ඇතිවීම.
* සන්ධීය ආණ්ඩුක්රමය සංකීර්ණ වන නිසා වෙනස් කළ යුතු අවස්ථාවල කටයුතු කිරීම අසීරු වීම.